ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (19) ආරම්භ වු මීගමුව ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයේ දී මීගමුව ක්‍රීඩා සමාජයේ උමේෂ් ලක්ෂාන් සහ ශෙෂාන් ප්‍රනාන්දු ශතකය බැගින් රැස් කරමින් මේ තරගාවලියේ එකම කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස් කළ ප්‍රථම පිතිකරුවන් දෙදෙනා බවට පත්විය.
මීගමුව ක්‍රීඩා සමාජයේ අංක හතර පිතිකරු උමේෂ් ලක්ෂාන් පන්දු 250කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 175ක් ද කණ්ඩායමේ අංක අට පිතිකරු ශෙෂාන් ප්‍රනාන්දු ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළෙමින් පන්දු 101කට මුහුණ දී හයේ පහර දොළහක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 138ක් ද රැස් කරමින් මේ දක්ෂතා දැක්වීය. මේ පිතිකරුවන් දෙදෙනා කණ්ඩායමේ සිව්වන කඩුල්ලට පන්දුවාර 35.2ක දී ලකුණු 211ක සබඳතාවයක් තබා ගනිමින් අද දිනයේ දීර්ඝතම සබඳතාව තබා ගැනීමට ද සමත් වුහ.
මෙයට අමතරව ටියර් බී කොටසේ ශතකයක් අද දිනයේ රැස් කළ අනෙක් පිතිකරුවා වුයේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ අංක තුන පිතිකරු නිපුන් ධනංජයයි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී නිපුන් ධනංජය පන්දු 192කට මුහුණ දී හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමග ලකුණු 149ක් රැස් කරමින් දක්ෂතා දැක්විය. නිපුන් ධනංජය දෙවන කඩුල්ලට ෂෙවෝන් ඩැනියල් සමග ලකුණු 99ක සබඳතාවයක් ද පැවැත් විය.
ෂෙවෝන් ඩැනියල් ලකුණු 58ක් රැස් කරමින් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ප්‍රථම දින තරගය නිම වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ප්‍රබල තත්ත්වයක පසු වුයේ කඩුලු නවයක් දැවී ලකුණු 364ක් රැස් කරමිනි.
මීට අමතරව අද දිනය තුළ දී පන්දු යවන්නන් සිව් දෙනෙකුම කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් වීම ද ප්‍රථම දිනයේ කැපී පෙනෙන සිදුවීමකි.
පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වු එම පන්දු යවන්නන් වුයේ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 49කට කඩුලු හයක් දවාලු මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි මීගමුව ක්‍රිකට් සමාජය සමග ලකුණු 77කට කඩුලු පහක් දවාලු ගාල්ල ක්‍රිකට් සමාජයේ අසේල සම්පත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමග ලකුණු 41කට කඩුලු පහක් දවාලු ලියේ ක්‍රීඩා සමාජයේ මංගල ප්‍රදීප් සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 121කට කඩුලු පහක් දවාලු රාගම ක්‍රිකට් සමාජයේ උපුල් ඉන්ද්‍රසිරිය.
ලියෝ ක්‍රීඩා සමාජයේ මංගල ප්‍රදීප් මෙදින තුන්ඉරියව්වේම දක්ෂතා දැක්විය.
ලකුණු සාරාංශය
- මීගමුව ක්‍රිකට් සමාජය – ගාල්ල ක්‍රිකට් සමාජය – (බී.ආර්.සී. ක්‍රීඩා පිටියේ දී)
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 82ක දී සියල්ල දැවී 379 – උමේෂ් ලක්ෂාන් නොදැවී 175, ශෙෂාන් ප්‍රනාන්දු 138, අමිත සංදීප පෙරේරා17, අසේල සම්පත් 77/5, රංජිත් ප්‍රියාන්55/4
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – (මුවර්ස් ක්‍රීඩා පිටියේ දී)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 37ක දී සියල්ල දැවී ලකුණු 126 – කවිඳු එදිරිවීර 27, ආදිත්‍ය සිරිවර්ධන 22, දිල්ෂාන් කාංචන 21, පෙසඳු සංජාන් 17, හංස මිහිරංග 15, මංගල ප්‍රදීප් 41/5, මල්ෂාන් ගුණසිංහ 33/3, ප්‍රවීන් ද සිල්වා 32/2
ලියෝ ක්‍රිකට් සමාජය පළමු දින තරගය නිම වන විට පන්දුවාර 50.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 140 – මංගල ප්‍රදීප් නොදැවී 35, මල්ෂාන් ගුණසිංහ නොදැවී 31, අකිල් ඉන්හම් 26, හිරුන් සිගේරා 21, දනෝෂ් ද සිල්වා 44/3, තරූෂ් දමිඳු 51/3
- සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – (කොස්ගම ශාලාව යුද හමුදා පිටියේ දී)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු දින තරගය නිම වන විට පන්දුවාර 91ක දී කඩුලු 9ක් දැවී ලකුණු 258 – උමයංග සුවාරිස් 86, තරූෂ් ප්‍රනාන්දු 43, රුසිරු විලෝචන 38, නවිඳු නිර්මාල් 31, මාලිංග මලිගස්පේ 22, කවිඳු ඉඳුවර 34/2, උමේග චතුරංග 55/2, මිතුන් ජයවික්‍රම 85/2
• එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – රාගම ක්‍රීඩා සමාජය – (එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී)
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 90ක දී කඩුලු 9ක් දැවී ලකුණු 364 – නිපුන් ධනංජය 149, ෂෙවෝන් ඩැනියල් 58, අවිශ්ක ප්‍රනාන්දු 45, නුවනිඳු ප්‍රනාන්දු 33, ප්‍රභාත් ජයසූරිය නොදැවී 26, කවිඳු නදීෂාන් 18, උපුල් ඉන්ද්‍රසිරි 121/5, කොසාන් ජයවික්‍රම 112/2
- නාවික හමුදා ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය- (වැලිසර නාවික හමුදා පිටියේ දී)
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 76.4ක දී සියල්ල දැවී 271 – සුමල්ක ප්‍රනාන්දු 42, මයුර මල්ෂාන් 38, රවිඳු මිලාන් 36, තෙවිඳු දික්වැල්ල 30, දිලංක අවුවාඩ් 29, අමිල ලක්ෂාන් නොදැවී 26, පූර්ණ චාරුක 21, රංජිත් රත්නායක 15, චානක රුවන්සිරි 49/6
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 11ක දී කඩුලු 2ක් දැවී ලකුණු 26 – අභිෂේක් ලියනආරච්චි 20, දිලංක අවුවාඩ් 18/2
- කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය – (පනාගොඩ යුද හමුදා පිටියේ දී)
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 64ක දී කඩුලු 4ක් දැවී 213 – කෙවින් සැමුවෙල් නොදැවී 85, වෝෂිත අමරසිංහ 54, නිමන් උමේෂ් 36, යේසිත් රූපසිංහ නොදැවී 14, සීක්කුගේ ප්‍රසන්න 63/2






