slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2025
මැලේසියා කාන්තා කණ්ඩායම 29 වැනිදා ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා පිලට එරෙහිව තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙන අතර එන්.සී.සී. සහ කෝල්ට්ස් යන ක්‍රීඩා පිටිවල තරගාවලිය පැවැත්වෙනු ඇත.

තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 02 වැනිදා එන්.සී.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අවසන් තරගය නොවැම්බර් 10 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙනු ඇත. තරගාවලිය යටතේ නොවැම්බර් මස 03 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගය ප.ව. 2.00 ට ආරම්භ වන අතර අනෙක් සියලුම තරග පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.

නොවැම්බර් 02 – පළමු තරගය එන්.සී.සී. ක්‍රීඩා පිටිය

නොවැම්බර් 03 – දෙවැනි තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටිය

නොවැම්බර් 05 – තෙවැනි තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටිය

නොවැම්බර් 07 – සිව්වැනි තරගය එන්.සී.සී. ක්‍රීඩා පිටිය

නොවැම්බර් 10 – පස්වැනි තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටිය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee