slc
logo
Home   |    News
ජනවාරි 4, 2026
එස්.එස්.සී – ලියෝ සහ මොරටුව ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විණි.

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී කඩුලු හතකින් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයත් ලියෝ ක්‍රිකට් සමාජය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී කඩුලු හයකින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් මොරටුව ක්‍රීඩා සමාජය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී  කඩුලු තුනකින් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කළහ.

මේ සති අන්තයේ තරග හය අතුරින් ඊයේ මුවර්ස් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 199කින් ජය ගැනීමත් සමග මේ සතියේ දැනට ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් සංඛ්‍යාව හතරකි.

සඳුදා නිමාවට පත්වීමට නියමිත මීගමුව ක්‍රිකට් සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් මීගමුව ක්‍රිකට් සමාජය ද මේ වන විට පසුවන්නේ ජයග්‍රහණය අභියසය. මෙහිදී මීගමුව කණ්ඩායමේ දකුණත් මඳ වේග පන්දු යවන වරුන් ඉමේෂාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. 24 හැවිරිදි වියේ පසුවන වරුන්, යුනයිටඩ් සදර්න් කණ්ඩායමට එරෙහිව පැවැති ිතරගයේදී ඩිල්ෂාන් කාංචන, දෙනුවන් රාජපකරුණා සහ පෙසඳු සංජනගේ කඩුලු දවා ගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. ඊට අමතරව එම පන්දුවාරයේ තවත් පන්දුවකට පසු කවිඳු එදිරිවීරගේ කඩුල්ලද දවා ගනිමින් එක් පන්දුවාරයක කඩුලු 4 ක් දවා ගැනීමටද වරුන් සමත්වීම කැපී පෙනෙන කරුණක් විය.

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ලැබීමට එස්.එස්.සී. කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 86ක ඉලක්කයක් හිමි වු අතර ඔවුන් අද උදේ පන්දුවාර 14ක් නිම වන විට කඩුලු තුනකට ලකුණු 89ක් රැස් කරමින් ජය වාර්තා කළේය. මෙහිදී ආරම්භක පිතිකරු කවිඳු නදීෂාන් නොදැවී ලකුණු 28ක් රැස් කළේය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ජය ලැබීමට ලකුණු 274ක අසීරු ඉලක්කයක් ලියෝ ක්‍රිකට් සමාජයට හිමි වුවත් ඔවුන් පහසු ආකාරයකින් ඊට ළඟා වුයේ පන්දුවාර 63.3ක දී පිතිකරුවන් සිව්දෙනෙකු පමණක් දැවී ලකුණු 277ක් රැස් කරමිනි. එහිදී හිරුන් සිගේරා පන්දු 166කට මුහුණ දී හතරේ පහර හතක් සමග ලකුණු 130ක් රැස් කිරීමට සමත් විය.  

මොරටුව ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ගැනීමට මොරටුව ක්‍රීඩා සමාජයට දෙවන ඉනිමේ දී ලකුණු 153ක ජයග්‍රහණ ඉලක්කයක් ලැබිණි. ඔවුන් පන්දුවාර 34.1ක දී ලකුණු 154ක් රැස් කරමින් ඊට ළඟා වුයේ කඩුලු හතක් දැවීයාමෙනි. කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 261ක් රැස් කළ අතර මොරටුව ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝම නැවත වරක් දක්ෂ පන්දු යැවීමක නිරතව ලකුණු 34කට කඩුලු හයක්ම දවාලුවේය.

 ලියෝ ක්‍රිකට් සමාජයේ හිරුන් සිගේරා පන්දු 166කට මුහුණ දී හතරේ පහර හතක් සමග ලකුණු 130ක් ද මැලේ ක්‍රිකට් සමාජයේ යේසිත් රූපසිංහ පන්දු 146ක දී හතරේ පහර හතක් හයේ පහරක් සමග ලකුණු 101ක් ද රැස් කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි.

 කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ  සුදාර දක්ෂිණ ලකුණු 128කට කඩුලු හතක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝම ලකුණු 34කට කඩුලු හයක් ද යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ දනෝෂ් ද සිල්වා ලකුණු 31කට කඩුලු පහක් ද මීගමුව ක්‍රිකට් සමාජයේ ඇන්ජලෝ ජයසිංහ ලකුණු 25කට කඩුලු හතරක් සහ එම කණ්ඩායමේ වරුන් ඉමේෂාන් ලකුණු 42කට කඩුලු හතර බැගින් ද මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි ලකුණු 72කට කඩුලු හතරක් දවාලමින් ද පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසු විණි.

ලකුණු සාරංශය

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු හතකින් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පරාජය කරයි

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 45.1ක දී සියල්ල දැවී ලකුණු 99 – නුවනිඳු නිර්මාල් 37, මිරංග වික්‍රමගේ 11, රුසිරු විලෝචන 11, ප්‍රමෝද් මධුශාන් 30/4, කසුන් රාජිත 21/2, ප්‍රභාත් ජයසූරිය 27/2

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 64.4ක දී සියල්ල දැවී ලකුණු 240 – කෙනුල් ද සොයිසා 70, නුවනිඳු ප්‍රනාන්දු 62, අවිශ්ක ප්‍රනාන්දු 57, ප්‍රභාත් ජයසූරිය 26, මිරංග වික්‍රමගේ 71/6, බිෂාන් හෙට්ටිආරච්චි 31/2, චරිත් රාජපක්ෂ 23/1

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවනි ඉනිම පන්දුවාර 60ක දී සියල්ල දැවී ලකුණු 226 – රුසිරු විලෝචන 63, මනෙල්ක ද සිල්වා 55, මාලිංග මලිගස්පේ 39, සඳුන් ප්‍රනාන්දු 28, උමයංග සුවාරිස් 20, නිපුන් ධනංජය 44/4,  ප්‍රභාත් ජයසූරිය 71/4

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 14ක දී කඩුලු 3ක් ලකුණු 89 –  කවිඳු නදීෂාන් නොදැවී 28, ෂෙවෝන් ඩැනියල් 25, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 16, මිරංග වික්‍රමගේ 34/3

  • ලියේ ක්‍රිකට් සමාජය කඩුලු හයකින් නාවික හමුදා ක්‍රීඩා සමාජය  පරාජය කරයි

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 66ක දී සියල්ල දැවී ලකුණු 260 – ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, වරුණ මයන්ත 16, උවිඳු පෙරේරා 14, මංගල ප්‍රදීප් 83/8, මල්ෂාන් ගුණසිංහ 91/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 53.4ක දී සියල්ල දැවී ලකුණු 179 – අකීල් ඉන්හම් 46, රොමේෂ් සුරංග 42, ෂෙනාෂ් ප්‍රනාන්දු 21, හිරුන් සිගේරා 19, අෂේන් මෙන්ඩිස් 16, ඉෂාන් අබේසේකර 64/5, දිලංක අවුවාඩ් 23/2, ගිහාන් ද සොයිසා 37/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 78.4ක දී සියල්ල දැවී ලකුණු 192 – රවීන් තරිඳු 56, පූර්ණ චාරුක 38, ඉෂාන් අබේසේකර 31, තෙවිඳු දික්වැල්ල 22, වරුණ මයන්ත 21, මල්ෂාන් ගුණසිංහ 48/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 33/3, විශ්ව රාජපක්ෂ 34/2, මංගල ප්‍රදීප් 61/2

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 63.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 277 – හිරුන් සිගේරා 130, සළිඳු පතිරණ 60, අයොන් ප්‍රනාන්දු 27, අකීල් ඉන්හම් නොදැවී 27, අෂේන් මෙන්ඩිස් 21, ඉෂාන් අබේසේකර 100/4

  • මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු තුනකින් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පරාජය කරයි

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 78ක දී සියල්ල දැවී ලකුණු 210 – ලක්ෂාන් ගමගේ 52, ළහිරු අත්තනායක 51,  ප්‍රමේෂ් මධුභාෂණ 30, අෂාන් රන්දික 21, යශෝධ මෙන්ඩිස් 18, ගයාන් සිරිසෝම 83/6, චානක රුවන්සිරි 62/2, විදුර ලක්ෂාන් 14/1

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 81.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 319 – අභිෂේක් ලියනආරච්චි 136, රශ්මික මෙවන් නොදැවී 100, පුබුදු බණ්ඩාර 48, අවිඳු තීක්ෂණ 57/4, තිරුඥානම් මොනිෂාන් 65/3

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 57.2ක දී සියල්ල දැවී ලකුණු 261 – අෂාන් රන්දික 50, ප්‍රමේෂ් මධුභාෂණ 44, යශෝධ මෙන්ඩිස් 38, මිතුන් ජයවික්‍රම 33, කවීෂ ඉඳුවර 32, මළිඳු මදුරංග 30,  ගයාන් සිරිසෝම 34/6, චානක රුවන්සිරි 72/4

මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 34.1ක දී කඩුලු 7ක් දැවී ලකුණු 154 – රශ්මික මෙවන් 49, අභිෂේක් ලියනආරච්චි 41, සහන් කෞශල්‍ය 22, චානක රුවන්සිරි 11, කවීෂ ඉඳුවර 36/4, යශෝධ මෙන්ඩිස් 19/2

  • ගාල්ල ක්‍රිකට් සමාජය ජයග්‍රහණය අසළට ගියත් තරගය විසඳුමකින් තොරව නිම වේ

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 85.5ක දී සියල්ල දැවී ලකුණු 279 – තිමිර මල්ෂාන්  98, බුද්ධික හසරංග 89, වෝෂිත අමරසිංහ 22, යේසිත් රූපසිංහ 19, විදුනෙත් විල්සන් 15, චානක දේවින්ද 15, සුභානු රාජපක්ෂ 77/5, හංසමන ද සිල්වා 48/2, රජීව වීරසිංහ 69/2

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 86.4ක දී සියල්ල දැවී ලකුණු 378 – අමිත් එරන්ද 128, චතුර පීරිස් 52, ලිසුල ලක්ෂාන් 49, රමේෂ් නිමන්ත 42, හංසමන ද සිල්වා 29, සුපුන් කවිඳ 25, සුදාර දක්ෂිණ 128/7, තිමිර මල්ෂාන් 45/1

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 61.1ක දී සියල්ල දැවී ලකුණු 233 – යේසිත් රූපසිංහ 101, වෝෂිත අමරසිංහ 45, තිමිර මල්ෂාන් 37, කවිඳ ඉස්වර 13, බුද්ධික හසරංග 13, සුභානු රාජපක්ෂ 82/3, රජීව වීරසිංහ 111/3, කෙවින් කොත්තිගොඩ 5/2, චතුර රන්දුනු 20/2

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 17 දී කඩුලු 4ක් දැවී ලකුණු 102 – සුපුන් කවිඳ 57, ලිසුල ලක්ෂාන් නොදැවී 24, සුදාර දක්ෂිණ 43/4

  • මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණය අභියස

යුනයිටඩ් සදර්න්  ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 61.3ක දී සියල්ල දැවී ලකුණු 156 – කවිඳු එදිරිවීර 44, පෙසඳු සංජාන් 34, නිපුණ ගමගේ 15, සසංක නිර්මාල් 15, පැතුම් බොතේජු 12, අමිත සංදීප 21/4, ධනුෂ්ක සඳරුවන් 43/3, ශෙෂාන් ප්‍රනාන්දු 37/2

මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 69.2ක දී සියල්ල දැවී ලකුණු 220 –  උමේෂ් ලක්ෂාන් 58, කවීන් ප්‍රනාන්දු 37, දිමුත් සඳරුවන් 29, හංසජ හිරුන 22, ඇන්ජලෝ ජයසිංහ 19, වරුන් ඉමේෂාන් 19, දනෝෂ් ද සිල්වා 39/5, හිමල් රවිහංස 83/3

යුනයිටඩ් සදර්න්  ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 43ක දී සියල්ල දැවී ලකුණු 133 – දිල්ෂාන් කාංචන 33, සසංක නිර්මාල් නොදැවී 25, පැතුම් බොතේජු 17, නිපුන ගමගේ 13, ඇන්ජලෝ ජයසිංහ 25/4, වරුන් ඉමේෂාන් 42/4, ධනුෂ්ක සඳරුවන් 30/2

මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 1ක දී කිසිවෙකු  නොදැවී ලකුණු 10 –  කවීන් ප්‍රනාන්දු නොදැවී 10

­­

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar