slc
logo
Home   |    News
නොවැම්බර් 14, 2025
පාකිස්තානයට කඩුලු 8 ක ජයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තාන පිල අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය කඩුලු 8ක ජයක් ලබා ගැනීමත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය 2-0කින් තරගාවලියේ ජය තමන් සතුකර ගත්තේය.

උණ රෝගයෙන් පෙළෙන නායක ෂහීන් ෂා අෆ්රිඩි වෙනුවට සල්මන් අලි ආගා කාසි‍යේ වාසිය දිනා පන්දු යැවීමට තෝරාගෙන ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 288ක් ලබා  ගැනීමට සමත් විය. අනතුරුව ජයග්‍රහණය හඹාගිය පාකිස්තාන පිල පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 2කට ලකුණු 289ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ආරම්භක පිතිකරු ෆකාර් සමාන් උඩ පන්දු තුනක් ලබාදුන් අතර, එම අවස්ථා තුනම ශ්‍රී ලංකතාව වෙතින් ගිලිහී යෑම අවාසනාවන්ත සිදුවීම් විය. ලකුණු 20ක් ලබා සිටියදී ලොන් ඕෆ් හි සිටි අසිත ප්‍රනාන්දු අතින්ද, ලකුණු 28ක් ලබා සිටියදී ලෝන් ඕෆ් හි සිටි ජනිත් ලියනගේ අතින්ද හා ලකුණු 78දී දවී යෑමට පෙර පන්දුවේදී අතිරේක ක්‍රීඩක පවන් රත්නායක අතට දුන් උඩ පන්දු ඔවුන් අතින් ගිලිහී ගියහ. එම පළමු අවස්ථා දෙකේදී නායක චරිත් අසලංක පන්දු යැවීමේ නරතව සිටි අතර, තෙවැනි අවස්ථාවේදී දුස්මන්ත චමීර‍ගේ පන්දුවකට උඩ පන්දුව ගිලිහී ගියේය. එහෙත් ෆකාර් එම ඕවරයේ 5 වැනි පන්දුවේදී ලකුණු 78කට දවා ගැනීමට චමීර සමත් වූවේය. පන්දු 93කට මුහුණදුන් ෆකාර් හයේ පහරක් හා හත‍රේ පහර 8ක් සිය ඉනිමට එක් කළේය.

එම ලොතරැයි වාසනාවෙන් බාබර් අසාම් සිය 20 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර, ඔහු පන්දු 119කදී හතරේ පහර 8ක් එල්ල කරමින් නොදැවී ලකුණු 102ක් ලැබීය. බාබර් හා මොහොමඩ් රිස්වාන් අතර තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගුණු අතර, තරගය නිමාවෙද්දී ‍මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේය.   

ලකුණු 33කට දැවීගිය ආරම්භක පිතිකරු සායිම් ආයුබ් හා ෆකාර් සමාන් අතර පළමු කඩුල්ලට සබදතාව ලකුණු 77ක් වූ අතර, ෆකාර් හා බාබර් අතර දෙවැනි කඩුල්ලට පන්දු 127කදී ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගුණි.

ශ්‍රී ලංකා ඉනිමේදී ජනිත් ලියනගේ නිර්භීත ‍ලෙස ඉදිරියට පැමිණ පන්දු 63කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 54ක් ලබා තම 7වැනි එක්දින  අර්ධ ශතකය වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, කමිඳු මෙන්ඩිස්ගේ පන්දු 38කදී හයේ 2ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 44ක් ලබා ගැනීම කැපී පෙණුනි. එමෙන්ම වනිඳු හසරංග ඉනිමට ජීවයක් ගෙන දෙමින් නිමාව සටහන් කරද්දී ඔහු පන්දු 26කදී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 37ක් ලබා සිටියේය.

පැතුම් නිශ්ශංක ලකුණු 24ක් ලබා සිටියදී අවදානම් සහිත තුන්වන ලකුණක් ලබා ගැනීමට උත්සාහ කරමින් දුවද්දී දැවී ගියේය. ඊට ටික වේලාවකට පසු අනෙක් ආරම්භක පිතිකරු කමිල් මිෂාර  ලකුණු 27දී දැවී ගියේය. කුසල් මෙන්ඩිස්  ලකුණු 20කට හා නායක චරිත් අසලංක (ලකුණු 6) දවා ගැනීමට දඟ පන්දු යැවූ අබ්‍රා අහමඩ් සමත් වූ අතර, එම සිදුවීම් දෙකෙන් පසු ලකුණු වේගය අඩාල වූවේය.

ජනිත් ලියනගේ සහ සදීර සමීරවික්‍රම පන්දු 62කදී ලකුණු 61ක් 5 වැනි කඩුලුලට එක්කළ අතර, සමරවික්‍රම ලකුණු 42කට දැවී ගියේය. අනතුරුව ලියනගේ හා කමිඳු මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට පන්දු 65කදී ලකුණු 73ක් 6 වැනි කඩුල්ලට ගොට නැගුණි.

ආරම්භක තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ හරිස් රවුෆ්  නැවතත් ඊයේ දිනයේ තර්ජනාතේමක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 66කට කඩුලු 3ක් හා අබ්‍රා අහමඩ් ලකුණු 41කට කඩුලු 3ක් බිදහෙලීමට සමත් විය.

දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය මේ 16 වැනි ඉරිදා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 288 (ඕවර් 50) – පැතුම් නිශ්ශංක 24, කමීල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, චරිත් අසලංක 6, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිඳු හසරංග නොදැවී 37, දුෂ්මන්ත චමීර 0, ප්‍රමෝද් මධුෂාන් නොදැවී 7, අතිරේක 23 (හරිස් රාවුෆ් 66/3, අබ්‍රා අහමඩ් 41/3, මොහොමඩ් වසීම් 50/1)

පාකිස්තාන පිල කඩුලු 2කට ලකුණු 289 (ඕවර් 50) – ෆකර් සමාන් 78, සායිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, අතිරේක 25 (දුෂ්මන්ත චමීර 58/2)

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee