slc
logo
Home   |    News
ජනවාරි 9, 2026
පවන් රත්නායක – සොහාන් ඩී ලිවේරා ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ප්‍රථම දිනය වු අද (9) ශතක 2ක් වාර්තා විය.

නුගේගොඩ – කෝල්ට්ස් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ අතර, අනෙක් තරග බාධාවකින් ‍තොරව ආරම්භ කිරීමට හැකියාව ලැබුණි.

සීසීසී පිලේ පවන් රත්නායක පානදුර ක්‍රීඩා සමාජයට එ‍රෙහිව පන්දු 170කදී හයේ පහර 3ක් හා හතරේ 9ක් සමඟ ලකුණු 116ක් ලබාගත් අතර,  මුවර්ස් පිලේ සොහාන් ඩී ලිවේරා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 160කදී හතරේ 14ක් සමඟ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වූහ.

සීසීසී පිලේ නිශාන් මධූෂ්ක ලකුණු 50ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ විනුර දිල්සර නොදැවී ලකුණු 52ක්, පොලිස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක තරිදු නොදැවී ලකුණු 78, ටැමිල් යූනියන් පිලේ ඉසිවර දිසානායක ලකුණු 54ක් හා ෂාරුජාන් ෂන්මුගනාදන් ලකුණු 87ක් ලබා අර්ධ ශතක වාර්තා කළහ.

පන්දු යැවීමේදී පානදුර ක්‍රීඩා සමාජයේ දුෂාන් විමුක්ති සීසීසී පිලේ  කඩුලු 7ක් ලකුණු 87කට බිදහෙලා දස්කම් දැක්වීය.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – පොලිස් අතර තරගය පී. සරා ඕවල් පිටියේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 54.5කදී සියලු දෙනා දැවී ලකුණු 192

රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23,  රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32 (නිපුන් ප්‍රේමරත්න 55/2, චාරුක ප්‍රෙමා්ද් 40/4, දිලුම් සුධීර 39/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 121

අවිශ්ක තරිදු නොදැවී 78, ල්‍රියමාල් පෙරේරා ‍නොදැවී 24 (දුවිඳු තිලකරත්න 28/1, රවිඳු ප්‍රනාන්දු 21/1)

සීසීසී – ‍ පානදුර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සීසීසී පළමු ඉනිම ඕවර් 83.2කදී සියලු දෙනා දැවී ලකුණු 309

නිශාන් මධූෂ්ක 50, ලසිත් කෘස්පුල්‍ලේ 37, පවන් රත්නායක 116,  සහන් කෝසල 20, අන්ජල බණ්ඩාර 38, චමිඳු විජේසිංහ 15 ( දුෂාන් විමුක්ති 87/7, විශ්ව ළහිරු 65/3)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 4කදී කිසිවෙකු නොදැවී ලකුණු 17

ඉ‍රෝෂ් සමරසූරිය නොදැවී 15

ටැමිල් යූනියන් – එන්සීසී අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් පිල පළමු ඕවර් 82.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 246

නවෝද් පරණවිතාන 43, මිනෝද් භානුක 19, ඉසිවර දිසානායක 54, ෂාරුජාන් ෂන්මුගනාදන් 87, සචිත ජයතිලක 28 (චාමික කරුණාරත්න 29/2, ශක්ති උදාර 77/2, සහන් ආරච්චිගේ 41/2)

බඳුරලිය – ඒස් කැපිටල් අතර තරගය සීසීසී පිටියේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 68.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 232

දිල්ෂාන් ද සොයිසා 37, සදුන් වීරක්කොඩි 36, රවීන් යසස් 18, අලංකාර අසංක ද සිල්වා 15, ගීත් කුමාර 18, විනුර දිල්සර නොදැවී 52, සුමුදු ලක්ෂාන් නොදැවී 40 (වනුජ සහන් 72/2, චමෝද් බැට්ටගේ 66/4)

මුවර්ස් – කුරුණෑගල  අතර තරගය හම්බන්තොටදී

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 74කදී කඩුලු 5ක් දැවී ලකුණු 298

සදීර සමරවික්‍රම 43, සොහාන් ඩී ලිවේරා 139, සිතාර ගිම්හාන 76 (දිනුෂ්ක මාලන් 46/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee