slc
logo
Home   |    News
ජනවාරි 29, 2026
දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පැරදවූ ශ්‍රී ලංකා යෞවනයෝ අවසන් පූර්ව දොරටුව අබියසට

sinhala editor

වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පැරදවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (29) අවසන් පූර්ව වටයේ දොරටුව අසලට පිවිසියේය. දකුණු අප්‍රිකාව පරාජය කිරීමත් සමඟ සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් විය.

ඇෆ්ගනිස්තානයද සුපිරි 6 වටයේ ඉදිරියට පැමිණීමට බලාපොරොත්තු සහගතව සිටින ‍‍හෙයින් හෙට පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම තීරණය කිරීමට සාධකයක් වී ඇත.

ඔස්ට්‍රේලියාව මේ වන විටත් පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිස සිටින අතර, හෙට තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් වටයට එක්වීමේ අවස්ථාව උදාවනු ඇත. එහෙත් ඇෆ්ගන් පිල මේ තරගය ජයගත්තද දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව අභිබවා යෑම අනිවාර්ය වී තිබේ.

බුලවායෝ ක්වින්ස් පාක් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 261ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර් 46කදී කඩුලු 5ක් දැවී ලකුණු 265ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

යාපනය හාට්ලි විදුහලෙන් යොවුන් පිලට එක්වූ 17 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක  විග්නේෂ්වරන් අකාෂ් ශ්‍රී ලංකා පන්දු බළ ඇණියේ ශක්තිමත් පුරුකක් වෙමින් ලකුණු 46කට දකුණු අප්‍රිකා කඩුලු 4ක් බිදහෙලීම කැපී පෙණෙන සිදුවීමක් විය. දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ආක්ෂ් පන්දු හමුවේ අසරණ වූහ.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් විරාන් චමුදිත පන්දු 94කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමඟ ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය. පළමු කඩුල්ල ලෙස දිමන්ත මහවිතාන ලකුණු 4කට දැවී යෑමෙන් පසු විරාන්ට එක් වූ සෙනුජ වැකුණගොඩ දෙවැනි කඩුල්ලට ලකුණු 143ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

වමත් ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙන විරාන් චමුදිත 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේදී ජපාන පිලට එරෙහිව පන්දු 143කදී හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 192ක් රැස්කරමින් 19න් පහළ පිරිමි ලෝක කුසලාන ඉනිමකදී ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ‍ෙම තරගාවලියේ වාර්තා කරමින් ඉතිහාසයට එක්වූ ක්‍රීඩකයෙකි. අද ලබා ගත් ශතකයත් සමග විරාන් රැස් කර ඇති මුලු ලකුණු සංඛ්‍යාව 310 ක් වේ. ඒ අනුව ඔහු මෙවර තරග වාරයේදී වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

සෙනුජ වැකුණගොඩ ලකුණු 48ක් ලබාගත් අතර, නායක විමත් දින්සර ලකුණු 32ක්, කවිජ ගමගේ ලකුණු 13ක්, චාමික හීනටිගල නොදැවී ලකුණු 20ක් සහ දුල්නිත් සිගේරා නොදැවී ලකුණු 15ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.

දකුණු අප්‍රිකානු ඉනිමේ සාර්ථකම පිතිකරු වු ජොරිච් වැන් ෂෝල්ක්වික් ලකුණු 116ක් රැස් කළේ පන්දු 130කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහුට අනගි සහායක් දුන් අද්නාන් ලගඩියන් ලකුණු 46ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 96කි.

දකුණු අප්‍රිකානු 19න් පහළ පිල ඕවර් 50කදී කඩුලු 7කට ලකුණු 261 යි – ජොරිච් වැන් ෂෝල්ක්වික් 116, අද්නාන් ලගඩියන් 46, පෝල් ජේම්ස් නොදැවී 37, බන්ඩල් මෙබතා 12, මයිකල් කෘෘස්කැම්ප් නොදැවී 21 (විග්නේෂ්වරන් ආකාෂ් 46/4, කවිජ ගමගේ 61/2, චාමික හීනටිගල 29/1)

ශ්‍රී ලංකා 19න් පහළ පිල ඕවර් 46තදී කඩුලු 5කට ලකුණු 265 යි – විරාන් චමුදිත 110, දිමන්ත මහවිතාන 4, සෙනුජ වැකුණගොඩ 48, විමත් දින්සර 32, කවීජ ගමගේ 13, චාමික හීනටිගල නොදැවී 20, දුල්නිත් සිගේරා නොදැවී 15 (කෝන් බෝතා 37/2, මයිකල් කෘෘස්කැම්ප් 59/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee