ඉන්දියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මසදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේද ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරග 5 කින් සමන්විත තරගාවලිය වේ.
වර්තමාන එක්දින ලෝක ශූරියන් වන ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග විශාකාපත්නම් සහ තිනුවානන්දපුරම්හි පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙසැම්බර් මස 17 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
| දිනය | තරගය | ක්‍රීඩාංගණය |
| දෙසැම්බර් 21 | පළමු විස්සයි-20 තරගය | විශාකාපත්නම් |
| දෙසැම්බර් 23 | දෙවැනි විස්සයි-20 තරගය | විශාකාපත්නම් |
| දෙසැම්බර් 26 | තෙවැනි විස්සයි-20 තරගය | තිනුවානන්දපුරම් |
| දෙසැම්බර් 28 | සිව්වැනි විස්සයි-20 තරගය | තිනුවානන්දපුරම් |
| දෙසැම්බර් 30 | පස්වැනි විස්සයි-20 තරගය | තිනුවානන්දපුරම් |





