slc
logo
Home   |    News
ජනවාරි 9, 2026
කාන්තා නැෂනල් සුපර් ලීග් පළමු දිනයේදී නිල් සහ කොළ ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (08 දා) අද පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට නිල් සහ කොළ කණ්ඩායම් සමත්විය.

මෙහිදී තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට කොළ කණ්ඩායමේ විට්නි ද අල්විස් සමත්වූවාය. මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට නිල් කණ්ඩායමේ රන්දි ප්‍රේමරත්න සමත්වූවාය.

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරග වලදී පෙරවරුවේ පැවැති තරගය වූ අළු සහ නිල් අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අළු කණ්ඩායම ලකුණු 97 ක් ලබා ගත් අතර එය හඹා ගිය නිල් ක්‍රීඩිකාවෝ ඉලක්කය පන්දුවාර 17.3 ක් අවසනදී කඩුලු 5 ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දුන් අළු කන්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 17 ක් ඇතළත දැවී අසරණව තිබියදී 6 වැනි කඩුල්ලට එක් වුණු හංසිමා කරුනාරත්න සහ සඳුනි නිසංසලා පන්දු 34 කදී ලකුණු 43 ක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 ආසන්නයට රැගෙන යෑමට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්හ. එහිදී වැඩිම ලකුනු ලාභිණිය වූ හංසිමා කරුනාරත්න පන්දු 32 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුනු 40 ක් ලබා ගනිද්දී සදුනි නිසංසලා පන්දු 27 කදී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත්වූවාය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු රන්දි ප්‍රේමරත්න ලකුනු 16 කට කඩුලු 4 ක් දවා ගනිද්දී සචිනි නිසංසලා ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ඉමල්කා මෙන්ඩිස් සහ අමා කාංචනා එක්ව පන්දු 72 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් පත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එහිදී ඉමල්කා මෙන්ඩිස් පන්දු 53 කදී ලකුනු 43 ක්ද අමා කාංචනා පන්දු 30 කදී නොදැවී ලකුණු 37 ක්ද රැස් කළහ.

පස්වරුවේ පැවැති තරගයේදී කොල කණ්ඩායම අතින් පරාජයට පත් වූයේ රතු කණ්ඩායමයි. එහිදී පළමුව පන්දුවට පහර දුන් කොල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුනු 153 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රතු කණ්ඩායම පන්දුවාර 18.1 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 120 ක් පමණි.

වයස අවුරුදු 19 න් පහළ වයසේ පසුවන පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් රතු කණ්ඩායම ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වුණු කොළ කණ්ඩායමට එරෙහිව දක්වන ලද දක්ෂතා කැපී පෙනුණි.

කොළ කණ්ඩායම වෙනුවෙන් විට්නි අලිවිස් පන්දු 48 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 63 ක් ලබා ගත්තාය. ඉනිම ආරම්භ කළ අල්විස් නෙත්මි සේනාරත්න සමග පළමු කඩුල්ල වෙනුවේ පන්ද 34 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක්ද හසිනි පෙරේරා සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුනු 60 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. හසිනි පෙරේරා පන්දු 27 කදී ලකුණු 34 ක් රැස් කළාය.  

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගනිද්දී රශ්මිකා සෙව්වන්දි සහ අසේනි තලගුනේ කඩුල්ල බැගින් දවා ගත්හ.

රතු කණ්ඩඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ උමයංගනා පීරිස් වන අතර ඇය පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින්ලකුණු 27 ක් ලබා ගත්තාය. ඊට අමතරව අසේනි තලගුණේ පන්දු 19 කට මුහුණ දෙමින් ලකුණු 19 ක්ද නෙතඟි ඉසුරාංජලී පන්දු 11 කදී ලකුණු 17 ක්ද විමෝක්ෂා බාලසූරිය පන්දු 13 කදී ලකුනු 13 ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී රශ්මි සිල්වා ලකුනු 19 කට කඩුලු 4 ක් දවා ගනිමින් එම තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඇයට අමතරව පියුමි වත්සලා සහ නිමාෂා මදුෂානි කඩුලු 2 බැගින් දවාගත්හ.

නිල් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

අළු කණ්ඩායම පන්දුවාර 17.5 කදී සියලු දෙනා දැවී ලකුණු  97 යි – හංසිමා කරුණාරත්න නොදැවී 40, සඳුනි නිසංසලා 31, රන්දි ප්‍රේමරත්න 16/4, සචිනි නිසංසලා 13/3

නිල් කණ්ඩායම  පන්දුවාර 17.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 98 යි – ඉමල්කා මෙන්ඩිස් 43, අමා කාංචනා නොදැවී 37, තාරිකා සෙව්වන්දි 13/3

කොළ කණ්ඩායමට ලකුණු 33 ක ජයක්

කොළ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6ක් දැවී ලකුණු 153 යි – විට්නි ද අල්විස් 63, හසිනි පෙරේරා 34, ශෂිනි ගිම්හානි 20/3

රතු කණ්ඩායම පන්දුවාර 18.1 කදී සියලුම දෙනා දැවී 120 යි – උමයංගනා පීරිස් 37, නෙතගි ඉසුරාංජලී 17, අසෙනි තලගුණේ 19, පියුමි වත්සලා 21/2, නිමාශා මදුශානි 30/2, රශ්මි සිල්වා 19/4

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee