slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2025
නැගීඑන තරු ආසියානු කුසලාන අවසන් සටනට

sinhala editor

පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල එති

නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූහ. එම අවසන් මහා තරගය මේ 22 වැනි ඉරිදා දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී  පැවැත්වීමට නියමිතය.

දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම සුපිරි ඕවරයේදී පරාජය කිරීමට බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 5කින් පරාජය කිරීමට පාකිස්තාන ෂහීන්ස් පිල සමත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පාකිස්තාන ෂහීන්ස් පිලට ආරාධනා කළ අතර, පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 153ක් රැස් කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ඕවර් 20කදී කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය.

අවසන් ඕවරයේ ශ්‍රී ලංකා පිලට ලකුණු 15ක් ලබාගත යුතුව තිබූ අතර, අනගි ඉනිමක් ක්‍රීඩා කළ මිලාන් රත්නායක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්වී‍මෙන් බලාපොරොත්තු සුන්වී ගියේය. පාකිස්තාන ෂහීන්ස් පිලේ වේග පන්දු යවන උබේයිඩ් ෂා යොමු කළ යෝකර් පන්දුව ලෙග් ස්ටම්ප් එකෙන් ඉවතට යද්දී මිලාන්ගේ ඉදිරි පාදයේ ස්පර්ෂ වෙද්දී විනිසුරු එය දැවී යෑමක් ලෙස සටහන් කළද ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ එය අවාසනාවන්ත තීරණයක් බවය.

ලකුණු 90කට කඩුලු 7ක් බිඳවැටී තිබියදී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි මිලාන් රත්නායක පන්දු 32කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලසිත් කෘස්පුල්ලේ හා විශේන් හැළඹගේ පළමු කඩුල්ලට ලකුණු 29ක් එක්කළ අතර, කෘස්පුල්ලේ ලකුණු 27කට දැවී ගි‍යේය. හෙතෙම පන්දු 7කදී හයේ 3ක් හා හතරේ 2ක් සමඟ වේගවත් ඉනිමක් දියත් කළ අතර, හැළඹගේ පන්දු 27කදී හයේ 3ක් හා හතරේ 2ක් සමඟ ලකුණු 29ක් ලබා සිටියදී දැවී ගියේය. හැළඹගේ හා නුවනිඳු ප්‍රනාන්දු පන්දු 25කදී ලකුණු 29ක් තෙවැනි කඩුල්ලට එක් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම කඩු වැටුණි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මැද පෙළ කඩුලු 5ක් ලකුණු 16ක් තුල දැවී යෑමෙන් කඩුලු 7කට ලකුණු 90ක් ‍ලෙස විශාල පීඩනයක ලක්ව සිටියේය. මිලාන් රත්නායක හා අංක 9 පිතිකරු ප්‍රමෝද් මධුෂාන් එක්ව පන්දු 10කදී ලකුණු 9ක් 8 වැනි කඩුල්ලට එක් කළ අතර, ට්‍රෙවීන් මැතිව්ස් හා මිලාන් රත්නායක 8 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 47ක් එක්කරමින් ඉනිම ගොඩගැනීමට බලවත් වෙහෙසක නිරත වූහ.

පාකිස්තාන ෂහීන්ස් ඉනිමට ප්‍රබල තර්ජනයක් ගෙනදුන් ප්‍රමෝද් මධුෂාන් ලකුණු 29කට කඩුලු 4ක් හා ට්‍රෙවීන් මැතිව්ස් ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙලීමෙන් ඹවුන්ගේ ලකුණු වේගය අඩාල විය. එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ ට්‍රෙවීන් මැතිව්ස් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් ලකුණු 16ක් ලබා සිටියදී දවාගත් අතර, අනෙක් ආරම්භක පිතිකරු මාස් සදාකට් ලකුණු 23ක් ලබා සිටියදී වේග පන්දු යවන මිල්නා රත්නායකගේ ගොදුරක් බවට පත් විය.

අනතුරුව ට්‍රෙවීන් මැතිව්ස් හා ප්‍රමෝද් මධුෂාන් එක්ව ලකුණු 15ක් තුල පාකිස්තාන ෂහීන්ස් පිලේ කඩුලු 3ක් දවාගත් අතර, 6 වැනි කඩුල්ලට ගාසි ගෝරි හා සාඩ් මෂූඩ් එක්ව පන්දු 47කදී ලකුණු 47ක් එක් කිරීමට සමත්වීමෙන් පාකිස්තාන ෂහීන්ස් ලකුණු පුවරුව ඉහළට එසැවුණි.

තරග‍යේ වීරයා සම්මානය ලකුණු 22ක් හා කඩුලු 3ක් බිදහෙළූ සාඩ් මෂූඩ්ට හිමි වුණි.

පාකිස්තාන ෂහීන්ස් පිල කඩුලු 9කට ලකුණු 153 (20)

මොහොමඩ් නයීම් 16, මාස් සදාකට් 23, ගාසි ගෝරි නොදැවී 39, සාඩ් මෂූඩ් 22, අහමඩ් දනියාල් 22 ( ප්‍රමෝද් මධුෂාන් 29/4, ට්‍රෙවීන් මැතිව්ස් 22/3, මිල්නා රත්නායක 40/1, දුනිත් වෙල්ලාලගේ 19/1)

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 9කට ලකුණු 148 (20)

ලසිත් කෘස්පුල්ලේ 27, විශේන් හැළඹගේ 29, නිශාන් මධුෂ්ක 6, නුවනිඳු ප්‍රනාන්දු 5, සහන් ආරච්චිගේ 5, මිලාන් රත්නායක 40, ප්‍රමෝද් මධුෂාන් 7, ට්‍රෙවීන් මැතිව්ස් නොදැවී 4, අතිරේක 22 (සුෆියාන් මකීම් 12/3, ෂාඩ් මෂූඩ් 18/3)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee