slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2025
පොලිස් පිලේ අශේන් බණ්ඩාරගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍තෙවැනි සතියේ ප්‍රථම දිනය වු අද (19) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව අශේන් බණ්ඩාර පන්දු 176කදී හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමඟ මෙම ශතකය රැස් කළේය.

අශේන් හා ප්‍රියමාල් පෙරේරා එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 117කදී ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගූ අතර, ප්‍රියමාල් පෙරේරා ලකුණු 69ක් ලැබීය. ඔහුගේ අර්ධ ශතකයත් සමග අද දිනයේ අර්ධ ශතක 5ක් වාර්තා විය.

එන්සීසී පිලේ අහන් වික්‍රමසිංහ පන්දු 161කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 97ක් ලබා ශතකය පෙනිපෙනී දැවීගිය අතර, එන්සීසී අංක 6 පිතිකරු කවීන් බණ්ඩාර නොදැවී ලකුණු 67ක් ලබා සිටියේය. බ්ලූම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ලකුණු 56ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ රොෂාන් වි‍ජේනායක ලකුණු 50ක් හා රුමේෂ් බුද්ධික ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – කෝල්ට්ස් අතර තරගය එන්සීසී පිටියේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 77කදී සියලු දෙනා දැවී ලකුණු 233

මි‍නෙත් ‍ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ළහිරු මධුසංඛ 39 (උදිත් මධුෂාන් 43/4, අකිල ධනංජය 52/2, මුදිත ලක්ෂාන් 18/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 2කදී කිසිවෙකු නොදැවී ලකුණු 4

පොලිස් – හලාවත මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් පිටියේදී

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර්  88කදී කඩුලු 7ක් දැවී ලකුණු 345

ධනුජ ඉඳුවර 18, ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 121, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක 24 (ඉරුෂ්ක තිමිර 118/3, මෙලන් හංසික 109/2, නිම්සර අතරගල්ල 57/2)

පානදුර – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර තරගය කුරුණෑගල වෙල‍ගෙදර ක්‍රීඩාංගණයේදී

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 46කදී කඩුලු 9ක් දැවී ලකුණු 114 

ශලිත් ප්‍රනාන්දු 16, දුෂාන් විමුක්ති නොදැවී 40, සසිඳු මල්ෂාන් 22 ( අබ්දූල් හකාම් 39/2, අනුක් ප්‍රනාන්දු 40/4, ලොහාන් ද සොයිසා 17/3)

එන්සීසී – මුවර්ස් අතර තරගය සීසීසී පිටියේදී

එන්සීසී පිල පළමු ඉනිම ඕවර්  72කදී  කඩුලු 7ක් දැවී ලකුණු 274

කමීල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවීන් බණ්ඩාර නොදැවී 67, චාමික කරුණාරත්න 46 (රමේෂ් මෙන්ඩිස් 100/3, ප්‍රවීන් ජයවික්‍රම 50/2)

ටැමිල් යූනියන් – බීආර්සී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 52කදී කඩුලු 6ක් දැවී ලකුණු 190

නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, සාරුජන් සන්මුගනාදන් 24, විහස් තෙව්මික 32, සචිත ජයතිලක නොදැවී 41,  (මොවින් සුබසිංහ 37/2)

බඳුරලිය  – කුරුණෑගල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 76.5කදී සියලු දෙනා දැවී ලකුණු 211

රොෂාන් වි‍ජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37,

(දිනුෂ්ක මාලන් 50/2, චාමිකර එදිරිසිංහ 77/5, ගයන විජේසිංහ 8/3)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ඕවර් 11කදී කඩුලු 2ක් දැවී ලකුණු 23

දිල්හාර පොල්ගම්පොල නොදැවී 10 (බුද්ධික සංජීව 11/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee