ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විණි.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු දහයකින් ද කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු හතකින් ද ජයග්‍රහණ අත්කර ගත්තේ පහසු ආකාරයෙනි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ටියර් බී කොටසේ මේ ක්‍රිකට් තරගාවලියේ දී සතියන්ත හතරක දී පිට පිට ම අත්කර ගත් සිව් වන ජයග්‍රහණය මෙයයි. මේ ජයග්‍රහණයන්හි විශේෂත්වය වනුයේ දින දෙකක් ඇතුළත දී තරග කිහිපයක් ම නිම කිරීමය.
එස්.එස්.සී. සහ මීගමුව ක්‍රිකට් සමාජ අතර තරගයෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 267ට පිළිතුරු ලෙස මීගමුව ක්‍රිකට් සමාජය රැස් කළේ ප්‍රථම ඉනිමේ ලකුණු 94ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 187ක් පමණකි. ජයග්‍රහණය සඳහා එස්.එස්.සී. කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 15ක් අවශ්‍ය වු අතර ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 17ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
එස්.එස්.සී. කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ තරගයේ දී කඩුලු 13ක් ම දවාලීම විශේෂතම සිදුවීමකි. ප්‍රභාත් ප්‍රථම ඉනිමේ දී ලකුණු 54කට කඩුලු හයක් ද දෙවන ඉනිමේ දී ලකුණු 85කට කඩුලු හතක් ද දවාලමින් මේ දක්ෂතාවය දැක්වීය.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප්, සෙහද සොයිසා සහ මල්ක මධුශංක යන පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මත යුද හමුදා ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමේ දී ලකුණු 172කටත් දෙවන ඉනිමේ දී ලකුණු 171කටත් දැවී ගියහ. මංගල ප්‍රදීප් ප්‍රථම ඉනිමේ දී කඩුලු හයක් ද දෙවන ඉනිමේ දී සෙහද සොයිසා සහ මල්ක මධුශංක කඩුලු හතර බැගින් ද දවාලීමෙන් යුද හමුදා පිතිකරුවන්ට විශාල ලකුණු කරායාමට කිසිදු අවස්ථාවක් උදා නොවීය.
මේ අතර ප්‍රථම දිනයේ දී කැන්ඩි කස්ටම්ස් සමග නොදැවී ලකුණු 227ක් රැස් කළ යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අදීෂ නානායක්කාර අද දිනයේදීත් ත්‍රිත්ව ශතකයක් කරායාමට උත්සාහ ගනිමින් පිතිකරණයේ යෙදී සිටිය දී කණ්ඩායමේ නව වන පිතිකරු ලෙසට දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 273කට ය. අදීෂ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 280කට පමණක් මුහුණ දී හතරේ පහර 23ක් සහ හයේ පහර 12ක් ද එල්ල කළේය.
පිතිකරුවන් අතුරින් ගාල්ල ක්‍රිකට් සමාජයේ අමිත් එරන්ද නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග දෙවන ඉනිමේ දී පන්දු 74කට මුහුණ දී හතරේ පහර අටක් හයේ පහර හයක් සමග නොදැවී වේගවත් ලකුණු 105ක් රැස් කරමින් ශතකයක් ලැබීය. ගාල්ල ආරම්භක කඩුල්ලට අමිත් සහ රමේෂ් නිමන්ත පන්දුවාර 22.2ක දී වේගවත් ලකුණු 172ක සබඳතාවයක් පැවැත්විය. මෙහිදී රමේෂ් නිමන්ත ලකුණු 73ක් රැස් කළේ පන්දු 68කට මුහුණ දී හතරේ පහර දහයක් සහ හයේ පහරක් සමගය.
පන්දු යවන්නන් කිහිපදෙනෙකුම අද විශේෂ දක්ෂතා පෙන්වීම ද කැපී පෙනුණි. මොරටුව ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී මැලේ කණ්ඩායමේ චානක දේවින්ද ලකුණු 119කට කඩුලු පහක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි ලකුණු 52කට කඩුලු පහක් ද ගාල්ල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ රජීව වීරසිංහ ලකුණු 85කට කඩුලු හතක් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 85කට කඩුලු හතක් ද දවාලමින් අද දිනයේ දී කැපී පෙනුණි.
ලකුණු සාරංශය
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු 10කින් මීගමුව ක්‍රිකට් සමාජය පරාජය කරයි
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 80.1ක දී සියල්ල දැවී ලකුණු 267 – නිපුන් ධනංජය 70, ලක්ෂිත මනසිංහ 54, ප්‍රමෝද් මධුෂාන් 50, කවිඳු නදීෂාන් 19, නිවනිඳු ප්‍රනාන්දු 18, ක්‍රිෂාන් සංජුල 16, ප්‍රභාත් ජයසූරිය 16, අමිත සංදීප පෙරේරා 79/3, ශෙෂාන් ප්‍රනාන්දු 23/2, හංසජ හිරුණ 51/2, ධනුෂ්ක සඳරුවන් 57/2
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 36.3ක දී සියල්ල දැවී ලකුණු 94 – කවීන් ප්‍රනාන්දු 32, ශෙෂාන් ප්‍රනාන්දු 25, දිමුත් සඳරුවන් 16,ප්‍රභාත් ජයසූරිය 54/6, චරිත් අසලංක 23/4
මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 40.5 දී සියල්ල දැවී ලකුණු 187 – කවීන් ප්‍රනාන්දු 71, ශෙෂාන් ප්‍රනාන්දු 38, පසිඳු තිරිමැදුර 23, උමේෂ් ලක්ෂාන් 18, ප්‍රභාත් ජයසූරිය 85/7, චරිත් අසලංක 28/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 2ක දී කිසිවෙකු නොදැවී ලකුණු 17 – ෂෙවොන් ඩැනියල් නොදැවී 09, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 08
- ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු 7කින් යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරයි
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 36.1ක දී සියල්ල දැවී ලකුණු 172 – මනුෂ්ක සමිත් 40, සෙහද සොයිසා 28, ක්‍රිෂේන් අපෝන්සු 23, සීක්කුගේ ප්‍රසන්න 22, ජනිත් ද සිල්වා 17, මහීෂ් තීක්ෂණ 13, මංගල ප්‍රදීප් 47/6, මල්ෂාන් ගුණසිංහ 45/2, ෂෙනාෂ් ප්‍රනාන්දු 55/2
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 62.5ක දී සියල්ල දැවී ලකුණු 233 – අකීල් ඉන්හම් 86, ෂෙනාෂ් ප්‍රනාන්දු නොදැවී 51, මංගල ප්‍රදීප් 18, අෂාන් ප්‍රනාන්දු 16, සෙහද සොයිසා 48/4, මල්ක මධුශංක 77/4
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 51.3ක දී සියල්ල දැවී ලකුණු 171 – පැතුම් දිල්ෂාන් 37, සෙහද සොයිසා 28, සීක්කුගේ ප්‍රසන්න 27, අෂාන් සුදර්ශන 26, මනුෂ්ක සමිත් 16, ජනිත් ද සිල්වා 15, ෂෙනාෂ් ප්‍රනාන්දු 23/4, මල්ෂාන් ගුණසිංහ 54/3, මංගල ප්‍රදීප් 67/2
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 20.4ක දී කඩුලු 3ක් දැවී ලකුණු 114 – අයොන් ප්‍රනාන්දු 53, අෂේන් මෙන්ඩිස් නොදැවී 31, විශ්ව රාජපක්ෂ නොදැවී 29, හර්ෂජිත් රුෂාන් 32/2
- මොරටුව ක්‍රීඩා සමාජය ප්‍රභල තත්ත්වයක
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 111.5ක දී සියල්ල දැවී ලකුණු 314 – ගැවින් බොතේජු 99, දුනිත් ලෝචන 87, ඉමේෂ් උදයංග 23, පුබුදු බණ්ඩාර 22, චානක රුවන්සිරි 19, අනුෂ්ක පෙරේරා 13, චානක දේවින්ද 119/5, තිමිර මල්ෂාන් 21/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 54.3ක දී සියල්ල දැවී ලකුණු 162 – චානක දේවින්ද නොදැවී 34, ටෙරන් බාස්කරන් 31, හිරන්ත ජයසිංහ 20, කවිඳු ඉෂාර 18, නිමන් උමේෂ් 17, චානක රුවන්සිරි 52/5, ගයාන් සිරිසෝම 41/3
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 6.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 19 – හිරන්ත ජයසිංහ නොදැවී 09, ගයාන් සිරිසෝම 3/1
- අදීෂ නානායක්කාරට ත්‍රිත්ව ශතකය අහිමි වේ
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 104.2ක දී සියල්ල දැවී ලකුණු 474 – අදීෂ නානායක්කාර 273, ආදිත්‍ය සිරිවර්ධන 61, කවිඳු එදිරිවීර 42, දෙනුවන් රාජකරුණා 35, පැතුම් බොතෝජු 12, අවිඳු තීක්ෂණ 49/3, යශෝධ මෙන්ඩිස් 84/3
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 73ක දී කඩුලු 5ක් දැවී ලකුණු 285 – මලිඳු මධුරංග 64, ප්‍රමේෂ් මධුභාෂණ 45, ළහිරු අත්තනායක 38, මිතුන් ජයවික්‍රම නොදැවී 38, අශාන් රන්දික 30, ලක්ෂාන් ගමගේ නොදැවී 30, දනෝෂ් ද සිල්වා 58/3, තරූෂ් දමිඳු 84/2
- කණ්ඩායම් දෙකම කරට කර සටනක
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 52ක දී සියල්ල දැවී ලකුණු 148 – නවිඳු නිර්මාල් 31, මනෙල්ක ද සිල්වා 22, මාලිංග මලිගස්පේ 20, රුසිරු විලෝචන 18, චරිත් රාජපක්ෂ 13, කසුන් කරුණාතිලක 65/5, උපුල් ඉන්ද්‍රසිරි 33/4
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 45.4ක දී සියල්ල දැවී ලකුණු 169 – රන්මිත් ජයසේන 47, සමීන් කඳනආරච්චි 32, සහිල් ඩයස් 28, රවිඳු සෙම්බුකුට්ටි 18, කසුන් කරුණාතිලක 11, මෙදුනක විජයතිලක 41/5, චරිත් රාජපක්ෂ 15/2, මලිත හපුආරච්චි 50/2
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 77ක දී කඩුලු 9ක් දැවී ලකුණු 230 – නවිඳු නිර්මාල් 51, මනෙල්ක ද සිල්වා 48, මාලිංග මලිගස්පේ 44, තරූෂ ප්‍රනාන්දු නොදැවී 32, උමයංග සුවාරිස් 18, විදර්ශන විස්මිත 54/3, කසුන් කරුණාතිලක 61/3, උපුල් ඉන්ද්‍රසිරි 75/3
- ගාල්ල ක්‍රිකට් සමාජයෙන් වැඩි දස්කම්
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 94ක දී සියල්ල දැවී ලකුණු 326 – ලිසුල ලක්ෂාන් 101, රජිත් ප්‍රියාන් 50, සුපුන් කවිඳ 48, අමිත් එරන්ද 46, සුභානු කවීෂ රාජපක්ෂ 28, චතුර රන්දුනු නොදැවී 25, රජීව වීරසිංහ 21, ඉෂාන් අබේසේකර 74/4, පූර්ණ චාරුක 44/2
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 50.4ක දී සියල්ල දැවී ලකුණු 219 – පූර්ණ චාරුක 51, සුමල්ක ප්‍රනාන්දු 40, ඉෂාන් අබේසේකර 30, තෙවිඳු දික්වැල්ල 24, ලක්ෂාන් රුද්‍රිගෝ 18, රවීන් තරිඳු 15, රජීව වීරසිංහ 85/7
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 26ක දී කඩුලු 3ක් දැවී ලකුණු 185 – අමිත් එරන්ද නොදැවී 105, රමේෂ් නිමන්ත 73, පූර්ණ චාරුක 31/2





