slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2025
මැලේසියානු ජාතික  පිලට එරෙහි සටනට ශ්‍රී ලංකා බාළිකා පිල නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද කණ්ඩායමේ නායිකාව ලෙසින් මනුදි නානායක්කාර කටයුතු කරන්නීය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීමේ හොඳ අවස්ථාවක් ලෙසින් මෙම තරගාවලිය යොදා ගැනෙනු ඇත. නම් කරන ලද කණ්ඩායමට ඇතුලත් ක්‍රීඩිකාවන් 15 දෙනාම ඉකුත්දා නිමාවට පත් වුණු ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ක්‍රීඩා කරන ලද ක්‍රීඩිකාවන් වේ.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ සංචිතය
නමපාසල
මනුදි නානායක්කාර (නායිකා)වේල්ස් කුමරි විදුහල – මොරටුව
සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල – රත්ගම
නෙතඟි ඉසුරාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
රශ්මිකා සෙව්වන්දිඅනුර විදුහල – මාතර
ශෂිනි ගිම්හානිදේවපතිරාජ විදුහල – රත්ගම
අසේනි තලගුණේමහාමායා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරාඋහන මහ විදුහල – අම්පාර
දනෝද්‍යා සෙව්මිණීආණමඩුව මැදි මහ විදුහල – පුත්තලම
චමුදි ප්‍රබෝධාපඤ්ඤානන්ද මහ විදුහල – මොණරාගල
ලිමන්සා තිලකරත්න 
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
රිෂ්මි සංජනාඅනුර විදුහල – මාතර
මිතලි අයෝද්‍යාරජඇළ මහ විදුහල – කන්තලේ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee