slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2025
යුද හමුදාව – රාගමට පළමු ඉනිමේ ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ අද (08 දා) නිමාවට පත් වූ තරග වලදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදා කණ්ඩායමට තරගයෙන් ජය ගැනීමට දෙවන ඉනිමේ දී ලකුණු 248ක් අවශ්‍ය වුවත් තරගය නිම වන විට ඔවුන් කඩුලු හතක් දැවී රැස් කර සිටියේ ලකුණු 174කි.

 යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 344ට පිළිතුරු ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 267 ක් රැස් කර ගත්තේය.

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී මීගමුව පිල පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 188ට පිළිතුරු ලෙස රාගම පිල පළමු ඉනිමේ දී ලකුණු 270ක් රැස් කරමින් පළමු ඉනිමේ දී ඉදිරියෙන් සිටියේය. මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී ප්‍රබල පිතිහරඹයක නියැළෙමින් තරගය නිම වන විට කඩුලු හතරකට ලකුණු 303ක් රැස් කිරීමට සමත් විණි.

 යුද හමුදා සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ  දෙවන ඉනිමේ දී නාවික හමුදා කණ්ඩායමේ පූර්ණ චාරුක පන්දු යැවීමේ දී ලකුණු 28කට කඩුලු හතරක් දවා දැක් වු දක්ෂතා මත යුද හමුදා දෙවන ඉනිම පන්දුවාර 50.2ක දී නිමාවට පත් වුයේ ලකුණු 170කට ය. යුද හමුදා පිල වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු 64කට මුහුණ දී හතරේ පහර හතරක් සමග ලකුණු 46ක් රැස් කර වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

මීගමුව ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් මීගමුව පිල පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 188ට පිළිතුරු ලෙස රාගම කණ්ඩායම මුල් ඉනිමේ දී ලකුණු 270ක් රැස් කර සාර්ථක පිළිතුරක් සැපයීය. රාගම පිලට මේ අවස්ථාව උදා වුයේ අංක පහ පිතිකරු රන්මිත් ජයසේන පන්දු 200කට මුහුණ දී හතරේ පහර දහයක් සහ හයේ පහර හයක් සමග නොදැවී ලකුණු 121ක් රැස් කර දැක් වූ දක්ෂතාවයයි.

 රන්මිත් ජයසේන මෙදින නොදැවී රැස් කළ ශතකය අද දිනයේ එකම ශතකය වු අතර එම ඉනිමේ දී මීගමුව කණ්ඩායමේ හංසජ හිරුණ ලකුණු 97කට දවාලු කඩුලු පහ අද පන්දු යවන්නෙකු දැක් වූ හොඳම දක්ෂතාවයයි.

 මීගමුව පිල දෙවන ඉනිමේ දී කඩුලු හතරකට ලකුණු 303ක් රැස් කරමින් විශිෂ්ට දක්ෂතාවයක් දැක් වීය.  එහිදී  ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසිඳු තිරිමැදුර ලකුණු 87 ද කවීන් ප්‍රනාන්දු ලකුණු 63 ද පළමු කඩුල්ලට  ලකුණු 107ක් රැස් කළහ.

ලකුණු සාරාංශය

  • රාගම ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය

 මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 61.3ක දී සියල්ල දැවී 188 – (කවීන් ප්‍රනාන්දු 41, කෙෂාන් වන්නිආරච්චි 27, දිමුත් සඳරුවන් 27, උමේෂ් ලක්ෂාන් 25, පසිඳු තිරිමැදුර 22, හසිත් පෙරේරා 18, උපුල් ඉන්ද්‍රසිරි 45/3, කොසාන් ජයවික්‍රම 54/3, විකුම් සංජය 45/2)

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 75.5ක දී සියල්ල දැවී 270 – (රන්මිත් ජයසේන නොදැවී 121, වික්‍රම් සංජය 50, කොසාන් ජයවික්‍රම 22, මදුරංග සොයිසා 21, සචින් දල්පදාදු 16, හංසජ හිරුණ 97/5, අමිත සංදීප 66/2)

 මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 73ක දී කඩුලු 4ක් දැවී ලකුණු 303 – (පසිඳු තිරිමැදුර 87, කවීන් ප්‍රනාන්දු 63, උමේෂ් ලක්ෂාන් නොදැවී 57, ඇන්ජලෝ ජයසිංහ 49, අමිත සංදීප පෙරේරා 41, උපුල් ඉන්ද්‍රසිරි 91/2)

  • යුද හමුදා ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68.3ක දී සියල්ල දැවී 344 – (ඉෂාර මෙන්ඩිස් 128, ක්‍රිෂේන් අපොන්සු 83, පැතුම් දිල්ෂාන් 30, තිසර පෙරේරා 29, පූර්ණ චාරුක 47/5, දිලංක අවුවාඩ් 83/3)

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 93.2ක දී සියල්ල දැවී ලකුණු 267 – (මයුර මල්ෂාන් 73, පූර්ණ චාරුක 39, තෙවිඳු දික්වැල්ල 37, දිලංක අවුවාඩ් 31, භවන්ත ජයසිංහ 24, වරුණ මයන්ත 11, මල්ක මධුශංක 69/4, සෙහද සොයිසා 31/3, ගයාන් චන්ද්‍රබොස් 41/2)

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 50.2ක දී සියල්ල දැවී 170 – (අසේල ගුණරත්න 46, පැතුම් දිල්ෂාන් 32, මනුෂ්ක සමිත් 31, සෙහද සොයිසා 29, පූර්ණ චාරුක 25/4, දිලංක අවුවාඩ් 45/2)

 නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම තරගය නිම වන විට පන්දුවාර 60ක දී කඩුලු 7ක් දැවී ලකුණු 174 – (ඉෂාන් අබේසේකර 44, වරුණ මයන්ත 40, පූර්ණ චාරුක නොදැවී 28, ජනිත් දිල්ෂාන් 23, තෙවිඳු දික්වැල්ල 15, දිලංක අවුවාඩ් නොදැවී 11, මල්ක මධුශංක 28/4, සෙහද සොයිසා 52/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee