slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2025
කෙවින් සැමුවෙල්ගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය වු අද (20) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී කොළඹ මැලේ කණ්ඩායමේ කෙවින් සැමුවල් ලකුණු 157ක් රැස් කරමින් පිතිකරුවන් අතුරින් දිනයේ කැපී පෙනුණු දක්ෂතාව පෙන්විය.

 කෙවින් සැමුවල් ලකුණු 157ක් රැස් කළේ පන්දු 252කට මුහුණ දී හතරේ පහර තුනක් සහ හයේ පහර අටක් සමගය. කෙවින් සැමුවල් පළමු ඉනිමේ තෙවන කඩුල්ලට වෝෂිත අමරසිංහ සමග ලකුණු 124ක සබඳතාවයක් ද පැවැත් විය. මෙහිදී වෝෂිත අමරසිංහ රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 54කි.

 පන්දු යවන්නන් කිහිපදෙනෙකුම අද දිනයේදීත් දක්ෂතා අතර සිටිනු දක්නට ලැබිණි. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායම පළමු ඉනිමේ රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස රාගම ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ දී සියල්ල දැවී රැස් කළ හැකි වුයේ ලකුණු 176ක් පමණකි.

 රාගම ක්‍රිකට් සමාජය අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ප්‍රධානම හේතුව වුයේ එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රබල දඟපන්දු යවන්නා වු ප්‍රභාත් ජයසූරිය ලකුණු 78කට කඩුලු හයක්ම දවාලීමය.

 මීගමුව ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී මීගමුව ක්‍රිකට් සමාජයේ හංසජ හිරුණ ලකුණු 70කට කඩුලු පහක් දවාලීමෙන් දැක් වු දක්ෂතා මත ගාල්ල ක්‍රීඩා සමාජයේ පළමු ඉනිම ලකුණු 233කට සීමා විණි. දෙවන ඉනිමේ දී ද ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 22කට කඩුලු තුනක් දැවී ගොස් සිටින හෙයින් ඔවුනට ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 134ක් අවශ්‍යව පවතී.

 තවත් තරග කිහිපයකම විසඳුම් ලැබෙන ලකුණු අද දිනයේ තරග නිම වන විට පහළව තිබිණි.

 යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ පළමු ඉනිමේ දී කණ්ඩායම් දෙකම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 311ක් රැස් කරද්දී දිනය නිම වන විට ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු දෙකක් දැවී ලබා සිටියේ ලකුණු 18ක් පමණකි.

 නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 106කට කඩුලු අටක් දැවී අවදානම් තත්ත්වයක පසු වේ.

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ද එස්.එස්.සී. කණ්ඩායම මේ වන විට ප්‍රබල තත්ත්වයක සිටී.

ලකුණු සාරාංශය

  • මීගමුව ක්‍රිකට් සමාජය – ගාල්ල ක්‍රිකට් සමාජය – මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

 මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 82ක දී සියල්ල දැවී ලකුණු 379 උමේෂ් ලක්ෂාන් නොදැවී 175, ශෙෂාන් ප්‍රනාන්දු 138, අමිත සංදීප පෙරේරා17, රංජිත් ප්‍රියාන්55/4, අසේල සම්පත් 77/5

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 75ක දී සියල්ල දැවී ලකුණු 223 හංසමාන ද සිල්වා 38, රජීව වීරසිංහ නොදැවී 33, අමිත් එරන්ද 31, රමේෂ් නිමන්ත 30, ලිසුල ලක්ෂාන් 29, රජිත් ප්‍රියාන් 20, හංසජ හිරුණ 70/5, ධනුෂ්ක සඳරුවන් 61/4

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 13ක දී කඩුලු 3ක් දැවී ලකුණු 22 රමේෂ් නිමන්ත 10, අමිත් සංදීප පෙරේරා 5/2

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – යුනයිටඩ් සදර්න් – ලියෝ ක්‍රීඩා සමාජ තරගයේ විසඳුමක් ලැබෙන ලකුණු

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 37ක දී සියල්ල දැවී ලකුණු 126 – කවිඳු එදිරිවීර 27, ආදිත්‍ය සිරිවර්ධන 22, දිල්ෂාන් කාංචන 21, පෙසඳු සංජාන් 17, හංස මිහිරංග 15, මංගල ප්‍රදීප් 41/5, මල්ෂාන් ගුණසිංහ 33/3, ප්‍රවීන් ද සිල්වා 32/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 52.4ක දී සියල්ල දැවී ලකුණු 141 – මංගල ප්‍රදීප් 35, මල්ෂාන් ගුණසිංහ  නොදැවී 31, අකිල් ඉන්හම් 26, හිරුන් සිගේරා 21, දනෝෂ් ද සිල්වා 44/4, තරූෂ් දමිඳු 52/4

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 74.1ක දී සියල්ල දැවී ලකුණු 311 – කවිඳු එදිරිවීර 76, ආදිත්‍ය සිරිවර්ධන 53, පෙසඳු සංජාන් 50, නිපුන ගමගේ 32, අදීෂ නානායක්කාර 24, දෙනුවන් රාජකරුණා 19, ෂෙනාෂ් ප්‍රනාන්දු 40/4, මල්ෂාන් ගුණසිංහ 87/3

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 8.1ක දී කඩුල්ලක් දැවී ලකුණු 18 – හිරුන් සිගේරා නොදැවී 13, දනෝෂ් ද සිල්වා 4/1

  • සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය –  සෙබස්ටියනයිට්ස් – කැන්ඩි කස්ටම්ස් කරට කර තරගයක

සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 92.1ක දී සියල්ල දැවී ලකුණු 258 – උමයංග සුවාරිස් 86, තරූෂ් ප්‍රනාන්දු 43, රුසිරු විලෝචන 38, නවිඳු නිර්මාල් 31, මාලිංග මලිගස්පේ 22, කවිඳු ඉඳුවර 34/3, උමේග චතුරංග 55/2, මිතුන් ජයවික්‍රම 85/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70.3ක දී සියල්ල දැවී ලකුණු 226 – ලක්ෂාන් ගමගේ 86, ළහිරු අත්තනායක 66, ප්‍රමේෂ් මධුභාෂණ 21, මිතුන් ජයවික්‍රම 15, මලිත හපුආරච්චි 24/3, බිෂාන් හෙට්ටිආරච්චි 37/3, හෂාන් සංදීප 48/2

සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 5ක දී කිසිවෙකු නොදැවී ලකුණු 12

•     එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – රාගම ක්‍රීඩා සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉදිරියෙන්

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 90.1ක දී සියල්ල දැවී ලකුණු 364 – නිපුන් ධනංජය 149, ෂෙවෝන් ඩැනියල් 58, අවිශ්ක ප්‍රනාන්දු 45, නුවනිඳු ප්‍රනාන්දු 33, ප්‍රභාත් ජයසූරිය නොදැවී 26, කවිඳු නදීෂාන් 18, උපුල් ඉන්ද්‍රසිරි 121/5, කොසාන් ජයවික්‍රම 112/2

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 43.2ක දී සියල්ල දැවී ලකුණු 176 – විකුම් සංජය 39, රන්මිත් ජයසේන 37, සමීන් කඳනආරච්චි 22, මනීෂ රූපසිංහ 21, මලීෂ සිල්වා 19, සහිල් ඩයස් 17, ප්‍රභාත් ජයසූරිය 78/6, ප්‍රමෝද් මධුශාන් 22/3

රාගම ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 41ක දී කඩුලු 3ක් දැවී ලකුණු 139 – සහිල් ඩයස් 48, සමීන් කඳනආරච්චි 41, කවිඳු රණසිංහ 37, නුවනිඳු ප්‍රනාන්දු 1/2

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය- නාවික හමුදාව දෙවන ඉනිමේ දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලකුණු

 නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 76.4ක දී සියල්ල දැවී ලකුණු 271 – සුමල්ක ප්‍රනාන්දු 42, මයුර මල්ෂාන් 38, රවිඳු මිලාන් 36, තෙවිඳු දික්වැල්ල 30, දිලංක අවුවාඩ් 29, අමිල ලක්ෂාන් නොදැවී 26, පූර්ණ චාරුක 21, රංජිත් රත්නායක 15, චානක රුවන්සිරි 49/6

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 66ක දී සියල්ල දැවී ලකුණු 225 –  විදුර ලක්ෂාන් නොදැවී 60, රශ්මික මෙවන් 42, පුබුදු බණ්ඩාර 32, දිනිත සිරිවර්ධන 29, ගෙවින් බොතේජු 24, අභිෂේක් ලියනආරච්චි 20, රවිඳු මිලාන් 31/3, පූර්ණ චාරුක 40/3, ඉෂාන් අබේසේකර 52/2, දිලංක අවුවාඩ් 60/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 33ක දී කඩුලු 8ක් දැවී ලකුණු 106 – සුමල්ක ප්‍රනාන්දු 27, රාජිත රත්නායක නොදැවී 21, වරුණ මයන්ත 14, මධුෂික සඳරුවන් 18/3, ගයාන් සිරිසෝම 28/2

  • කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය – කෙවින් සැමුවෙල්ගෙන් විශිෂ්ට දක්ෂතාවයක්

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 104.3ක දී සියල්ල දැවී ලකුණු 359 – කෙවින් සැමුවෙල් 157, වෝෂිත අමරසිංහ 54, ටෙරන් බාස්කරන් 47, නිමන් උමේෂ් 36, තිමිර මල්ෂාන් 18, යේසිත් රූපසිංහ 16, තීක්ෂණ වික්‍රමසිංහ 52/3, ජනිත් ද සිල්වා 28/2, ෂෙහද සොයිසා 74/2, සීක්කුගේ ප්‍රසන්න 87/2

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 43.5ක දී කඩුලු 3ක් දැවී ලකුණු 161– අෂාන් සුදර්ශන 44, ක්‍රිෂේන් අපෝන්සු 34, මනුෂ්ක සමිත් නොදැවී 31, වෝෂිත අමරසිංහ 14/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee