slc
logo
Home   |    News
දෙසැම්බර් 27, 2025
ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය කළින්ම ජය ගනිති

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතර තීරුවාන්තපුරම්හිදී පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන්ද පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුු ක්‍රීඩිකාවෝ තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට අද (26 වැනිදා) සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක පහසු ඉලක්කයක් කරා ගිය ඉන්දීය පිතිකාරිණියෝ පන්දුවාර 13.2 ක් අවසානයේදී කඩුලු  2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. මේ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ශෆාලි වර්මා පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 79 ක් වාර්තා කරගත්තාය.

මුලු ලකුණු සංඛ්‍යාව 67 ක්ව තිබියදී කඩුලු 2 ක් දවා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි සමත් වුවත්, අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ඉන්දිය පිල හමුවේ ලබා දිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකිවීම නිසා අපහසුවකින් තොරවම ඉලක්කය සපුරා ගැනිමට ප්‍රතිවාදීහු සමත්වූහ. මෙහිදී නායිකා හර්මන්ප්‍රීට් කෞර් නොදැවී ලකුණු 21 ක් සහයෝගය සමගින් ශෆලි වර්මා තරගය අහවර කළාය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඇද බැඳ තබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වද්දී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ඉමේෂා දුලානි වන අතර ඇය පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් රැස් කළාය. ඇයට අමතරව හසිනි පෙරේරා පන්දු 18 කින් ලකුණු 25 ක් රැස් කළාය.

පන්දු යැවීමේදී රේණුකා සිං නිලකුනු  පන්දුවාරයක්ද සමගින් තම පන්දුවාර 4 ලකුණු 21 කට නිමා කරන ලද්දේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියන් සිව් දෙනෙකුගේ කඩුලු දවා ගනිමිනි. ඇයට අමතරව දීප්ති ෂර්මා පන්දුවාර 4 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්වූවාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 112 යි – (හසිනි පෙරේරා 25, ඉමේෂා දුලානි 27, කවීෂා දිල්හාරි 20, කෞෂිනී නුත්‍යාංගනා 19*, රේණුකා සිං 21/4, දීප්ති සිං 18/3)

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 13.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 115 යි – (ෂෆාලි වර්මා 79* හර්මන්ප්‍රීට් කෞර් 21*, කවීෂා දිල්හාරි 18/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee