ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වූ අද (22දා) පැවැති තරගයකදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 87ක ජයක් වාර්තා කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට සමත් වූහ. පසුගිය වසරේ ශූර කොළඹ දකුණ ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු එකතුව ලෙස ඕවර් 47කදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළහ.
කොළඹ මැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල දෙවනුව පන්දුවට පහරදී සියලු දෙනා ලකුණු 178කට දැවී ගියහ.
කොළඹ දකුණු පිලේ මෙතුක ගුණරත්න හා හාමීඩ් අෆ්ඩාල් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර, හතරවැනි කඩුල්ලට මෙතුක ගුණරත්න හා චෙනුක නෙත්සර අතර, පන්දු 58කදී ලකුණු 61ක් එක් විය. එමෙන්ම මෙතුක ගුණරත්න හා රනිඳු රණසිංහ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 89කදී ලකුනු 72ක සබඳතාවක් ගොඩනැගුණි
අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි හාමීඩ් අෆ්ඩාල් හා සනුග දුල්මික එක්ව 8 වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 52ක වේගවත් සබඳතාවක් ගොඩනැගීමද විශේෂත්වයකි. මහනුවර පිලේ සතිර දෙනුවන් ලකුණු 22කට කඩුලු 4ක් බිදහෙලා දස්කම් දැක්වීය.
මහනුවර පිලේ වැඩිම ලකුණුලාභියා වූ කඩුලු රකින ක්‍රීඩක ඉමන්ජිත් දිසානායක පන්දු 51කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 41ක් ලැබූ අතර, සනිරු අනුහස් පන්දු 65කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 38ක් ලබා ගත්තේය. සහසිත් බණ්ඩාර ලකුණු 25ක් හා සවිත විතානගේ ලකුණු 26ක් වාර්තා කළේය. සනිරු අනුහස් හා ඉමන්ජිත් දිසානායක පන්දු 91කදී ලකුණු 68ක් එක් කිරීමට සමත් වූහ. දෙනුවන් සතිෂ් ලකුණු 20කට කඩුලු 3ක් හා නවිනු ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 3ක් බිද හෙළූහ.
කොළඹ දකුණු පිල ඕවර් 47කදී සියලු දෙනා දැවී ලකුණු 265
මෙනුර දිසානායක 7, ලිතුම් දේවසුරේන්ද්‍ර 6, මෙතුක ගුණරත්න 82, චෙනුක මතීෂ 26, රනිඳු රණසිංහ 20, හාමීඩ් අෆ්ඩාල් 67, සනුඟ දුල්මික 20, අතිරේක 24 (සතිර දෙනුවන් 22/4 , තිනුල්ක රාජපක්ෂ 45/1, තරුෂ නිමන්ත 27/1, ඉමන්ජිත් දිසානායක 61/1, සසිත් බණ්ඩාර 35/1)
මහනුවර පිල ඕවර් 41.4කදී සියලු දෙනා දැවී ලකුණු 178
රන්දිදු නාරායන 9, උසුල උදාකර 6, අනුහස් දිල්ෂාන් 17, සවිත විතානගේ 26, ඉමන්ජිත් දිසානායක 41, ඉමන්ජිත් දිසානායක 41, සනිරු අනුහස් 38, සහසිත් බණ්ඩාර 25, අතිරේක 12 ( හමීඩ් හෆ්ඩාල් 33/2, ගගන් ගමගේ 35/2, දෙනුවන් සතිෂ් 20/3, නවිනු ප්‍රනාන්දු 34/3)






