slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2025
යොවුන් ආසියානු කුසලාන තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් රවීන්ද්‍ර කොට්ටහච්චි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිශ්චය කටයුතු සඳහා නම් කර ඇති විනිසුරුවන් අතරට ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරයෙකු වන රවීන්ද්‍ර කොට්ටහච්චි මහතාද ඇතුළත් වී සිටියි.

2006 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු පෙළ විනිසුරුවරයෙකු ලෙස සිය විනිසුරු දිවිය ආරම්භ කළ රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා, මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. වයස අවුරුදු 50ක් වන ඔහු, මීට පෙර කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 7කදී සහ කාන්තා විස්සයි-20 ජාත්‍යන්තර තරග 3කදී විනිසුරුවරයෙකු ලෙස සේවය කර ඇත.

මෙරට පළමු පෙළ තරග විනිශ්චයට සම්බන්ධ සහෝදරයින් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා වන රවීන්ද්‍ර කොට්ටහච්චි මහතාගේ සහෝදරයින් තිදෙනාද පළමු පෙළ විනිසුරු කටයුතුවල නිරතව සිටීම විශේෂත්වයකි.

මෙතෙක් පළමු පෙළ තරග 146කදී විනිසුරුකරණයේ නිරතව සිටින ඔහු, විස්සයි-20 තරග 113ක්, යොවුන් එක්දින තරග 12ක් මෙන්ම එක් යොවුන් ටෙස්ට් තරගයකද විනිසුරුවරයෙකු ලෙස සේවය කර තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar