slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2025
ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීම නිසා LPL හය වැන්නට විවේකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ හය වැනි අදියර හෙවත් 2025 තරගාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අද (22 දා) නිවේදනය කර සිටියේය.  ඉදිරි 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හොඳින් සූදානම්වීමේ පුළුල් අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහත තීරණය ගෙන තිබේ.

කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරනු ලබන සියලුම ක්‍රීඩාංගණ නිසි කාල සීමාව වන විට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතුය. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ක්‍රීඩාංගණයන්හි සූදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කොට ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් උක්ත තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී වඩාත් සුදුසු කාලසීමාවකට මාරු කිරීම හරහා රට තුළ සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීටම ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

  • ප්‍රේක්ෂක ආසන සහ පහසුකම් වැඩි දියුණු කිරීම
  • ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩාගාර, පුහුණුවීම් කටයුතු කරන ප්‍රදේශ සහ අනෙකුත් පහසුකම් නවීකරණය කිරීම
  • ජාත්‍යන්තර තරග විකාශන පහසුකම් යාවත්කාලීන කිරීම සහ නව පද්ධති එකතු කිරීම
  • ගෝලීය මාධ්‍ය ආවරණය සඳහා මාධ්‍ය කුටිවල යටිතල පහසුකම් ඉහළ නැංවීම
  • බහු ජාතික තරගාවලියකට අදාළ සාමාන්‍ය ස්ථානවල අවශ්‍යතා වැඩි දියුණු කිරීම

යන පහසුකම් යාවත්කාලීන කිරීමේ කටයුතු ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණව තුළ සිදුවෙමින් පවතියි.

ඒ අතරින් දැනට පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීම හේතුවෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙන අතර එම තරගාවලිය අවසන් වූ වහාම එම ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee