slc
logo
Home   |    News
ජනවාරි 5, 2026
නැෂනල් සුපර් ලීග් කාන්තා විස්සයි-20 සටන 08 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 08 වැනිදා කොළඹදී ආරම්භ වේ. නිල්, අළු, කොළ සහ රතු යන කණ්ඩායම් 4 සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන ජනවාරි 17 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් අවසන් වනු ඇත.

තරගාවලියේ ඇති සුවිශේෂීත්වයක් වන්නේ නියෝජනය කරනු ලබන කණ්ඩායම් 4 අතර මීළඟ අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ක්‍රීඩා කිරීම වේ. එහි නායිකාව වශයෙන් චමුදි ප්‍ර බෝධා කටයුතු කරන්නීය. ඊට අමතරව කොළ කණ්ඩායම හසිනි පෙරේරා විසින්ද, අළු කණ්ඩායම විශ්මි ගුණරත්න විසින්ද සහ නිල් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද මෙහෙයවනු ලබති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතය. තරග 12කින් සමන්විත මූලික වටයේදී එක් දිනක පෙරවරුවේ සහ පස්වරුවේ තරග දෙක බැගින් පැවැත්වෙන අතර, මූලික වටය ලබන 15 වැනිදා නිමාවේ. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ජනවාරි 17 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. මූලික වටයේ තරග කොළඹ බී.ආර්.සි, තර්ස්ටන්, කෝල්ට්ස් සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

කොළ කණ්ඩායම – හසිනි පෙරේරා (නායිකා), ලිහිණි අප්සරා, නිලක්ෂි ද සිල්වා, නෙත්මි සේනාරත්න, මල්ෂා ෂෙහානි, විතිනි ද අල්විස්, පියුමි වත්සලා, නිමේෂා මදුශානි, කාව්‍යා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, රශ්මි සිල්වා, රිෂ්මි සංජනා, හරිනි පෙරේරා, අයේෂා කීර්තිසිංහ, දේවගි ජෙගනාදන්.

අළු කණ්ඩායම – විශ්මි ගුණරත්න (නායිකා), හසිනි ඉන්ද්‍රජිත්, සුමුදු නිසංසලා, කවීෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, සුබද්‍රා සවනි, සඳුනි නිසංසලා, තාරුකා ෂෙහානි, ඉමේෂා දුලානි, තාරිකා සෙව්වන්දි, මල්කි මදාරා, හිරුනිකා නුවන්තනා, චමරි ලක්ෂානි, සෙව්මිණි ශෂිකලා, මල්ෂි නිරාෂා.

නිල් කණ්ඩායම – හර්ෂිතා සමරවික්‍රම (නායිකා), සඳලි වීරසිංහ, කෞෂානි නුත්‍යාංගනා, ඉමල්කා මෙන්ඩිස්, දෙව්මි විහංගා, අමා කාංචනා, සචිනි නිසංසලා, සත්‍යා සංදීපනී, චේතනා විමුක්ති, ශයිනි සේනාරත්න, රන්දි ප්‍රේමරත්න, යසන්ති හේරත්, ශනිල්කා සත්‍යාංගනී, හිරුනි හංසිකා, නෙත්මි සංජනා.

රතු කණ්ඩායම – චමුදි ප්‍රබෝධා (නායිකා), විමෝක්ෂා බාලසූරිය, සංජනා කාවින්දි, උමයංගනා පීරිස්, නෙතඟි ඉසුරාංජලී, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, ලිමන්සා තිලකරත්න, අසේනි තලගුණේ, නෙත්මි උපේක්ෂා, චමෝදි හේරත්, රශ්මිකා සෙව්වන්දි, දනෝද්‍යා සෙව්මිණී, මිතලි අයෝද්‍යා, ඩාරියා දිසානායක.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee