slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2025
ඉන්දියානු කාන්තාවෝ තරගාවලියේ පෙරමුණ ගනිති

sinhala editor

කාන්තා ලෝක කුසලානය දිනා ගනිමින් මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියද එම තරගාවලියේදී පිතිකාරිණියක ලෙස රඳවා තබා ගත් රිද්මය එලෙසින්ම රැගෙන ආ ජිමීමා රොඩ්‍රිගස්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේ ද අර්ධ ශතකයක් වාර්තා කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වය දැක්වූවාය. විශාකාපට්නම්හිදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් ඉන්දියානුවන් වාර්තා කරන ලද්දේ තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙසට පෙරමුණට පැමිණෙමිනි.

ඉන්දීය නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබා දුන් ලකුණු 122 ක ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ඉන්දීය පිතිකාරිණියෝ ඉලක්කය පන්දු 32 ක් තිබියදී සපුරා ගත්හ. මේ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නියැළුණු ජීමිමා රොඩ්‍රිගස්, පන්දු 44 කදී නොදැවී ලකුණු 69 ක් රැස් කර ගත්තේ තම ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් කර ගනිමිනි.

කලකට පසු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ කාව්‍යා කාවින්දි පළමු කඩුල්ල ලෙස ශෆාලි වර්මාව ලකුණු 09 කට දවා ගත්තද ස්මිත්‍රී මන්දනාට එකතු වුණු ජෙමීමා රොඩ්‍රිගස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක් කළහ. ඉනෝකා රණවීරගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කළ ස්මිත්‍රී (25)දැවී යන ලද්දේ එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකි නිලක්ෂිකා ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීම නිසාය.

ශෂිනි ගිම්හානි විසින් යවන ලද 12 වැනි පන්දුවාරයේදී සිව් වතාවකට හතරේ සිමාව වෙත පන්දුව ගලා යැවිමට සැලැස්වූ ඉන්දීය පිතිකාරිණී ජිමීමා රොඩ්‍රිගස්,  අද රැස් කර ගන්නා ලද්දේ සිය 14 වැනි විස්සයි-20 ජාත්‍යන්තර අර්ධ ශතකය විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට ඇයට අනගි සහායක් ලබා දුන් නායිකා හර්මන්ප්‍රිට් කෞර් පන්දු 16 කදී ලකුණු 15 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍ර වේගකාරී ආරම්භයක් ලබා ගැනීමට නායිකා චමරි අතපත්තු සමත් වුවත්, ඇය මුලු ලකුණු සංඛ්‍යාව 18 ක්ව තිබියදී ගෞඩ්ගේ ගොදුරක් ලෙසින් ලකුණු 15 කට පිටියෙන් ඉවත්වූවාය. ඒ වන විටත් චමරි පන්දු 12 කදී හතරේ පහර 3 ක් එල්ල කිරීමට සමත්ව සිටියාය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකම පිතිකාරිණියක් හෝ ලකුණු 40 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට අපොහොස්ත වූ අතර වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ විශ්මි ගුණරත්න (39) පමනි. සමස්ථ තරගයේ හයේ පහරක් එල්ල කරන ලද  එකම පිතිකාරිණිය බවට පත්වූ විශ්මි එම ඉනිම සදහා පන්දු 43 කට මුහුණ දුන්නේ තවත් හතරේ පහරක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමින. ඇය අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසු නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යෑමට ඇයට අවස්ථාව තිබුනාය.

විශ්මිට අමතරව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරිද දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී යෑම විශේෂත්වයක් විය. හසිනි පෛර්රා ලකුණු 20 ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 21 ක් ලෙසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූහ.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩඩුලු 6 ක් දැවී කුණු 121 යි – (විශ්මි ගුණරත්න 39, චමරි අතපත්තු 15, හසිනි පෙරේරා 20, හර්ෂිතා සමරවික්‍රම 21, නිලක්ෂිකා ද සිල්වා 08, කවීෂා දිල්හාරි 06, කෞෂානි නුත්‍යාංගනා 09*, ශ්‍රී චාරණි 30/1, දීප්ති ෂර්මා 16/1, ක්‍රාන්ති ගෞඩ් 23/1)

ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 14.4 කදී කඩුලු 2 ක් දැවි ලකුණු 122 යි – ස්මිත්‍රී මන්දනා 25, ජෙමීමා රොඩ්‍රිගස් 69. ශෆාලි වර්මා 09, හර්මන්ප්‍රීට් කෞර් 15, කාව්‍යා කාවින්දි 20/1, ඉනෝකා රණවීර17/1) 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee