slc
logo
Home   |    News
ජනවාරි 12, 2026
තෙවැනි තරගයේ ජයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය සමකර ගනියි

sinhala editor

සංචාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තුන්වන විස්සයි20 තරගයෙන් ලකුණු 14ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරගාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය. නිසි වේලාවට තරගය ආරම්භ කළ නොහැකි සේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ල වූ හෙයින් තරගය ඉනිමක් ඕවර් 12කට සීමා කෙරුණි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලබාදුන් හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබාගත් අතර, පාකිස්තානය ඕවර් 12 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 146කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

දෙපාර්ශ්වයම ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ හෙයින් නරඹන්නන්ට වින්දනාත්මක තරගයක් දැක බලා ගැනීමේ හැකියාව උදා වුණි. පාකිස්තානය තරගය ජය ගැනීම උදෙසා අවසන් පන්දු 6 තුල ලකුණු 20ක් ලබාගත යුතුවූ අතර, ඒෂාන් මාලිංග වයිඩ් පන්දු තුනක් සමඟ ලකුණු 5ක් ලබාදීම හේතුවෙන් තරගය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස නිමාවට පත් විය.

ශ්‍රී ලංකා වේගවත් ආරම්භයත් සමඟ ආරම්භක පවර්ප්ලේ (ඕවර් 3.4) අවසන් වන විට ලකුණු 35කට කඩුලු 2ක් ලබා සිටි අතර, ඕවර 8.4 කදී ලකුණු 100ක් වාර්තා විය. ඕවර 11.3 කදී ලකුණු 150 සීමාව පසු කළ අතර, කැපී පෙනෙන සිදුවීම වූයේ පන්දු 14 ක් පමණක් වැය කරමින් ලකුණු 50ක විනාශකාරී සම්බන්ධතාවයක් ගොඩනැගීමට නායක දසුන් ශානක (පන්දු 9 කින් ලකුණු 34ක්) සහ ජනිත් ලියනගේ (පන්දු 8කින් ලකුණු නොදැවී 22ක්) සමත් වීමය. එම විශ්මයජනක ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාව ඔවුන්ගේ කෙටි ඉනිම ඕවර 12කදී ලකුණු 160කට කඩුලු 6කින් අවසන් කළේ පාකිස්තානයට අභියෝගාත්මක ඉලක්කයක් තබමිනි.

පාකිස්තාන පිල ද ඒ හා සමාන ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් දැක්වූ අතර, පළමු පවර්ප්ලේ ඕවර 3.4 තුලදී ලකුණු 49කට කඩුල්ලක් දැවී තිබිණි. පාකිස්තානුවෝ ඕවර 3.1 කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.

නායක අගා සල්මාන් පන්දු 12කින් ලකුණු 45ක් ලබා ආශ්වාදජනක පිතිකරණයක් ගොඩනැගූ අතර, සයිම් අයුබ් පන්දු 5 කින් ලකුණු 6ක් ලබා වේගවත් ලකුණු 50ක සම්බන්ධතාවයක් ගොඩනැගුණු අතර එමඟින් පාකිස්තානය ඕවර 7.6 කදී ශතකයක් වාර්තා කළ හැකි තත්ත්වයක් උදාවුණි.

කෙසේ වෙතත්, සලමන් අගා මෙල්ල කිරීමට වේග පන්දු යවන මතීෂ පතිරණ සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදා විණි. වේගයෙන් පන්දුවට පහරදෙමින් සිටි මොහොමඩ් නවාස් පන්දු 15කදී ලකුණු 28කත් ලබා සිටියදී පතිරණ එවු යෝකර් පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පසු පාකිස්තාන බලාපොරොත්තු ඈතට ගියේය.

අනෙක් අන්තයෙන් පන්දු යැවූ තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන දෙකම හිමිකර ගත් වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 4ක් බිදහෙලා තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව පැත්තට හැරවීමට සමත් විය.

ජාත්‍යන්තර විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු 150 ක් දවා ගත් පස්වැන්නා බවට පත්වීමටද වනිඳු අද සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 150 සීමාව ඉක්මවා ගිය පළමු පන්දු යවන්නාගේ වාර්තාවත වනිඳු තමන් සතු කර ගැනීමට අද දිනයේදී සමත්විය.

ශ්‍රී ලංකා පිල කඩුලු 6කට ලකුණු 160 (ඕවර් 12)
කමිල් මිෂාර 20, කුසල් මෙන්ඩිස් 30, ධනංජය ද සිල්වා 22, චරිත් අසලංක 21, දසුන් ශානක 34, ජනිත් ලියනගේ නොදැවී 22 9මොහොමඩ් වසීම් 54/3)

පාකිස්තානය කඩුලු 8කට ලකුණු 146 (ඕවර් 12)
සලමන් අගා 45, මොහොමඩ් නවාස් 28, කවාජා නෆී 26 ( ඒෂාන් මාලිංග 27/1, මතීෂ පතිරණ 34/2, වනිඳු හසරංග 35/4)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee