slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2025
“දිට්වා” සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු. මිලියන 300 ක පරිත්‍යාගයක්

sinhala editor

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සිදුවූ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් සිදුවූ අති විශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් Rebuilding Sri Lanka  (ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම) අරමුදලට රුපියල් මිලියන 300 ක පරිත්‍යාගයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මෙම තීරණය හරහා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකියන් ආදරයෙන් වැළඳගනු ලබන ක්‍රීඩාවක් නියෝජනය කරන සුවිශේෂී ජාතික ක්‍රීඩා ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති ගැඹුරු වගකීම යළිත් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට හදිසි සහන ලබාදීමේදී සහ බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ දෛනික ජීවිතය ගොඩනැගීම සඳහා අත්‍යාවශ්‍ය මහජන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේදී මෙම දායකත්වය රජයට සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

තවද රට යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වන කැපවීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතිය සමග අඛණ්ඩව සිටින බවත්, අවශ්‍ය විටෙක සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුව අවධාරණය කර තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee