ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (25දා) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි පසුගිය ශූර කොළඹ දකුණු පිල කඩුල්ලකින් පරාජයට පත් කිරීමට කොළඹ උතුරු පිල සමත් වූවේය. ඒ අනුව කොළඹ දකුණු පිලේ අපරාජිත භාවයද අද බිඳ වැටුණි.
කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණු පිල මුලින් පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 119ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර පිල ඕවර් 36.3කදී කඩුලු 9කට ලකුණු 120ක් ලබා ජය තහවුරු කර ගත්තේය.
ජයග්‍රහණය හඹාගිය කොළඹ උතුර පිලට අවසන් කඩුල්ල දක්වා ප්‍රබල සටනක්දීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත්වූ අතර, පළමු කඩුලු හතර ලකුණු 58කදී දවා ගත්හ. ආරම්භක පිතිකරුවන් වූ අබ්දූල් රහුමාන් ලකුණු 15කට හා මිෂික අබේවර්ධන ලකුණු 28කට දවා ගැනීමට සමත්වූ කොළඹ දකුණ පිලේ තර්ජනයෙන් මිදී 6 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 23ක් එක් කිරිමට චනුත් හර්දාස හා සඳිෂ කාවින්ද සමත් වූහ. අනතුරුව 9 වැනි කඩුල්ලට දිහාන් ජයතිලක හා තිසංග පෙරේරා පන්දු 49කදී ලකුණු 19ක් එක් කිරීමෙන් ජයග්‍රහණය අසලට පැමිණියහ.
මෙයට පෙර අර්ධ ශතකයක් වාර්තා කළ කොළඹ දකුණු පිලේ මෙතුක ගුණරත්න සමඟ මුල් කඩුලු හතරම ලකුණු 32කට බිඳ දමා ගැනීමට කොළඹ උතුර ක්‍රීඩකයෝ සමත්වීමෙන් කොළඹ දකුණු පිල විශාල ලකුණු ගණනකට යෑම වැලකී ගියේය. 5 වැනි කඩුල්ලට හමීඩ් හෆ්ඩාල් හා රනිඳු රණසිංහ එක්ව පන්දු 52 ලකුණු 22ක් එක් කිරීම හා අවසන් කඩුල්ලට දෙනුවන් සතිෂ් හා ගගන් ගමගේ පන්දු 42 ලකුණු 26ක් එක් කිරීම ඉනිමේ හොඳම ලකුණු සබඳතා වූහ. කොළඹ උතුර පිලේ තිසංග පෙරේරා ලකුණු 29කට කඩුලු 3ක් බිඳහෙලීය.
කොළඹ දකුණු පිල ඕවර් 46.3කදී සියලු දෙනා දැවී ලකුණු 119
මෙතුක ගුණරත්න 7, මියුර බණ්ඩාර 15, චෙනුක මිත්සර 13, රනිඳු රණසිංහ 14, හමීඩ් හෆ්ඩාල් 23, ගඟන් ගමගේ 18, දෙනුවන් සතිෂ් නොදැවී 10, අතිරේක 12 (දෙසඳු දින්සර 23/2, තිසංග පෙරේරා 29/3, සදීෂ කාවින්ද 31/1,
මිෂික අබේවර්ධන 11/2, දිහාන් ජයතිලක 14/2)
කොළඹ උතුර පිල ඕවර් 36.3කදී කඩුලු 9කට ලකුණු 120
අබ්දූල් රහුමාන් 15, මිෂික අබේවර්ධන 28, හෆීස් ජුන්කීර් 9, චනුත් හර්දාස 16, සඳිෂ කාවින්ද 13, තිසංග පෙරේරා නොදැවී 10, දිලාන් ජයතිලක 11, අතිරේක 15 (ලිතුම් දේවසුරේන්ද්‍ර 30/4, ඉමේෂ් චතුරංග ද සිල්වා 20/1, නවිනු ප්‍රනාන්දු 19/2, දෙනුවන් සතිෂ් 19/1)





