slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2025
ඌව පළාතේ ආපදාවට මුහුණ දුන් ජනතාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු. ලක්ෂ 50 ක පරිත්‍යාගයක්

sinhala editor

පසුගිය දිනවල ඌව පළාතට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවගේ ජීවන තත්ත්වය යළි සවිබලගැන්වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනාකමකින් යුත් සහන භාණ්ඩ තොගයක් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා වෙත භාර දීම බදුල්ල ක්‍රිකට් සංගම් පරිශ්‍රෙය්දී ඉකුත්දා සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්, බගීරදන් බාලචන්ද්‍රන් මහතාගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 03 වැනි දින සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා සහභාගිව සිටි ඌව පළාත් පාලන කොමසාරිස් කීර්ති දිසානායක මහතා වෙත එම භාණ්ඩ තොගය පිරිනැමිණ.

මෙම ආපදා තත්ත්වයෙන් පිඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවිත යළිත් ගොඩ නගා ගැනීමට අවශ්‍ය උපකරණ කට්ටලය අතරට වතුර මෝටර්, අධි පීඩන වතුර විදින යන්ත්‍ර (ප්‍රෙෂර් ගන්, සවල්, විල්බැරෝ සහ වතුර හෝස් බට ඇතුළු ඒ සඳහා භාවිතයට ගැනෙන අත්‍යවශ්‍ය උපකරණ ඇතුළත් උපකරණ කට්ටල 25 ක් මෙදිනදී පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පිරිනැමිණ.

මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තුළ ඇතිවී ඇති ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා අවතැන්වී පීඩා විඳින ජනතාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සහන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) විසින් විශේෂ කටයුතු කීපයක් සිදුකරනු ලැබීය.

ඒ අතර

  • ගංවතුර හේතුවෙන් නිවාස ජලයෙන් ජයව අවතැන්ව සිටින මහජනතාවට නවා තැන්ගැනීම සදහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය විවෘතව තැබීම
  • එම ජනතාවට සේවා සැපයීමෙහි පූර්ණ කටයුතුවලට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යය මණ්ඩලයේ සහයෝගය ලබාදීම
  • දිනපතා ආහාර පාර්සල් ලබාදීම
  • සහන මෙහෙයුම්වල නිරත රජයේ නිලධාරීන් සමග සම්බන්ධවී කටයුතු කිරීම යන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අඛණ්ඩව සිදුකරනු ලැබීය.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා සහ ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ සහන මෙහෙයුම්වලට සම්බන්ධ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවී මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar