slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2025
විස්සයි-20 ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය අද පස්වරුවේ ඇරඹෙයි

sinhala editor

එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට මාස 3 කට ත් අඩු කාලයක් ඉතිරිව තිබියදී එම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය අද (දෙසැම්බර් 11 වැනිදා) පස්වරුවේදී ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ලබන වසරේ පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම 10 වැනි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ප්‍රවේශපත්‍ර ආසන්න වශයෙන් ඉන්දීය මුදලින් රුපියල් 100 සිටත් ශ්‍රී ලංකා මුදලින් රු. 1000 සිටත් අළෙවි කෙරෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතර දැවැන්තම ලෝක කුසලාන තරගාවලිය ලෙසින් සැලකෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ලොව මිලියන සංඛ්‍යාත ක්‍රිකට් රසිකයින්ට තමන් කැමැති තරග නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීම සඳහා මෙම මූලික අදියරයේදී සහනදායී මිලකට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙහි දෙවැනි අදියර ඉදිරියේදී නිවේදනය කරනු ඇත.

https://tickets.cricketworldcup.com/ යන වෙබ් සැබැඳිය ට පිවිසීමෙන් ප්‍ර වේශපත්‍ර කාණ්ඩ සහ එහි මිල ගණන් දැක බලාගත හැක.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar