ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මැලේසියානු ජාතික කාන්තා ක්රිකට් කණ්ඩායම අද (30 දා) පෙරවරුවේදී ශ්රී ලංකාවට පැමිණියේය. පන්දුවාර විස්සයි-20 තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙනු ඇත.
තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 02 වැනිදා කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැත්වේ. ඒ අනුව දෙවැනි සහ තෙවැනි තරගය පිළිවෙළින් නොවැම්බර් 03 සහ 05 යන දෙදින කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගණයේදීද, සිව්වැනි තරගය නොවැම්බර් 07 වැනිදා එන්.සී.සී. පිටියේදීද අවසන් තරගය නොවැම්බර් 10 වැනිදා නැවතත් කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.
නොවැම්බර් මස 03 වැනිදා කෝල්ට්ස් ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගය ප.ව. 2.00 ට ආරම්භ වීම හැර අනෙක් තරග සියල්ලම පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.
නොවැම්බර් 02 – පළමු තරගය එන්. සී. සී. හිදී
නොවැම්බර් 03 – දෙවැනි තරගය කෝල්ට්ස් හිදී
නොවැම්බර් 05 – තෙවැනි තරගය කෝල්ට්ස් හිදී
නොවැම්බර් 07 – සිව්වැනි තරගය එන්.සී.සී. හිදී
නොවැම්බර් 10 – පස්වැනි තරගය කෝල්ට්ස් හිදී





