slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2025
අයහපත් කාලගුණය මැද අර්ධ ශතක 5ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම දිනය වු අද (6) අයහපත් කාලගුණික තත්ත්වය මැද වුවද අර්ධ ශතක 5ක් වාර්තා විය.

සීසීසී පිලේ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 87ක් හා සහන් කෝසල නොදැවී ලකුණු 73ක්, හලාවත මේරියන්ස් පිලේ ලසිත් ලක්ෂාන් ලකුණු 54ක්, ඒස් කැපිටල් පිලේ පවන්ත වීරසිංහ ලකුණු 65ක් හා නිමේෂ් ගුණසිංහ නොදැවී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූහ.

පන්දු යැවීමේදී පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 77කට කඩුලු 5ක් බිදහෙලීමට සමත්වීමද කැපී පෙණුනි.

බොහෝ තරගවලට අයහපත් කාලගුණය සහ වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිනයේ නියමිත පරිදි පැවැත්වීමට හැකියාව ලැබුණේ මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති ‍පොලිස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය පමණි.

ලකුණු සාරාංශය

හලාවත මේරියන්ස් – කොල්ට්ස් අතර පී. සරා ඕවල් පිටියේදී

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 46කදී කඩුලු 8ක් දැවී ලකුණු 180

තනුක දාබරේ 12, ලසිත් ලක්ෂාන් 54, උදයවංශ පරාක්‍රම 19, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 20, කල්හාර සේනාරත්න නොදැවී 30, සිතුම් දිසානායක නොදැවී 17 ( හර්ෂන වික්‍රමසිංහ 41/4, අකිල ධනංජය 57/2)

සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේදී

සීසීසී පිල පළමු ඉනිම ඕවර් 48.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 206

නිශාන් මධුෂ්ක 21, ලසිත් කෘෘස්පුල්ලේ 21, ධනංජය ද සිල්වා නොදැවී 87, සහන් කෝසල නොදැවී 73 ( තිලකරත්න සම්පත් 59/2)

පොලිස් ක්‍රීඩා සමාජය – පානදුර ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී ‍

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 54.1කදී සියලු දෙනා දැවී ලකුණු 196

ඔෂධ ප්‍රනාන්දු 45, කාංචන ඩී ලිවේරා 14, සසිඳු මල්ෂාන් 65, දුෂාන් හේමන්ත 46, නිමේෂ් විමුක්ති 12 ( හිමේෂ් රාමනායක 35/2, නලීන් ප්‍රියදර්ශන 34/2, දිලුම් සුධීර 77/5)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 21.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 51

දුලෂ් උදයංග නොදැවී 15, අශේන් බණ්ඩාර නොදැවී 19 (දුෂාන් විමුක්ති 15/3)

මුවර්ස් ක්‍රීඩා සමාජය – බීආර්සී අතර කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී ‍

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 28කදී කඩුලු 3ක් දැවී ලකුණු 120

සදීර සමරවික්‍රම 21, ජනිෂ්ක පෙරේරා 27, සොහාන් ඩී ලිවේරා 38, සිතාර ගිම්හාන නොදැවී 13 ( සන්දේශ් රාමනායක 27/1, මොවින් අබිනාෂ් 27/1, ශෂික දුල්ෂාන් 13/1) 

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ‍

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 50කදී කඩුලු 2ක් දැවී ලකුණු 177

පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ නොදැවී 74, කවිඳු කුලසේකර නොදැවී 32 (දිනුෂ්ක මාලන් 45/2)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර සීසීසී පිටියේදී ‍

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 36කදී කඩුලු 5ක් දැවී ලකුණු 130

නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, භානුක රාජපක්ෂ 17, සචිත ජයතිලක නොදැවී 13 (බුද්ධික සංජීව 27/1, මිලින්ද පුෂ්පකුමාර 39/2, කේසර නුවන්ත 22/1, සඳුන් වීරක්කොඩි 11/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee