විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර එස්සීසී ක්‍රීඩාංගණය විදුලි ආලෝක ධාරා සහිතව නවීකරණය වෙමින් පවතින අතර, ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරිමක් ඊයේ (2) එම පරිශ්‍රයේදී සිඳුවූ අතර, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවැසූවේ දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට බලාපොරොත්තු විය හැකි බවයි.
“පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය අපි විදුලි ආලෝකය මැද සීසීසී පිටියේ පැවැත්වූවා. දැන් එස්එස්සී පිටියේත් අපට අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියක් පැවැත්වීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පැවැත්වෙන තරග එස්එස්සී පිටියේ පැවැත්වීමට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන එක්දින තරගය දිවා රාත්‍රී පැවැත්වීමට අප සමඟ සාකච්ඡා කොට තිබෙනවා. ආනන්ද – නාලන්ද, සාන්ත ජෝෂප් – පීතර් තරග දිවා රාත්‍රී පැවැත්වීමට අප සමඟ කතා කළා“ දොඩන්වෙල මහතා පැවැසීය.
“ අපි එස්එස්සී පිටියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වූවේ 1984දී නවසීලන්තයත් සමඟ. එදා සිට දිගටම එස්එස්සී පිටියේ ජාත්‍යන්තර තරග පැවැත්වූවා. 1996දී ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ සමඟ තරගයක් පැවැත්වූවා. ඒක වාසියක් වුණා අපට ලොක කුසලානය දිනන්න. එස්එස්සී පිටියේ වාර්තා රැසක් පිහිටුවා තිබෙනවා. මහේල – සංගා යුගලය ලකුණු 674ක සබඳතාව. මහේල ශතක 11ක් ලබාගෙන ලෝක වාර්තාවක් පිහිටෙව්වා. සර් බ්‍රැඩ්මන් එකම පිටියකදී ශතක 10ක් එම්සීජී එකේ ලබාගෙන තියෙනවා. මුරලි වැඩිම කඩුලු ලබා ගත්තා. වාස් එක්දින තරගයකදී කඩුලු 10ක් ලබා ගත්තා. ගොඩක් වාර්තා තිබ්බා. ඒ නිසා එස්එස්සී පිටිය ඉතා වැදගත් තැනක්“ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේය.
“ක්‍රමානුකූලව ක්රීඩාගාර හදනවා. අපි මාස්ටර් ප්ලෑන් එකක් අනුව ක්රීඩාගාර හදනවා. අලුතින්ම මාධ්‍ය කුටියක් හදනවා. සියලු මාධ්‍ය එකම තැනකට ගන්නවා. එස්එස්සී පිටිය ඉදිරියේදී විශාල දියුනුවක් ලබනවා“ දොඩන්වෙල මහතා පැවැසීය.
එළැඹෙන පෙබරවාරි 7 වැනිදා කොළඹදී ආරම්භවීමට නියමිත අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ සිංහල සමාජ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ අඛණ්ඩ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1.7කට අධික මුදලක් වැයකර ඇති අතර,
සමාරම්භක තරගය පෙබරවාරි මස 7 වැනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පහක් එස්එස්සී පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇත.





