slc
logo
Home   |    News
ජනවාරි 24, 2026
තුන්දින ක්‍රිකට් ප්ලේට් තරග වටය ඇරැඹේ – දිල්ෂාන් – නවෝද් ශතක වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් ප්ලේට් තරග වටය මේ සති අන්තයේ සිට පැවැත්වේ. අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ හා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටින කණ්ඩායම් 4 බැගින් සුපිරි අට වටයට පිවිසි අතර, කණ්ඩායම් 3 බැගින් ප්ලේට් වටයට අවතීර්ණ විය.

ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජය, සීසීසී, කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය, මුවර්ස්, එන්සීසී හා බීආර්සී සුපිර් අට වටයට සුදුසුකම් ලැබූ අතර, පානදුර, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස්, බඳුරලිය ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ප්ලේට් වටයට පිවිස සිටිති.

මෙම ප්ලේට් වටයේදී ටැමිල් යූනියන් පිලේ නවෝද් පරණවිතාන හලාවත මේරියන්ස් පිලට එරෙහිව පන්දු 311කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 152ක් හා බඳුරලිය ක්‍රීඩා සමාජයේ  දිල්ෂාන් ද සොයිසා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 250කදී හතරේ පහර 14ක් සමඟ ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වූහ.

එමෙන්ම කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 50ක්, ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 76ක්, ච‍මෝද් සඳරූ ලකුණු 75ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ රොෂාන් විජේනායක ලකුණු 55ක්, ගීත් කුමාර ලකුණු 62ක්, සුමින්ද ලක්ෂාන් ලකුණු 59ක්, අලංකාර අසංක ද සිල්වා ලකුණු 62ක්, ටැමිල් යූනියන් පිලේ මිනෝද් භානුක ලකුණු 62ක්, සචිත ජයතිලක ලකුණු 76ක්

පානදුර ක්‍රීඩා සමාජ‍යේ ඉරෝෂ සමරසූරිය නොදැවී ලකුණු 61ක් හා හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් නොදැවී ලකුණු 53ක් ලබා අර්ධ ශතක එක් කළහ.

ලකුණු සාරාංශය

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 126. 2කදී සියලු දෙනා දැවී ලකුණු 303

මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ෂාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, ච‍මෝද් සඳරූ 75, දිනුක මාලන් 24, ළහිරු ජයරත්න 20 (මොහොමඩ් ඩිල්ෂාඩ් 59/3, අසංක මනෝජ් 77/4)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 39කදී කඩුලු 2ක් දැවී ලකුණු 148

ඔෂධ ප්‍රනාන්දු 41, ඉරෝෂ සමරසූරිය නොදැවී 61, විශ්ව චතුරංග 16, දුෂාන් විමුක්ති නොදැවී 25 (චාමිකර එදිරිසිංහ 49/1, චමෝද් සදරු 16/1)

බඳුරලිය – නුගේගොඩ අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 133.5කදී සියලු දෙනා දැවී ලකුණු 417

රොෂාන් විජේනායක 55, දිල්ෂාන් ද සොයිසා 145, ගීත් කුමාර 62, සුමින්ද ලක්ෂාන් 59, අලංකාර අසංක ද සිල්වා 62 (මධුක ලියනපතිරණ 97/3, නිපුන් මාලිංග 108/3, ලොහාන් ද සොයිසා 77/2, අනුක් ප්‍රනාන්දු 72/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 39කදී කඩුලු 6ක් දැවී ලකුණු 134

ප්‍රමුද් හෙට්ටිවත්ත 43 මධුක ලියනපතිරණ 20, අක්රම් මුතාලිෆ් නොදැවී 23 (බුද්ධික සංජීව 37/3, මලින්ද පුෂ්පකුමාර 52/2)

ටැමිල් යූනියන් – හලාවත මේරියන්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 125.2කදී සියලු දෙනා දැවී ලකුණු 469

නවෝද් පරණවිතාන 152, මිනෝද් භානුක 62, තුලින දිල්ෂාන් 39, භානුක රාජපක්ෂ 17, සාරුජාන් සංමුගනාදන් 48, සචිත ජයතිලක 76, ළහිරු සමරකෝන් 27 (‍තීක්ෂල ද සිල්වා 71/3, කල්හාර සේනාරත්න 142/4, චලන ද සිල්වා 99/2)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 52කදී කඩුලු 3ක් දැවී ලකුණු 161

තනුක දාබරේ 31, හිරාන් ජයසුන්දර 23, තරින්දු අමරසිංහ 38, ෂම්මු අෂාන් නොදැවී 53 (තරින්ද රත්නායක තරිඳු රත්නායක 55/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar