slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2025
ජාතික පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට ශ්‍රීධර්ව කැඳවයි

sinhala editor

ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔහුගේ මේ පත්වීම 2025 දෙසැම්බර් මස 11 වැනිදා සිට මාර්තු මස 10 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් පුහුණු අංශයේ තෙවැනි ශ්‍රේණියේ සහතිකයකට හිමිකම් කියන ශ්‍රීධර් මහතා වර්ෂ 2014 සිට 2021 දක්වා කාලය තුළ පැවැති ජාත්‍යන්තර තරග 300 කට අධික සංඛ්‍යාවකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කොට අත්දැකීම් සම්භාරයක් ලබා ඇති පුහුණුකරුවෙකි.

ශ්‍රීධර් මහතාගේ නව භූමිකාව තුළින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ අංශයේ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පාකිස්තානය සහ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉදිරි සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතය. මෙම තරගාවලි දෙකෙන් අනතුරුව පැවැත්වෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ අංශය සූදානම් කිරීම වෙනුවෙන් ඔහු කටයුතු කරනු ඇත.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සෑම විටම සහජ දක්ෂතාවය, ඕනෑම පීඩන තත්ත්වයක් යටතේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. මගේ වගකීම වෙලා තියෙන්නේ නව ක්‍රමයන් හඳුන්වාදීමට වඩා ක්‍රීඩා විලාශය, දැනුවත්භාවය සහ ක්ෂේත්‍රෙය් ඇති අභිමානය ස්වභාවිකව වර්ධනය කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රීධර් සඳහන් කර සිටියේය.

ශ්‍රීධර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතියට ආගන්තුකයකු නොවන අතර ඔහු මේ වසර මුලදී ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ දින 10 ක විශේෂිත පන්දු රැකීමේ සටහනක් පැවැත්වූවේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතු සාම්ප්‍රදායික ඉක්මන් අත් චලනය, එසැනින් පන්දුවට දක්වනු ලබන ප්‍රතිචාරය  ක්‍රීඩාව තුළ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම තුළින් තවදුරටත් කණ්ඩායමේ පන්දු රැකීම වැඩි දියුණු කළ හැකි“ යැයි ශ්‍රීධර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee