slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2025
‘ටියර් බී‘ ප්‍රථම ශතකය සෙබස්ටියනයිට්ස්හි රුසිරුගෙන්  

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජය ‘ටියර් බී කොටසේ‘ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන සති අන්තයේ ප්‍රථම දිනය වු අද (05) දිනයේ විශේෂතම සිදුවීම වුයේ කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ ආරම්භ වු සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ රුසිරු විලෝචන නොදැවී ලකුණු 120ක් රැස් කිරීමය. මෙය මේ තරගාවලියේ ප්‍රථම ශතකයයි.

සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරු වන රුසිරු විලෝචන දෙවන කඩුල්ලට සඳුන් ප්‍රනාන්දු සමග දීර්ඝ සබඳතාවයක්  පැවැත් වුයේ ලකුණු 188ක් රැස් කරමිනි. රුසිරු විලෝචන පන්දු 170ක දී හතරේ පහර පහළොවක් සමග නොදැවී ලකුණු 120ක් ද සඳුන් ප්‍රනාන්දු පන්දු 167ක දී හතරේ පහර අටක් සමග ලකුණු 66ක් ද රැස් කළහ. දිනය නිම වන විට සෙබස්ටියනයිට්ස් කඩුලු දෙකකට ලකුණු 201ක් ලබා සිටියේය.

 දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු එස්.එස්.සී. – කැන්ඩි කස්ටම්ස් අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු තුන බැගින් දවාලමින් දැක් වු දක්ෂතා මත කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට පළමු ඉනිමේ දී සියල්ල දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 155ක් පමණකි.

 මෙදින තරගාවලියට ද අයහපත් කාලගුණය සහ වර්ෂාවෙන් බාධා ඇති විණි. දිනයේ නියමිත පරිදි ආරම්භ වු තරග වුයේ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ කළම්බු මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයත් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජයත් අතර තරගයත් පමණකි.

 දිවා ආහාරයෙන් පසුව ගාලු ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගය ආරම්භ වුයේ අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. සවස තේ පානයට මඳකට පෙර ඇද හැලුණු වර්ෂාවත් සමගම තරග කිහිපයක්ම නතර කිරීමට සිදු විණි.

 මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීත් නිගම්බු ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත් සෙනසුරාදා (06) ආරම්භ වීමට නියමිතය.

ලකුණු සාරාංශය

  • යුනයිටඩ් සදර්න් – කළම්බු මැලේ

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 44ක දී කඩුලු 4ක් දැවී ලකුණු 136 – (නිපුන ගමගේ 44, අදීෂ නානායක්කාර 22, කවිඳු එදිරිවීර නොදැවී 21, තිමිර මල්ෂාන් 30/2, හිරන්ත ජයසිංහ 2/1)

  • සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය

 සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 59ක දී කඩුලු 2ක් දැවී ලකුණු 201 – (රුසිරු විලෝචන නොදැවී 120, සඳුන් ප්‍රනාන්දු 66, ප්‍රවීන් ද සිල්වා 34/1, කළණ මධුශංක 40/1)

  • කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම පන්දුවාර 66.5ක දී සියල්ල දැවී ලකුණු 155 – (සුධීර වීරරත්න 27, යශෝධ මෙන්ඩිස් 27, මිතුන් ජයවික්‍රම 20, ළහිරු අත්තනායක 16, උමේග චතුරංග 16, මළිඳු මධුරංග 16, අවිඳු තීක්ෂණ 12, කසුන් රාජිත 19/3, ප්‍රභාත් ජයසූරිය 50/3)

  • ගාලු ක්‍රිකට් සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය

 ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 55ක දී කඩුලු 7ක් දැවී ලකුණු 191 – (අමිත් එරන්ද 37, රනේෂ් නිමන්ත 33, සඳුන් කවිඳ 33, සුභානු රාජපක්ෂ 33, ලිසුල ලක්ෂාන් නොදැවී 20, මෙතුෂාන් තිළණ 23/2, ඉමේෂ් උදයංග 34/2, නවින් කවිකාර 49/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee