ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (7) ශතක 5ක් වාර්තා විය. කොල්ට්ස් පිලේ දිනේෂ් චන්දිමාල් හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 152ක්, ටැමිල් යූනියන් පිලේ සාරුජන් සන්මුගනාදන් බඳුරලිය පිලට එරෙහිව ලකුණු 123ක්, සීසීසී පිලේ ධනංජය ද සිල්වා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 117ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ හිමාෂ ලියනගේ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 106ක් හා මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර බීආර්සී පිලට එරෙහිව ලකුණු 100ක් වාර්තා කරමින් කැපී පෙණෙන දස්කම් දැක්වූහ.
පන්දු යැවීමේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ මධූක ලියනපතිරණ කඩුලු 6ක්, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිනුෂ්ක මාලන් කඩුලු 5ක් හා පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර කඩුලු 5ක් බිදහෙලා දස්කම් දැක්වූහ.
ලකුණු සාරාංශය
හලාවත මේරියන්ස් – කොල්ට්ස් අතර පී. සරා ඕවල් පිටියේදී
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 65.3කදී සියලු දෙනා දැවී ලකුණු 232
තනුක දාබරේ 12, ලසිත් ලක්ෂාන් 54, උදයවංශ පරාක්‍රම 19, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, කෞමාල් නානායක්කාර නොදැවී 12 ( හර්ෂන වික්‍රමසිංහ 44/4, අකිල ධනංජය 77/3, සනෝජ් දර්ශික 9/1)
කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 72.2කදී කඩුලු 8ක් දැවී ලකුණු 329
සාලින් ද මෙල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 28, ෂෙරාන් ෆොන්සේකා 27, කවිෂ්ක අංජුල 11, අකිල ධනංජය 13 ( කල්හාර සේනාරත්න 61/2, කෞමාල් නානායක්කාර 62/3, මෙලාන් හසාන්ක 94/3)
සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේදී
සීසීසී පිල පළමු ඉනිම ඕවර් 97කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 452
නිශාන් මධුෂ්ක 21, ලසිත් කෘෘස්පුල්ලේ 21, ධනංජය ද සිල්වා 117, සහන් කෝසල 75, පවන් රත්නායක 98, සොනාල් දිනූෂ 37, චමිඳු විජේසිංහ 12, නිශාන් පීරිස් නොදැවී 32, විශ්ව ප්‍රනාන්දු 15, අසිත ප්‍රනාන්දු නොදැවී 12 ( තිලකරත්න සම්පත් 109/2, මධූක ලියනපතිරණ 115/6)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 44කදී කඩුලු 5ක් දැවී ලකුණු 141
අවිශ්ක පෙරේරා 23, පුලින්ඳු පෙරේරා 13, ලොහාන් ද සොයිසා 51, පැතුම් කුමාර 10, කෙවින් පෙරේරා 38 ( අසිත ප්‍රනාන්දු 31/1, නිශාන් පීරිස් 36/3, පවන් රත්නායක 5/1)
පොලිස් ක්‍රීඩා සමාජය – පානදුර ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 54.1කදී සියලු දෙනා දැවී ලකුණු 196
ඔෂධ ප්‍රනාන්දු 45, කාංචන ඩී ලිවේරා 14, සසිඳු මල්ෂාන් 65, දුෂාන් හේමන්ත 46, නිමේෂ් විමුක්ති 12 ( හිමේෂ් රාමනායක 35/2, නලීන් ප්‍රියදර්ශන 34/2, දිලුම් සුධීර 77/5)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 62.5කදී සියලු දෙනා දැවී ලකුණු 155
දුලෂ් උදයංග 21, අශේන් බණ්ඩාර 24, විශාද් රන්දික 26, හිමේෂ් රාමනායක 11, දිලුම් සුධීර නොදැවී 18, නිපුන් ප්‍රේමරත්න 24 (දුෂාන් විමුක්ති 33/4, නිමේෂ් විමුක්ති 26/2, අසංක මනෝජ් 42/3)
පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 55කදී කඩුලු 8ක් දැවී ලකුණු 194
ඔෂධ ප්‍රනාන්දු 47, කාංචන ඩී ලිවේරා නොදැවී 41, ඉරෝෂ් සමරසූරිය 48, විශ්ව චතුරංග 34, සලිත් ප්‍රනාන්දු 23 (නලීන් ප්‍රියදර්ශන 35/2, දිලුම් සුධීර 84/5)
මුවර්ස් ක්‍රීඩා සමාජය – බීආර්සී අතර කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 100කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 336
සදීර සමරවික්‍රම 21, ජනිෂ්ක පෙරේරා 27, සොහාන් ඩී ලිවේරා 38, සිතාර ගිම්හාන 18, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සන්තුෂ් ගුණතිලක නොදැවී 23 ( මොහොමඩ් සිරාස් 42/2, සන්දේශ් රාමනායක 49/1, මොවින් අබිනාෂ් 64/1, ශෂික දුල්ෂාන් 108/4)
බීආර්සී පළමු ඉනිම ඕවර් 8.4කදී කඩුලු 1ක් දැවී ලකුණු 26
හෂාන් දුමින්ද නොදැවී 17 (සන්තුෂ් ගුණතිලක 14/1)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 122.3කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 406
පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, ඉසිත විජේසුන්දර 16, (දිනුෂ්ක මාලන් 66/5, චාමික එදිරිසිංහ 108/2, අරවින්ද ප්‍රේමදාස 58/1, සමීර සඳමාල් 18/1)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 20.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 70
ගයාන් මනීෂාන් 39, මාධව වර්ණපුර 14, ලක්ෂාන් එදිරිසිංහ 10 (දනාල් හේමනන්දච 20/1, රොෂාන් ජයතිස්ස 10/2, වනුජ සහන් 7/1)
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර සීසීසී පිටියේදී
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 108.2කදී සියලු දෙනා දැවී ලකුණු 347
නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, භානුක රාජපක්ෂ 17, සචිත ජයතිලක 51, සාරුජන් සන්මුගනාදන් 123, තරිදු රත්නායක 35, කළණ පෙරේරා 21, (බුද්ධික සංජීව 73/4, මිලින්ද පුෂ්පකුමාර 96/3, කේසර නුවන්ත 47/1, සඳුන් වීරක්කොඩි 20/1, සුමින්ද ලක්ෂාන් 41/1)
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 26කදී කඩුලු 2ක් දැවී ලකුණු 68
දිල්ෂාන් ද සොයිසා 28, රොෂාන් විජේනායක නොදැවී 38 (කවිඳු දිල්හාර 14/1, විජේකාන්ත් වියස්කාන්ත් 10/1)





