slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2025
යොවුන් ආසියානු කුසලානෙට ශ්‍රී ලංකා පිල හෙට ‘වැලි කතරට‘

sinhala editor

දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 10 වැනිදා අළුයම එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් 12 වැනි වතාවටත් සංවිධානය කරනු ලබන මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම, විමත් දින්සරගේ නායකත්වයෙන් යුතුව සහභාගිවනු ලබන අතර ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. කොළඹ රාජකීය විදුහල නියෝජනය කරනු ලබන විමත් දින්සර ඉකුත් වසර දෙකක කාලය පුරාවටම ශ්‍රී ලංක අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය. ඔහුගේ සහායකයා ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ කවීජ ගමගේ කටයුතු කරනු ඇත.

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනා අතුරින් බහුතරයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රදේශවලින් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් 6 දෙනෙකු පමණක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණ සිටිද්දී පිට පලාත් නියෝජය කරමින් ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත්ව සිටීම මෙරට ක්‍රිකට් සිතියම මේ වන විට කොළඹින් පිටත ඈත ළාත් දක්වා විහිදී ඇති බවට කදිම සාක්ෂියක් එක් කරන්නක් ලෙසින් සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වැඩපිළිවෙළ යටතේ ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන ඉතාමත් සාර්ථකත්වයට පත් වෙමින් මෙරට අස්සක් මුල්ලක් නෑරම සිටින දක්ෂයින් සොයා යමින් සිටියි. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් මෙම යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද කණ්ඩායම සඳහන් කළ හැක. ඒ අනුව මහනුවර, මාතර,  කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් කණ්ඩායමට ක්‍රීඩකයින් එක්ව සිටිති.

ඒ අනුව වැඩිම සහභාගිත්වයක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. මහනුවරින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු එක්ව සිටිද්දී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු, මාතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ කුරුණෑගලින් එක් ක්‍රීඩකයකු වශයෙනි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යාපනය ශාන්ත ජෝන් විදුහලේ කුගදාස් මාතුලන් සහ යාපනය හාට්ලි විදුහලෙන් විග්නේෂ්වරන් ආකාශ් යළිත් වරක් යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටිති.

කණ්ඩායමට එක්ව සිටින අලුත්ම ක්‍රීඩකයා වන්නේ මාතර සර්වේෂස් විදුහලින් පැමිණ සිටින කඩුලු රකින ක්‍රීඩක චමරිඳු නෙත්සර වේ. අනෙක් සියලු දෙනාම මීට පෙර අවුරුදු 19 න් පහළ ජාතක කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.

ආසියානු කලාපයේ රටවල් 8 කගේ සහසභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පන්දුවාර 50 ආකෘතය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි ඇෆ්ගනිස්තාන්‍ය, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානයට අමතරව මැලේසියාව, නේපාලනය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන රටවල් බවට පත්ව සිටිති. තරගාවලියේ සියලුම තරග ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් විද්‍යායතන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ සෙවන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩය යටතේ තග වදිනු ඇත. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලනය ශ්‍රී ලංකාවේ මූලික වටයේ ප්‍රතිවාදීහු වෙති. ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදිති.

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 21 වැනිදා අයි.සී.සී. පුහුණු විද්‍යායතන ක්‍රීඩා පිටියේ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ තරග කාල සටහන

දෙසැම්බර් 13 – ශ්‍රී ලංකාව සහ නේපාලනය අතර සෙවන්ස් ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 15 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අයි.සී.සී. පුහුණු විද්‍යායතන ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 17 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අයි.සී.සී. පුහුණු විද්‍යායතන ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 19 – අවසන් පූර්ව තරග අයි.සී.සි. පුහුණු විද්‍යායතන ක්‍රීඩාංගණය සහ සෙවන්ස් ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 21 – අවසන් මහ තරගය අයි.සී.සී. පුහුණු විද්‍යායතන ක්‍රීඩාංගණයේදී

 ක්‍රීඩකයාපාසල
 විමත් දින්සර (නායක)රාජකීය විදුහල – කොළඹ
 කවීජ ගමගේ (උප නායක)කිංග්ස්වුඩ් විදුහල – මහනුවර
 විරාන් චමුදිතශාන්ත සර්වේෂස් විදුහල – මාතර
 චාමික හීනටිගලමහානාම විදුහල – කොළඹ
 ආදම් හිල්මිත්‍රිත්ව විදුහල – මහනුවර
 කුගදාස් මාතුලන්ශාන්ත ජෝන්ස් විදුහල – යාපනය
 රසිත් නිම්සරලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
 දිමන්ත මහවිතානත්‍රිත්ව විදුහල – මහනුවර
 විග්නේෂ්වරන් ආකාෂ්හාට්ලි විදුහල – යාපනය
 දුල්නිත් සිගේරාමහානාම විදුහල – කොළඹ
 චමරිඳු නෙත්සරශාන්ත සර්වේෂස් විදුහල – මාතර
 කිත්ම විදානපතිරණආනන්ද විදුහල – කොළඹ
 සෙත්මික සෙනෙවිරත්නත්‍රිත්ව විදුහල – මහනුවර
 සනුජ නිඳුවරශාන්ත ආනා විදුහල – කුරුණෑගල
 තරූෂ නවෝද්‍යසහිරා විදුහල – කොළඹ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee