slc
logo
Home   |    News
ජනවාරි 9, 2026
නැෂනල් සුපර් ලීග් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට එරෙහිව බාළිකාවෝ පෙරැළිකාර ජයක් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයිි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (09 දා) පැවැති තරගවලදී පෙරැළිකාර ජයක් වාර්තා කර ගැනීමට අවුරුදු 19 න් පහළ ක්‍රීිඩිකාවන්ගෙන් සමන්විත රෙඩ් කණ්ඩායම සමත්විය. ඔවුන් විසින් අද දිනයේදී පරාජයට පත් කරන ලද්දේ විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුතු ටීම් ග්‍රේස් කණ්ඩායම විය.

ලකුණු 17 ක ජයක් ලෙසින් සනිටුහන් වුණු මෙම තරග ජයග්‍රහණය ඇති සුවිශේෂීතාව වන්නේ ග්‍රේස කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් 6 දෙනෙකුම ඇතුළත්ව සිටීමයිි. විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, කවීෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, මල්කි මදාරා සහ තාරිකා සෙව්වන්දි ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කරගත් ක්‍රීඩිකාවෝ වෙති.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් චමෝදි ප්‍ර බෝධාගේ නායකත්වයෙන් යුතු අවුරුදු 19 න් පහළ බාළිකාවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක් රැස් කර ගත් නමුත් එම ඉලක්කය හඹා යෑමේදී ග්‍රේස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැව රැස් කරගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.

පන්දු යැවීමේදී කැපී පෙනුණු නායිකා චමෝදි ප්‍ර බෝධා පන්දුවාර 4 ද ලකුණු 10 කි පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ දැමුවාය. චමෝදි දවා ගත් කඩුලු 4 න් 3 ක්ම ඇය විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ 16 වැනි පන්දුවාරයේදී දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයකට ආසන්න අවස්ථාවකටද පැමිණෙමිණි. දෙවැනි සහ තෙවැනි පන්දුවලදී හංසිමා කරුනාරත්න ස සුමුදු නිසංසලා දවා ගත් චමෝදිට ඊළග පන්දුවේදී කඩුලු ත්‍රිත්වය අහිමි වුවත් සිව්වැනි පන්දුවේදී ඇය යළිත් සඳුනි නිසංසලාගේ කඩුල්ල දවා ගනිමින් එකම පන්දුවාරයේදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. ඇයට අමතරව අසේනි තලගුණේ, ලිමිනී තිලකරත්න සහ ප්‍රමුදි මෙත්සරා කඩුලු 2 බැගින් බිද හෙලූහ.

ග්‍රේස් කණ්ඩායම පිට පටම ලැබූ දෙවැනි තරග පරාජය ලෙසින් මෙම තරගය පරාජයට සටහන්විය. එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීසා දිල්හාරි වන අතර ඇය පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් ලබා ගත්තාය. නායිකා විශ්මි ගුණරත්නට රැස් කරගත හැකි වූයේ පන්දු 20 කට මුහුණ දී ලකුණු 06 ක් පමණි.

පන්දුවට පහර දීමේදී රෙඩ් කණ්ඩායමේ පිතිකාරිනියන් අතරින් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වූ ලකුණු 23 ක් ලබා ගැනීමට සමත්වූයේ කඩුලු රකින ක්‍රීඩිකා නෙතඟි ඉසුරාංජලී වන අතර ඇය පන්දු 35 කට මුහුණ දුන්නාය. ඇයට අමතරව ප්‍රමුදි මෙත්සරා පන්දු 17 කදී ිලකුණු 22 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියාය.

මේ අතර අද දිනයේ පැවැති අනෙක් තරගය වූ ග්‍රීන් පිලට එරෙහි තරගයේදී කුණු 16 ක ජයක් වාර්තා කර ගැනීමට ටීම් බ්ලූස් පිල සමත්විය. තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුු 8 ට ලකුණු 132 ක් රැස් කරගන්නා ලදුව ඊට පිළිතුරු ලෙස ග්‍රීන් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 106 ක් පමණි.

ටීම් රෙඩ් ට ලකුණු 17 ක ජයක්

ටීම් රෙඩ් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැව ලකුණු 107 යි – නෙතඟි ඉසුරාංජලී 23, ශෂිනි ගිම්හානි 18, රශ්මිකා සෙව්වන්දි 17, ප්‍රමුදි මෙත්සරා 22*, තාරුකා ෂෙහානි 23/2, හිරුනිකා නිවර්තනා 16/2, මල්කි මදාරා 23/2)

ටීම් ග්‍රෙස් පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – කවීෂා දිල්හාරි 45, හංසිමා කරුනාරත්න 16, චමෝදි ප්‍ර බෝධා 10/4, අසේනි තලගුණේ 23/2, ලිමිනි තිලකරත්න 19/2, ප්‍රමුදි මෙත්සරා 10/2)

බ්ලූස් පිලට ලකුණු 26 ක ජයක්

ටීම් බ්ලූස් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 132 යි – සඳලි වීරසිංහ 16, හර්ෂිතා සමරවික්‍රම 45, කෞෂානි නුත්‍යාංගනා 31, අමා කාංචනා 19, දේවගී ජෙගනාතන් 24/3)

ටීම් ග්‍රීන් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 106 යි – හසිනි පෙරේරා 16, පියුමි වත්සලා 35, නිලක්ෂිකා සිල්වා 23, කාව්‍යා කාවින්දි 13, සත්‍යා සංදීපනී 29/2, රන්දි ප්‍රේමරත්න 19/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee