slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2025
ශ්‍රී ලංකා සික්සස් කණ්ඩායම නේපාලය සහ එක්සත් අරාබි එමීර් පරාජය කරයි

sinhala editor

 හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කළේය. ශ්‍රී ලංකා – නේපාලය තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු තුනකින් ද ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 39කින් ද ජය ලැබීය.

 ශ්‍රී ලංකා – නේපාල තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලය සිය පන්දුවාර හය අවසානයේ කඩුලු හතරකට ලකුණු 86ක් රැස් කළේය. ශ්‍රී ලංකාව මේ තරගයෙන් ජය ගත්තේ පන්දුවාර 5.3ක දී කඩුලු තුනකට ලකුණු 89ක් රැස් කරමිනි.

 ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 36ක් ද නිමේෂ් විමුක්ති නොදැවී ලකුණු 33ක් වශයෙන් වැඩිම ලකුණු රැස් කළහ.

 මේ පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාව ලකුණු 20කට කඩුලු තුනක් දැවී සිටිය දී (පන්දුවාර 2.2ක දී) එක්ව සිව් වන කඩුල්ලට පන්දුවාර 3.1ක දී නොදැවී ලකුණු 69ක සබඳතාවයකින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

 ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර හයක දී රැස් කළ ලකුණු 97ට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර හය අවසානයේ සියල්ල දැවී රැස් කළේ ලකුණු 58කි.

 මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු සමරකෝන් පන්දු 13ක දී හතරේ පහරක් හයේ පහර හතරක් සමග ලකුණු 31ක් ද ධනංජය ලක්ෂාන් පන්දු 12ක දී හතරේ දෙකක් හයේ හතරක් සමග නොදැවී ලකුණු 38ක් ද රැස් කළහ.

ලකුණු විස්තරය

  • ශ්‍රී ලංකාව කඩුලු 3කින් නේපාලය පරාජය කරයි

 නේපාලය පන්දුවාර හයක දී කඩුලු 4ට 86යි – (සංදීප් ජෝරා 39, ලෝකේෂ් බාම් 31, තරිඳු රත්නායක 17/2යි)

 ශ්‍රී ලංකාව පන්දුවාර 5.3ක දී කඩුලු 3ට 89යි – (ධනංජය ලක්ෂාන් නොදැවී 36, නිමේෂ් විමුක්ති නොදැවී 33, රුපේෂ් සිං 17/2යි)

  • ශ්‍රී ලංකාව ලකුණු 39කින් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කරයි

 ශ්‍රී ලංකාව පන්දුවාර හයක දී 97යි – (ළහිරු සමරකෝන් 31, ධනංජය ලක්ෂාන් නොදැවී 38, ෂාහිඩ් අලි 29/2යි)

එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 6ක දී කඩුලු හයකට ලකුණු 58යි – (සටීර් ඛාන් 24, මොහමඩ් අර්ෆාන් 18, ළහිරු මධුශංක 10/2යි)

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee