slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2025
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ අර්ධ ශතක 11ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වු අද (12) අර්ධ ශතක 11ක් වාර්තා විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී සීසීසී පිලේ නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 75ක් ලබා සිටි අතර, පොලිස් ක්‍රීඩා සමාජයේ ධනුජ ඉඳුවර ලකුණු 51ක්, දුලෂ් උදයංග ලකුණු 94ක් හා අශේන් බණ්ඩාර ලකුණු 79ක් ලබා ගත්හ.

එයට අමතරව එන්සීසී පිලේ ළහිරු උදාර ලකුණු 70ක්, විනුක රූබසිංහ ලකුණු 76ක් හා චාමික කරුණාරත්න ලකුණු 52ක්, මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 62ක්, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 53ක් හා හලාවත මේරියන්ස් පිලේ කසුන් විදුර ලකුණු 52ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී කෝල්ට්ස් පිලේ කවිෂ්ක අංජුල පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 70කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු සාරාංශය

සීසීසී – බ්ලූම්ෆීල්ඩ් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සීසීසී පිල පළමු ඉනිම ඕවර් 43කදී කඩුලු 4ක් දැවී ලකුණු 156

නිශාන් මධුෂ්ක නොදැවී 75, ධනංජය ද සිල්වා 40, පවන් රත්නායක 15, සොනාල් දිනූෂ නොදැවී 7 (ළහිරු මධුසංඛ 24/2)

පොලිස් ක්‍රීඩා සමාජය – කොල්ට්ස් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 79.1කදී සියලු දෙනා දැවී ලකුණු 317

ධනුජ ඉඳුවර 51, දුලෂ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, විශාද් රන්දික 18, දිලුම් සුධීර 23 (කවිෂ්ක අංජුල 70/5, අකිල ධනංජය 85/3)

කොල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 3කදී කිසිවෙකු ‍නොදැවී දැවී ලකුණු 6

රවිඳු රසාන්ත නොදැවී 3, සංගීත් කුරේ නොදැවී 3

හලාවත මේරියන්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එන්සීසී පිටියේදී

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 61.1කදී සියලු දෙනා දැවී ලකුණු 203

තනුක දාබරේ 23, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 21, නිම්සර අතරගල්ල ‍නොදැවී 33, කෞමාල් නානායක්කාර 18 (මධුක ලියනපතිරණගේ 35/2, තිලකරත්න සම්පත් 45/2, ලොහාන් ද සොයිසා 43/3)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 32කදී කඩුලු 3ක් දැවී ලකුණු 90

පුලින්ඳු පෙරේරා 20, ලොහාන් ද සොයිසා 18, තිලකරත්න සම්පත් නොදැවී 29, පැතුම් කුමාර ‍නොදැවී 12 (තීක්ෂිල ද සිල්වා 31/1, නිම්සර අතරගල්ල 15/1)

එන්සීසී – ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේදී

එන්සීසී පිල පළමු ඉනිම ඕවර් 86කදී කඩුලු 8ක් දැවී ලකුණු 311

ළහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමීල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 22 (රෝෂාන් ජයතිස්ස 88/3, වනුජ සහන් 76/3)

මුවර්ස් ක්‍රීඩා සමාජය – ටැමිල් යූනියන් අතර වෙළගෙදර ක්‍රීඩා පිටියේදී

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 89.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 260

සදීර සමරවික්‍රම 40, ජනිෂ්ක පෙරේරා 39, සොහාන් ඩී ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 62, සිතාර ගිම්හාන 47 (තරිඳු රත්නායක 83/2 ) 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – බීආර්සී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 88කදී සියලු කඩුලු 9ක් දැවී ලකුණු 276

දිල්හාර පොල්ගම්පොල 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමික එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 31 (මොහොමඩ් සිරාස් 71/3, ශෂික දිල්ෂාන් 77/4)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar