ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ “ටියර් බී කොටසේ“ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) අවසාන වු තරග හතර අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 11කින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.
කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ලකුණු 149ක් අවශ්‍ය වුවත් දෙවන ඉනිමේ දී ද ඔවුන් දැවී ගියේ ලකුණු 138කට ය. ප්‍රථම ඉනිමේ දී ලකුණු 50කට කඩුලු තුනක් දවාලු එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදීත් ලකුණු 43කට කඩුලු තුනක් දවා සම්පූර්ණ තරගයේ දී කඩුලු හයක් දවාලීමට සමත් විණි.
එස්.එස්.සී. කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුල (ලකුණු 108) සහ නිපුන් ධනංජයට (ලකුණු 91) අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන් වන චරිත් අසලංක, කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය ද දක්ෂතා දැක්විය.
අද (07) නිමාවට පත් වු සෙසු තරග තුන අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ.
සෙබස්ටියනයිට්ස් සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ කණ්ඩායමේ ආරම්භක පිතිකරු අෂාන් ප්‍රනාන්දු ලකුණු 104ක් ද (පන්දු 124යි හතරේ දහ අටයි) යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ කළම්බු මැලේ ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අදීෂ නානායක්කාර ලකුණු 130ක් ද (පන්දු 126යි හතරේ පහර 16යි හයේ පහර තුනයි) ශතක රැස් කරමින් අද දිනයේ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි.
යුනයිටඩ් සදර්න් දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා අදීෂ නානායක්කාර සහ ආදිත්‍ය සිරිවර්ධන (නොදැවී ලකුණු 51) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 38ක දී ලකුණු 192ක් රැස් කරමින් දක්ෂතා දැක් වුහ.
ගාල්ල ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ගාල්ල ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා රමේෂ් නිමන්ත (ලකුණු 93) සහ චමත් දිල්හාර (ලකුණු 63) ආරම්භක කඩුල්ලට පන්දුවාර 25.5ක දී ලකුණු 125ක සබඳතාවයක් තබා ගැනීමට සමත් විණි.
සෙනසුරාදා ආරම්භ වු මීගමුව ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී රාගම කණ්ඩායමේ රන්මිත් ජයසේන නොදැවී ලකුණු 84ක් රැස් කරමින් දැක් වු දක්ෂතා මත එම කණ්ඩායමට පළමු ඉනිමේ දී ඉදිරියට යාමට අවස්ථාව උදා විණි. මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ රැස් කළ ලකුණු 188ට පිළිතුරු ලෙස දෙවන දින (07) තරගය නිම වන විට රාගම ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 224ක් රැස් කර සිටියේය.
සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ මිරංග වික්‍රමගේ, තරුෂ ප්‍රනාන්දු සහ හෂාන් සංදීප් කඩුලු තුන බැගින් දවාලමින් ද යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ තරූෂ් දමිඳු කඩුලු හතරක් දවාලමින් ද පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණි.
ලකුණු සාරාංශය
- එස්.එස්.සී. පිළට ඉනිමක සහ ලකුණු 11ක ජයක්
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 66.5ක දී සියල්ල දැවී ලකුණු 155 – (සුධීර වීරරත්න 27, යශෝධ මෙන්ඩිස් 27, මිතුන් ජයවික්‍රම 20, ළහිරු අත්තනායක 16, උමේග චතුරංග 16, මළිඳු මධුරංග 16, අවිඳු තීක්ෂණ 12, කසුන් රාජිත 19/3, ප්‍රභාත් ජයසූරිය 50/3)
එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 62ක දී කඩුලු 5ක් දැවී ලකුණු 304 – (ක්‍රිෂාන් සංජුල 108, නිපුන් ධනංජය 91, චරිත් අසලංක 45, නුවනිඳු ප්‍රනාන්දු 23, යශෝධ මෙන්ඩිස් 51/3)
කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනිම පන්දුවාර 62.5ක දී සියල්ල දැවී ලකුණු 138 – (අෂාන් රන්දික 44, ප්‍රමේෂ් මධුභාෂණ 26, මළිඳු මධුරංග 21, මිතුන් ජයවික්‍රම 11, ප්‍රභාත් ජයසූරිය 43/3, නිපුන් ධනංජය 21/2, මිලින්ද සිරිවර්ධන 7/2)
- රාගම ක්‍රීඩා සමාජයේ රන්මිත් ජයසේන නොදැවී ලකුණු 84
මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 61.3ක දී සියල්ල දැවී 188 – (කවීන් ප්‍රනාන්දු 41, කෙෂාන් වන්නිආරච්චි 27, දිමුත් සඳරුවන් 27, උමේෂ් ලක්ෂාන් 25, පසිඳු තිරිමැදුර 22, හසිත් පෙරේරා 18, උපුල් ඉන්ද්‍රසිරි 45/3, කොසාන් ජයවික්‍රම 54/3, විකුම් සංජය 45/2)
රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී කඩුලු 8ක් දැවී 224 – (රන්මිත් ජයසේන නොදැවී 84, වික්‍රම් සංජය 50, කොසාන් ජයවික්‍රම 22, මදුරංග සොයිසා 21, සචින් දල්පදාදු 16, හංසජ හිරුණ 72/4, අමිත සංදීප 50/2)
- යුද හමුදාව ලකුණු 104ක් ඉදිරියෙන්
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින පන්දුවාර 68.3ක දී සියල්ල දැවී 344 – (ඉෂාර මෙන්ඩිස් 128, ක්‍රිෂේන් අපොන්සු 83, පැතුම් දිල්ෂාන් 30, තිසර පෙරේරා 29, පූර්ණ චාරුක 47/5, දිලංක අවුවාඩ් 83/3)
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 93.2ක දී සියල්ල දැවී ලකුණු 267 – (මයුර මල්ෂාන් 73, පූර්ණ චාරුක 39, තෙවිඳු දික්වැල්ල 37, දිලංක අවුවාඩ් 31, භවන්ත ජයසිංහ 24, වරුණ මයන්ත 11, මල්ක මධුශංක 69/4, සෙහද සොයිසා 31/3, ගයාන් චන්ද්‍රබොස් 41/2)
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 14.4ක දී කඩුලු 2කට ලකුණු 27 – (පැතුම් දිල්ෂාන් නොදැවී 14, වරුණ මයන්ත 3/1)
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ අදීෂ නානායක්කාර ලකුණු 130
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 94.2ක දී සියල්ල දැවී ලකුණු 299 – (පෙසඳු සංජාන් 87, නිපුන ගමගේ 44, මහේෂ් ද සිල්වා 30, ආදිත්‍ය සිරිවර්ධන 26, තරිඳු එදිරිවීර 25, තරුෂ දමිඳු නොදැවී 24, අදීෂ නානායක්කාර 22, තිමිර මල්ෂාන් 75/5, වෝෂිත අමරසිංහ 70/3)
කළම්බු මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියල්ල දැවී 177 – (වෝෂිත අමරසිංහ 43, කවිඳ ඉස්වර 31, දේශාන් ඩයස් 24, කෙවින් සැමුවල් 22, තරුෂ් දමිඳු 38/4, කවිඳු එදිරිවීර 30/3, දනෝෂ් ද සිල්වා 14/3)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 40ක දී කඩුල්ලක් දැවී ලකුණු 205 – (අදීෂ නානායක්කාර 130, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 51, කෙවින් සැමුවල් 52/1)
- සෙබස්ටියනයිට්ස් පළමු ඉනිමේ දී ඉදිරියෙන්
සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 92.4ක දී කඩුලු 6කට ලකුණු 345 – (රුසිරු විලෝචන නොදැවී 200, සඳුන් ප්‍රනාන්දු 66, තරුෂ ප්‍රනාන්දු 34, කවිඳු නිර්මාල් 17, ප්‍රවීන් ද සිල්වා 86/3, කළණ මධුශංක 57/1)
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.2ක දී සියල්ල දැවී 270 – (අෂාන් ප්‍රනාන්දු 104, අෂේන් මෙන්ඩිස් 77, මංගල ප්‍රදීප් 24, හිරුන් සිගේරා 19, මල්ෂාන් ගුණසිංහ නොදැවී 11, මිරංග වික්‍රමගේ 63/3, තරුෂ ප්‍රනාන්දු 61/3, හෂාන් සන්දීප 68/3)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 16ක දී කඩුලු 3ක් දැවී ලකුණු 37යි – (මාලිංග මලිගස්පෙ 19, සඳුන් ප්‍රනාන්දු 13, මංගල ප්‍රදීප් 3/1, ප්‍රවීන් ද සිල්වා 14/1, මල්ෂාන් ගුණසිංහ 19/1)
- මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්
ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 81.1ක දී සියල්ල දැවී ලකුණු 271 – (අමිත් එරන්ද 37, ලිසුල ලක්ෂාන් 34, රනේෂ් නිමන්ත 33, සුපුන් කවිඳ 33, සුභානු රාජපක්ෂ 33, ඉමේෂ උදයංග 38/3, මෙතුෂාන් තිළිණ 42/3, නවීන් කවිකාර 67/2)
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 97ක දී කඩුලු 7ට 432 – (ගැවින් බොතේජු 99, රශ්මික මෙවන් 79, අභිෂේක් ලියනආරච්චි 76, දිමිත ලෝචන 71, දුමිඳු සෙව්මිණ 36, චානක රුවන්සිරි 35, රාජිත් ප්‍රියන් 51/3, රජීව වීරසිංහ 118/2)
ගාල්ල ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 51ක දී කඩුලු 4ක් දැවී ලකුණු 233 – (රමේෂ් නිමන්ත 93, චමත් දිල්හාර 63, අමිත් එරන්ද 38, සුපුන් කවිඳ නොදැවී 16, චානක රුවන්සිරි 28/2)






