ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායම දින එකහමාරක් තුළ දී අද (13) ඉනිමකින් සහ ලකුණු 183කින් ගාලු ක්‍රීඩා සමාජය පරදා පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
ගාලු ක්‍රිකට් සමාජයට මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ලකුණු 307ක් අවශ්‍ය වුවත් ඔවුන් දෙවන ඉනිමේ දී ද රැස් කළේ ලකුණු 123ක් පමණකි. මේ තුන්දින තරගයේ දෙවන දිනය වු අද දිවා ආහාරයට මඳකට පසුව නිමාවට පත් විය.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය ප්‍රථම ඉනිමේ දී ලකුණු 48කට කඩුලු හතරක් ද දෙවන ඉනිමේ දී ලකුණු 53කට කඩුලු පහක් ද දවා සම්පූර්ණ තරගයේ දී කඩුලු නවයක්ම දවාලුවේ ලකුණු 101ක් දීමෙනි. ප්‍රථම දින තරගය නිම වන විට නොදැවී ලකුණු 110ක් රැස් කර සිටි එස්.එස්.සී. අංක හය පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු අද උදෑසන දැවී යන විට වේගවත් ලකුණු 187ක් ලබා සිටියේය. නුවනිඳු ලකුණු 187ක් රැස් කළේ පන්දු 122කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 13ක් සමගය.
එස්.එස්.සී. පළමු ඉනිමේ කඩුලු නවයකට රැස් කළ ලකුණු හාරසිය විසි හතරේ (424) පන්දු වාරයක දළ වේගය 6.8ක් වීම විශේෂත්වයකි.
පන්දු යවන්නන් සිව්දෙනෙකුම අද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීම ද මෙදින විශේෂ සිදුවීම් අතර විය. මීගමුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මීගමුව ක්‍රීඩා සමාජයේ අමිත සංදීප පෙරේරා ලකුණු 29කට කඩුලු හතක් දවලීම අද දිනයේ මෙන්ම මේ තරගාවලියේ මෙතෙක් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොතට එක් වේ.
මීට අමතරව එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ගාලු ක්‍රිකට් සමාජය සමග අද ලකුණු 53කට කඩුලු පහක් ද කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ දිලන්ක අවුවාඩ් නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 59කට කඩුලු පහක් ද යුද හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම් තරගයේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ උමේග චතුරංග ලකුණු 121කට කඩුලු පහක් ද දවාලුහ.
ශතක රැස් කළ පිතිකරුවන් වුයේ මීගමුව ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ ජයසිංහ සෙබස්ටියනයිට්ස් පිලට එරෙහිව පන්දු 303ක දී හතරේ පහර 14ක් සමග ලකුණු 133 ක්ද සහ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රිෂේන් අපොන්සු කැන්ඩි කස්ටම්ස් සමග තරගයේදී පන්දු 181ක දී හතරේ පහර හතක් හයේ පහරක් සමග ලකුණු 122 ක් ලබා ගත්හ.
සෙනසුරාදා (අද) දීර්ඝතම සබඳතාවය වුයේ මීගමුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් අතර තරගයේ දී මීගමුව කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ (ලකුණු 123) සහ දිමුත් සඳරුවන් (ලකුණු 85) හය වන කඩුල්ලට පන්දුවාර හැටක දී රැස් කළ ලකුණු 178ක සබඳතාවයයි.
ලකුණු සාරාංශය
- එස්.එස්.සී. ඉනිමකින් සහ ලකුණු 183කින් ගාලු ක්‍රිකට් සමාජය පරාජය කරයි
ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 28.5ක දී සියල්ල දැවී ලකුණු 118 – (සුපුන් කවිඳ 54, රන්ජිත් ප්‍රියාන් 27, අමිත් එරන්ද 10, ප්‍රමෝද් මධුෂාන් 32/5, ප්‍රභාත් ජයසූරිය 48/4)
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62.2ක දී කඩුලු 9ක් දැවී ලකුණු 424 – (නුවනිඳු ප්‍රනාන්දු 187, අවිශ්ක ප්‍රනාන්දු 68, මලින්ද සිරිවර්ධන 39, ක්‍රිෂාන් සංජුල 32, කවිඳු නදීෂාන් 32, ෂෙවොන් ඩැනියල් 29, රජිව් වීරසිංහ 132/4, හංසමාන ද සිල්වා 41/2)
ගාලු ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 37.3ක දී සියල්ල දැවී ලකුණු 123 – (හංසමාන ද සිල්වා 36, රජිත ප්‍රියාන් 21, සුභානු රාජපක්ෂ 20, සුපුන් කවිඳු 14, ප්‍රභාත් ජයසූරිය 53/5, කවිඳු නදීෂාන් 9/3)
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමේ දී ඉදිරියට යයි
රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68ක දී සියල්ල දැවී 187 – (කවිඳු රණසිංහ 65, රන්මිත් ජයසේන 38, හසිත් පෙරේරා 34, මලීෂ සිල්වා 15, තරූෂ් දමිඳු 45/4, දනෝෂ් ද සිල්වා 38/3, කවිඳු එදිරිවීර 64/2)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 51.5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 193 – (නිපුණ ගමගේ නොදැවී 90, ආදිත්‍ය සිරිවර්ධන 24, දෙනුවන් රාජකරුණා 23, විකුම් සංජය 45/2, මලීෂ සිල්වා 16/1)
- ලියෝ ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් තිදෙනෙකුගෙන් අර්ධ ශතක
මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 34.1ක දී සියල්ල දැවී 131 – (රශ්මික මෙවන් 72, පුබුදු බණ්ඩාර 16, පූර්ණ ප්‍රභාත් 14, මංගල ප්‍රදීප් 40/4, මල්ෂාන් ගුණසිංහ 18/3, සොනාෂ් ප්‍රනාන්දු 34/3)
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 115.4ක දී සියල්ල දැවී ලකුණු 369 – (හිරුන් සිගේරා 94, අෂේන් මෙන්ඩිස් 79, අකීල් ඉන්හම් නොදැවී 78, නෙත්ම කරුණාරත්න 32, අෂාන් ප්‍රනාන්දු 19, නවීන් කවිකාර 106/4, මෙතුෂාන් තිළිණ 45/2, ඉමේෂ් උදයංග 56/2)
මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 17.1ක දී කිසිවෙකු නොදැවී ලකුණු 52 – (පුබුදු බණ්ඩාර නොදැවී 34, අභිෂේක් ලියනආරච්චි නොදැවී 17)
- නාවික හමුදාව පළමු ඉනිමේ දී ඉදිරියට යයි
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70.1ක දී සියල්ල දැවී 301 – (තෙවිඳු දික්වැල්ල 113, වරුණ මයන්ත 92, ඉෂාන් අබේසේකර 34, පූර්ණ චාරුක 21, උවිඳු පෙරේරා 17, යේසිත් රූපසිංහ 54/4, සූදාර දක්ෂිණ 31/3)
කොළඹ මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 42.2 දී සියල්ල දැවී 227 – (වෝෂිත අමරසිංහ 87, තිමිර මල්ෂාන් 77, යේසිත් රූපසිංහ 15, හිරන්ත ජයසිංහ 12, දිලංක අවුවාඩ් 59/5, ඉෂාන් අබේසේකර 35/3)
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 60.1ක දී සියල්ල දැවී 209 – (සුමල්ක ප්‍රනාන්දු 60, ඉෂාන් අබේසේකර 33, තෙවිඳු දික්වැල්ල 27, පූර්ණ චාරුක 26, මයුර මල්ෂාන් 18, වරුණ මයන්ත 17, සුදාර දක්ෂිණ 30/4, යේසිත් රූපසිංහ 50/3, චානක දේවින්ද 62/2)
- මීගමුව ක්‍රීඩා සමාජයෙන් විශිෂ්ට දස්කම්
මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 130ක දී සියල්ල දැවී ලකුණු 386 – (ඇන්ජලෝ ජයසිංහ 133, දිමුත් සඳරුවන් 85, උමේෂ් ලක්ෂාන් 37, පසිඳු තිරිමැදුර 37, හංසජ හිරුණ නොදැවී 30, පුළින තරංග 25, කවීන් ප්‍රනාන්දු 16, හෂාන් සංදීප 113/4, මනෙල්ක ද සිල්වා 44/2, මධුනක විජයතිලක 48/2)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 42ක දී කඩුලු 9ක් දැවී ලකුණු 106 – (රුසිරු විලෝචන 20, මිරංග වික්‍රමගේ 17, මලිත හපුආරච්චි නොදැවී 12, අමිත සංදීප පෙරේරා 29/7, ධනුෂ්ක සඳරුවන් 32/2)
- යුද හමුදාව – කැන්ඩි කස්ටම්ස් කරට කර සටනක
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 99.2ක දී සියල්ල දැවී ලකුණු 379 – (ක්‍රිෂේන් අපොන්සු 122, පැතුම් දිල්ෂාන් 61, ජනිත් ද සිල්වා නොදැවී 50, සෙහද සොයිසා 45, මනුෂ්ක සමිත් 23, තිසර පෙරේරා 18, උමේග චතුරංග 123/5, යශෝධ මෙන්ඩිස් 54/4)
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට පන්දුවාර 55ක දී කඩුලු 5කට ලකුණු 197 – (මලිඳු මධුරංග 50, අවිඳු තීක්ෂණ නොදැවී 46, ප්‍රමේෂ් මධුභාෂණ 36, අෂාන් රන්දික 33, සෙහද සොයිසා 65/3, සීක්කුගේ ප්‍රසන්න 53/2)






