slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2025
ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් – තරග කාල සටහනේත් සංශෝධනයක්

sinhala editor

පුද්ගලයින් 12 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එහි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් නැවතත් ශ්‍රී ලංකාව බලා ඒමට ඉල්ලීමක් කර ඇති බව කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් නොවැම්බර් මස 12 වැනිදා උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. ආරක්ෂාව සම්බන්ධව මහත් කලබලකාරීත්වයකට පත්ව ඇති එම ක්‍රීඩකයින් පිරිස ආරක්ෂාව සම්බන්ධව ගැටළුකාරී තත්ත්වය හුවා දක්වමින් එම ඉල්ලීම සිදුකර තිබේ.

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් විසින් සංචාරයට සහභාගිව සිටින ක්‍රීඩකයින් සමග සම්බන්ධවී කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම ආරක්ෂාව සහතික ක සඳහා පාකිස්තානු ක්‍රිකට් පාලක බලධාරීන් සමග සම්බන්ධීකරණය කොට එම ගැටලුසියල්ල නිරාකරණය කර දෙන බවට සහතික විය.

මෙම කටයුතු පවත්වාගෙන අතරතුර, නියමිත පරිදි තරග සංචාරය ඉදිරියට කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ කණ්ඩායම් කලමනාකාරීත්වයට උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් සංචාරය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් නියෝගය නොතකා තරග සංචාරයට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයකු හෝ සහායක කාර්යය මණ්ඩලයේ නැවතත් ආපසු තම රට වෙත පැමිණීමට තීරණය කළහොත්, ඒ සදහා වන ආදේශක ක්‍රීඩකයින් මෙන්ම සහාය කාර්යය සාමාජිකයින් වහාම ක්‍රියාත්මක වන පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයකු, හෝ සහායක කාර්යය මණ්ඩලයේ සාමාජිකයකු ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණියහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ එම ක්‍රියාවන් පිළිබඳව අධ්‍ය්‍යනයක් කොට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහනෙහි සංශෝධනයක් කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එක්දින තරගාවලියෙන් අනතුරුව පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේද තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවලින් පසු එම කාලසටහනෙහි සංශෝධන සිදු කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. සංශෝධිත කාලසටහනට අනුව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට දෙවැනි සහ තෙවැනි එක්දින තරග නොවැම්බර් මස 14 සහ 16 යන දිනවලදී රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර තුන්කොන් තරගාවලියේ සියලුම තරගද රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

එළැඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීමේ වේදිකාවක් ලෙසින් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික කාලසටහන අනුව පළමු තරග කීපය රාවල්පිණ්ඩිහිදී ද අවසන් මහ තරගය ඇතුළු අවසන් කොටසේ තරග කීපයක් ලාහෝර්හිදී ද පැවැත්වීමට නියමිත විය. කෙසේ වෙතත් සංශෝධිත කාලසටහන අනුව නොවැම්බර් මස 18 වැනිදා ආරම්භ වන එම තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස 29 වැනිදා දක්වා රාවල්පිණ්ඩිහිදීම පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය

නොවැම්බර් 14 – දෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 16 – තෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී

තුන්කොන් විස්සයි-20 තරගාවලිය

නොවැම්බර් 18 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්ර් 20 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 23 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 25 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩිහිදී

නොවැම්බර් 29 – අවසන් මහ තරගය රාවල්පිණ්ඩිහිදී

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee