ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 10 වැනි වතාවටත් පවත්වනු ලබන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් 2026 තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට හට උදාවී තිබේ.
පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා වූ දින 30 ක කාල සීමාවේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත.
තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් තරග වටයට පෙර ශ්‍රී ලංකාවේදී තරග 20 ක් පැවැත්වීමට නියමිත අතර ඒවායේ මිල ගණන් සහ තරග පැවැත්වෙන දින පහත පරිදි වේ.
https://in.bookmyshow.com/explore/c/icc-mens-t20-world-cup-2026 යන වෙබ් සැබැඳිය ට පිවිසීමෙන් ප්‍රවේශපත්‍ර මිලදීගත හැක.
‘ඒ‘ කාණ්ඩය – ඉන්දියාව, ඇමරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය, පාකිස්තානය
‘බී‘ කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය
‘සී‘ කාණ්ඩය – එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය, නේපාලය
‘ඩී‘ කාණ්ඩය – දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කැන්ඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
| එස්.එස්.සී. ක්‍රීඩාංගණය | |
| මණ්ඩපය | මිල |
| එස්. එස්. සී. මණ්ඩපයේ ඉහළ මහළේ වම් පස (වායු සමීකරණය කරන ලද) | 10000 |
| එස්. එස්. සී. මණ්ඩපයේ පහළ මහළ | 5000 |
| එස්. එස්. සී. සාමාජිකයින්ගේ මණ්ඩපය | 5000 |
| SLC Grand Stand – ඉහළ මහළ | 7500 |
| කර්නල් එෆ්.සී. ද සේරම් මණ්ඩපය – ඉහළ මහළ (වායුසමීකරණය කරන ලද) | 10000 |
| කර්නල් එෆ්. සී. ද සේරම් මණ්ඩපය – ඉහළ මහළ | 7500 |
| කර්නල් එෆ්. සී. ද සේරම් මණ්ඩපය – පහළ මහළ | 5000 |
| බ්‍රවුන්ස් මණ්ඩපය | 5000 |
| ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ කුටිය | 5000 |
| ශ්‍රී ලංකා ක්‍රිකට් කුටිය – 1 ඉහළ කොටස | 7500 |
| ශ්‍රී ලංකා ක්‍රිකට් – පහළ කොටස | 5000 |
| ස්කොෂ් මණ්ඩපය | 4000 |
| බටහිර තෘණ භූමිය – සිට ගෙන | 1000 |
| නැගෙනහිර තෘණ භූමිය – සිටගෙන | 1000 |
| ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය | ||
| මණ්ඩපය | සාමාන්‍ය මිල | ඉන්දු – පාකිස්තාන තරගය |
| ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් – ඉහළ මහළ | 7500 | 25000 |
| ඒ ‘කොටස – ඉහළ මට්ටම | 5000 | 15000 |
| ඒ කොටස – පහළ මට්ටම | 3000 | 10000 |
| බී කොටස – ඉහළ මට්ටම | 5000 | 15000 |
| බී කොටස – පහළ මට්ටම | 3000 | 10000 |
| සී කොටස – ඉහළ මට්ටම | 5000 | 10000 |
| සී කොටස – පහළ මට්ටම | 1000 | 2500 |
| ඩී කොටස – ඉහළ මට්ටම | 5000 | 10000 |
| ඩී කොටස – පහළ මට්ටම | 1000 | 2500 |
| ඒ කොටස ඉහළ මට්ටමේ Corporate Box – (ආසන 16) | 200000 | 320000 |
| උතුරු දර්ශන පථය – සිව්වැනි මහළ Corporate Box (ආසනයකට) | 25000 | 50000 |
| පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය | |
| මණ්ඩපය | මිල |
| නැගෙනහිර තෘණ භුමිය – (ලකුණු පුවරුව පෙදෙස) | 1000 |
| බටහිර තෘණ භුමිය | 1000 |
| ඒ කොටස – පහළ | 4000 |
| බී කොටස – පහළ | 4000 |
| ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් – ඒ කොටසේ ඉහළ මට්ටම | 5000 |
| ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් දෙවැනි මට්ටම – Corporate Box (ආසනයකට) | 15000 |
| අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කාලසටහන | ||||
| දිනය | වේලාව | කණ්ඩායම 1 | කණ්ඩායම 2 | ක්‍රීඩාංගණය |
| පෙබරවාරි 07 | පෙ.ව. 11.00 | පාකිස්තානය | නෙදර්ලන්තය | කොළඹ එස්.එස්.සී. |
| පෙබරවාරි 08 | ප.ව. 7.00 | ශ්‍රී ලංකාව | අයර්ලන්තය | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 09 | ප.ව. 3.00 | සිම්බාබ්වේ | ඕමාන් | කොළඹ එස්. එස්. සී. |
| පෙබරවාරි 10 | ප.ව. 7.00 | පාකිස්තානය | ඇමරිකාව | කොළඹ එස්. එස්. සී. |
| පෙබරවාරි 11 | ප.ව. 3.00 | ඔස්ට්‍රේලියාව | අයර්ලන්තය | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 12 | පෙ.ව. 11.00 | ශ්‍රී ලංකාව | ඕමානය | පල්ලේකැලේ |
| පෙබරවාරි 13 | පෙ.ව. 11.00 | ඔස්ට්‍රේලියාව | සිම්බාබ්වේ | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 14 | පෙ.ව. 11.00 | අයර්ලන්තය | ඕමානය | කොළඹ එස්.එස්.සී. |
| පෙබරවාරි 15 | ප.ව. 7.00 | ඉන්දියාව | පාකිස්තානය | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 16 | ප.ව. 7.00 | ඔස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | පල්ලෙකැලේ |
| පෙබරවාරි 17 | ප.ව. 3.00 | අයර්ලන්තය | සිම්බාබ්වේ | පල්ලේකැලේ |
| පෙබරවාරි 18 | ප.ව. 3.00 | පාකිස්තානය | නැමීබියාව | කොළඹ එස්.එස්.සී. |
| පෙබරවාරි 19 | ප.ව. 3.00 | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 20 | ප.ව. 7.00 | ඔස්ට්‍රේලියාව | ඕමානය | පල්ලෙකැලේ |
| පෙබරවාරි 21 | ප.ව. 7.00 | Y2 | Y3 | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 22 | ප.ව. 3.00 | Y1 | Y4 | පල්ලෙකැලේ |
| පෙබරවාරි 24 | ප.ව. 7.00 | Y1 | Y3 | පල්ලෙකැලේ |
| පෙබරවාරි 25 | ප.ව. 7.00 | Y2 | Y4 | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 27 | ප.ව. 7.00 | Y1 | Y2 | ආර්. ප්‍රේමදාස |
| පෙබරවාරි 28 | ප.ව. 7.00 | Y3 | Y4 | පල්ලෙකැලේ |






