slc
logo
Home   |    News
ජනවාරි 10, 2026
දෙවැනි තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් ක්‍රිකට් ලෝලීන්ට තවත් අවස්ථාවක්

sinhala editor

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දෙවන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අත්හැර දැමීමට සිදුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාව වෙනුවෙන් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව, දෙවන විස්සයි20 තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් සියලු දෙනාට, හෙට (11 වැනි ඉරිදා) පැවැත්වෙන තුන්වන විස්සයි20 තරගය සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර ලබා දීමට තීරණය කර තිබේ.

එම ප්‍රවේශපත්‍ර අද (10 දා) දිනයේ හෝ හෙට (11 දා) දිනයේ උදෑසන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ (RDICS) පිහිටුවා ඇති ටිකට්පත් කවුන්ටරයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට දැනුම් දී සිටියි. ප්‍රවේශපත්‍ර කවුළු පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතී.

පාකිස්තාන–ශ්‍රී ලංකා විස්සයි20 තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය හෙට (ඉරිදා) ප.ව. 7.00 ට දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee