slc
logo
Home   |    News
ජනවාරි 14, 2026
විස්සයි-20 ලෝක කුසලානේ ශ්‍රී ලංකා පිලේ නව ‘ජර්සිය‘ එළි දක්වයි

sinhala editor

ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම භාවිතා කිරීමට නියමිත නව ජර්සිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එහි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු වන Moose Clothing Company එක්ව අද (ජනවාරි 14දා) පස්වරුවේ කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.

දියුණු ඇඟළුම් තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම නව ජර්සිය, ක්‍රීඩකයින්ගේ සුවපහසුව ඉහළ නැංවීම, වාතය හොඳින් සම්ප්‍රේෂණය කර ගැනීම සහ ඉහළ තීව්‍රතාවයකින් යුත් තරග අතරතුර වැඩි සංචලන නිදහස ලබා දීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වර්ණ වන කහ සහ නිල් වර්ණ මූලික කරගත් මෙම ජර්සියේ, ශක්තිය, එකමුතුව සහ විශ්වාසය නිරූපණය කරන ගැඹුරු නිල් වර්ණ අලංකාර ලෙස එකතු කර ඇත. නවීන ජාත්‍යන්තර මට්ටමේ නාම හා අංක සැලසුම මඟින් ජර්සියට සමකාලීන රූපලාවණ්‍යයක් එක් කර ඇති අතර, උරහිස් ප්‍රදේශයේ යෙදූ විශේෂ නිල් ‘පයිපින්’ සැලසුම ජාතික හැඳුනුමට ගෞරව දැක්වෙන අයුරින් නිර්මාණය කර ඇත.

ඉහළම ක්‍රීඩා කාර්යසාධනය ඉලක්ක කරගෙන නිපදවා ඇති මෙම ජර්සිය, නවෝත්පාදනයේ පරිපූර්ණ මිශ්‍රණයක් ලෙස උපරිම සංචලන නිදහස, ධාරිතාව සහ වායු සම්ප්‍රේෂණය පහසු වන රෙදි භාවිතයෙන් සකස් කර ඇත. එසේම, ජර්සියේ දෙපස යොදා ඇති mesh පැනල් මඟින් වායු සංසරණය තවදුරටත් වැඩි දියුණු කර ඇති අතර, ඒ හරහා විවිධ කාලගුණික තත්ත්වයන් යටතේද දිගු වේලාවක් සිසිලසකින් යුතුව ක්‍රීඩා කිරීමේ පහසුව ක්‍රීඩකයින්ට ලබා දේ.

මෙම නව ජර්සි හඳුන්වාදීම, 2023 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හා Moose Clothing අතර අඛණ්ඩ හවුල්කාරිත්වයේ තවත් වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙයි. එම හවුල්කාරිත්වය යටතේ Moose Clothing, ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු ලෙස කටයුතු කරමින්, පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් සඳහා මෙන්ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම්වල සිට ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම් දක්වා සියලු මට්ටම් ආවරණය වන පරිදි ක්‍රීඩා ඇඟළුම් නිර්මාණය හා සැපයීම සිදු කරමින් සිටී.

නව ජර්සිය නිල වශයෙන් හඳුන්වාදීම ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර කණ්ඩායම් නායක දසුන් ශානක විසින් සිදු කළ අතර, Moose Clothing Company හි ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඕමාර් මහතා විසින් එම ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ඩි සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee