slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2025
පොලිස් පිලේ අශේන් බණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍තෙවැනි සතියේ දෙවැනි දිනය වු අද (20) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව අශේන් බණ්ඩාර පන්දු 235කදී හයේ පහර 5ක් හා හතරේ පහර 16ක් සමඟ ලකුණු 200ක් වාර්තා කළේය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ලක්ෂාන් එදිරිසිංහ බඳුරලිය ක්‍රීඩා සමාජයට එ‍රෙහිව පන්දු 164කදී හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වූ අතර එම පිලේම ගයන වීරසිංහ ලකුණු 52ක් ලබා ගත්තේය.

අද දින අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර, පොලිස් ක්‍රීඩා සමාජයේ හිමේෂ් රාමනායක නොදැවී ලකුණු 70ක්, කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ ලකුණු 52ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 96ක්, එන්සීසී පිලේ කවීන් බණ්ඩාර ලකුණු 79ක්, ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ විජේකාන්ත් වියස්කාන්ත් ලකුණු 59ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ තිලකරත්න සම්පත් නොදැවී ලකුණු 80ක්, බීආර්සී පිලේ සමින්ද ප්‍රනාන්දු නොදැවී ලකුණු 68ක් හා හේෂාන් ධනුෂ්ක නොදැවී ලකුණු 68ක් වාර්තා කළහ.

බ්ලූම්ෆීල්ඩ් පිලේ ජෙෆ්රි වැන්ඩර්සේ කොල්ට්ස් පිලට එරෙහිව ලකුණු 88කට කඩුලු 6ක් වාර්තා කළ අතර, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ අනුක් ප්‍රනාන්දු පානදුරට එරෙහිව ලකුණු 44කට කඩුලු 5ක් හා හලාවත මේරියන්ස් පිලේ ඉරුෂ්ක තිමිර ලොගිස් ක්‍රීඩාසෙමාජයට එ‍රෙහිව ලකුණු 172කට කඩුලු 5ක් බිද හෙළූහ.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – කෝල්ට්ස් අතර තරගය එන්සීසී පිටියේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 77කදී සියලු දෙනා දැවී ලකුණු 233

මි‍නෙත් ‍ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ළහිරු මධුසංඛ 39 (උදිත් මධුෂාන් 43/4, අකිල ධනංජය 52/2, මුදිත ලක්ෂාන් 18/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 77.2කදී සියලු දෙනා දැවී ලකුණු 299

රවිඳු රසාන්ත 32, සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 96, ශෙරාන් ෆොන්සේකා 22, මුදිත ලක්ෂාන් 16, අකිල ධනංජය 20 (ජෙෆ්රි වැන්ඩර්සේ 88/6, රවිඳු ප්‍රනාන්දු 60/3)

බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 6කදී කඩුලු 1ක් දැවී ලකුණු 21

කසුන් අබේරත්න නොදැවී 14

පොලිස් – හලාවත මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් පිටියේදී

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 115.2කදී සියලු දෙනා දැවී ලකුණු 477

ධනුජ ඉඳුවර 18, ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 200, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක නොදැවී 70 (ඉරුෂ්ක තිමිර 172/5, මෙලන් හංසික 158/3, නිම්සර අතරගල්ල 68/2)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 8කදී කඩුලු 8ක් දැවී ලකුණු 147

තනුක දාබරේ 30, හිරාන් ජයසුන්දර 15, සකුන ලියනගේ 34, හර්ෂ කුරේ 31 (හිමේෂ් රාමනායක 39/2, දිලුම් සුධීර 45/3)

පානදුර – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර තරගය කුරුණෑගල වෙල‍ගෙදර ක්‍රීඩාංගණයේදී

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 118

ශලිත් ප්‍රනාන්දු 16, දුෂාන් විමුක්ති 44, සසිඳු මල්ෂාන් 22 (අබ්දූල් හකාම් 39/2, අනුක් ප්‍රනාන්දු 44/5, ලොහාන් ද සොයිසා 17/3)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර්  81.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 228

මධුක ලියනපතිරණ 42, තිලකරත්න සම්පත් නොදැවී 80, කෙවීන් පෙරේරා 40, පැතුම් කුමාර නොදැවී 37 (දුෂාන් විමුක්ති 56/2)

එන්සීසී – මුවර්ස් අතර තරගය සීසීසී පිටියේදී

එන්සීසී පිල පළමු ඉනිම ඕවර්  72කදී සියලු දෙනා දැවී ලකුණු 296

කමීල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවීන් බණ්ඩාර 79, චාමික කරුණාරත්න 46 (සන්තුෂ් ගුණතිලක 62/2, රමේෂ් මෙන්ඩිස් 110/3, ප්‍රවීන් ජයවික්‍රම 56/3)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 78කදී කඩුලු 6ක් දැවී ලකුණු 261

සදීර සමරවික්‍රම 58, ජනිෂ්ක පෙරේරා 36 සිතාර ගිම්හාන 39, රමේෂ් මෙන්ඩිස් 47, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 20, මිලාන් රත්නායක නොදැවී 29 (චාමික ගුණසේකර 27/2, අශේන් ඩැනියෙල් 66/2)

ටැමිල් යූනියන් – බීආර්සී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 84.3කදී සියලු දෙනා දැවී ලකුණු 309

නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, සාරුජන් සන්මුගනාදන් 24, විහස් තෙව්මික 32, සචිත ජයතිලක 43, ළහිරු සමරකෝන් 31, විජේකාන්ත් වියස්කාන්ත් 59 (මොහොමඩ් සිරාස් 67/3, යසිරු රුද්‍රගූ 67/2,  මොවින් සුබසිංහ 60/2, ශෂික දුල්ෂාන් 50/2)

බීආර්සී පළමු ඉනිම ඕවර් 52කදී කිසිවෙකු නොදැවී ලකුණු 142

සමින්ද ප්‍රනාන්දු නොදැවී 68, හේෂාන් ධනුෂ්ක නොදැවී 68

බඳුරලිය  – කුරුණෑගල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 76.5කදී සියලු දෙනා දැවී ලකුණු 211

රොෂාන් වි‍ජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37,

(දිනුෂ්ක මාලන් 50/2, චාමිකර එදිරිසිංහ 77/5, ගයන විරසිංහ 8/3)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ඕවර්  90.2කදී කඩුලු  සියලු දෙනා දැවී ලකුණු 295

දිල්හාර පොල්ගම්පොල 31, මනෝජ් සරත්චන්ද්‍ර 17, ලක්ෂාන් එදිරිසිංහ 116, ගයන වීරසිංහ 52, සමීර සඳමාල් 34 (බුද්ධික සංජීව 80/4, චානක කොමසෝරු 58/4)

බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 8කදී කඩුලු 1ක් දැවී ලකුණු 25

දිල්ෂාන් ද සොයිසා නොදැවී 13 (චාමිකර එදිරිසිංහ 4/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar