slc
logo
Home   |    News
ජනවාරි 12, 2026
බ්ලූම්ෆිල්ඩ් පිලට ලකුණු 13ක තියුණු ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ තෙවැනි දිනය වූ අද (11) බ්ලූම්ෆිල්ඩ් පිලට ලකුණු 13ක තියුණු ජයක් හිමි විය. මෙය මෙවර තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් පිල වාර්තා කළ පළමු පූර්ණ තරගාවලි ජයග්‍රහණය වේ.

පොලිස් පිලට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 132ක ඉලක්කයක් පොලිස් පිලට එල්ල වුවද සියලු දෙනා ලකුණු 121කට දවා ගැනීමට බ්ලුම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වූහ. රවිඳු ලකුණු 52 කට කඩුලු 5ක් හා වැන්ඩර්සේ ලකුණු 33කට කඩුලු 5ක් බිද හෙළූහ.

සීසීසී පිලේ පවන් රත්නායක පළමු ඉනිමේදී හා දෙවැනි ඉනිමේදී පානදුර ක්‍රීඩා සමාජයට එ‍රෙහිව ශතක දෙකක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි. පළමු ඉනිමේදී පන්දු 170කදී හයේ පහර 3ක් හා හතරේ 9ක් සමඟ ලකුණු 116ක් ලබාගත් පවන් දෙවැනි ඉනිමේදී පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ 10ක් සමඟ නොදැවී ලකුණු 125ක් ලබා ගැනීමට සමත් විය.

එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල ටැමිල් යූනියන් පිලට එ‍රෙහිව පන්දු 99කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 126ක් ලබාගත් අතර, චාමික කරුණාරත්න පන්දු 119කදී හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු නොදැවී 125ක් ලබා ගැනීමට සමත් වූහ. ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් පන්දු 211කදී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු153ක්, මුවර්ස් පිලේ සොහාන් ඩී ලිවේරා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 160කදී හතරේ 14ක් සමඟ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වූහ.

පොලිස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක තරිදු බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 156කදී හයේ පහර 3ක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 116ක් හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ පන්දු 131කදී හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළහ.

සීසීසී පිලේ නිශාන් මධූෂ්ක ලකුණු 59ක්, එන්සීසී පිලේ කවීන් බණ්ඩාර ලකුණු 52ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ කවිඳු ආමන්ත ලකුණු 75ක්, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ‍ේ මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 54ක් වශයෙන් අර්ධ ශතක රැස් කළහ.

සීසීසී පිලේ සොනාල් දිනූෂ ලකුණු 63කට කඩුලු 5ක් හා බඳුරලිය පිලේ මලින්ද පුෂ්පකුමාර ලකුණු 116කට කඩුලු 5ක් බිදහෙලා අද දිනයේ පන්දු‍ෙන් දස්කම් දැක්වුහ.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – පොලිස් තරගය පී. සරා ඕවල් පිටියේදී බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 13ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 54.5කදී සියලු දෙනා දැවී ලකුණු 192
රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23, රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32 (නිපුන් ප්‍රේමරත්න 55/2, චාරුක ප්‍රමෝද් 40/4, දිලුම් සුධීර 39/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 81.3කදී සියලු දෙනා දැවී ලකුණු 284
අවිශ්ක තරිදු 116, ල්‍රියමාල් පෙරේරා ‍32, විශාද් රන්දික 24, චතුරංග කුමාර 33, දිලුම් සුධීර 18, නලීන් ප්‍රියදර්ශන නොදැවී 20 (දුවිඳු තිලකරත්න 80/5, රවිඳු ප්‍රනාන්දු 48/3)

බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 62.3කදී සියලු දෙනා දැවී ලකුණු 226
හසිත අමරසිංහ 17, මිනෙත් ප්‍රේමරත්න 34, තරිඳු හර්ෂණ 25, රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 21, තරිඳු හර්ෂණ 25, අසිත වන්නිනායක 21, රවිඳ ප්‍රනාන්දු 30, ළහිරු මධුසංඛ 39, ( දිලුම් සුධීර 92/2, නලීන් ප්‍රියදර්ශන 89/5)

පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 31.3කදී සියලු දෙනා දැවී ලකුණු 121
අවිශ්ක තරිදු 37, ධනුජ ඉදුවර 19, විශාද් රන්දික 19 (රවිඳු ප්‍රනාන්දු 52/5, ජෙෆ්රි වැන්ඩර්සේ 33/5)

සීසීසී – ‍ පානදුර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි

සීසීසී පළමු ඉනිම ඕවර් 83.2කදී සියලු දෙනා දැවී ලකුණු 309
නිශාන් මධූෂ්ක 50, ලසිත් කෘස්පුල්‍ලේ 37, පවන් රත්නායක 116, සහන් කෝසල 20, අන්ජල බණ්ඩාර 38, චමිඳු විජේසිංහ 15 ( දුෂාන් විමුක්ති 87/7, විශ්ව ළහිරු 65/3)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 103කදී සියලු දෙනා දැවී ලකුණු 271
ඉ‍රෝෂ් සමරසූරිය 87, විශ්ව චතුරංග 22, චර්යා පරණවිතාන 18, කාංචන ද ලිවේරා 52, දුෂාන් විමුක්ති 25, සසිඳු මල්ෂාන් 28, විශ්ව ළහිරු 19 (සොනාල් දිනූෂ 63/5, නිශාන් පීරිස් 45/2)

සීසීසී දෙවැනි ඉනිම ඕවර් 60කදී කතඩුලු 7ක් දැවී ලකුණු 276
නිශාන් මධූෂ්ක 59, පවන් රත්නායක නොදැවී 125, පවන් සන්දේශ් 19, අන්ජල බණ්ඩාර 47 ( දුෂාන් විමුක්ති 89/4, සහන් මිහිර 62/2)

ටැමිල් යූනියන් – එන්සීසී අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 107.2කදී සියලු දෙනා දැවී ලකුණු 353
නවෝද් පරණවිතාන 43, මිනෝද් භානුක 19, ඉසිවර දිසානායක 54, ෂාරුජාන් ෂන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, විහස් තෙව්මික 63, ළහිරු සමරකෝන් 36 (චාමික කරුණාරත්න 52/3, ශක්ති උදාර 107/3, සහන් ආරච්චිගේ 51/3)

එන්සීසී පළමු ඉනිම ඕවර් 39කදී සියලු දෙනා දැවී ලකුණු 176
ළහිරු උදාර 20, චාමික කරුණාරත්න 62, ළහිරු කුමාර 47 (ළහිරු සමරකෝන් 34/5, තේෂාන් විඳුෂාන් 55/2)

එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 71කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 430
නිරෝෂන් දික්වැල්ල 126, විනුක රණසිංහ 36, අහන් වික්‍රමසිංහ 25, කවීන් බණ්ඩාර 52, චාමික කරුණාරත්න නොදැවී 125, කවීන් පතිරත්න 18, ළහිරු කුමාර නොදැවී 17 (ළහිරු සමරකෝන් 66/2, විහස් තෙව්මික 98/2, විජයකාන්ත් වි‍යෙස්කාන්ත් 117/3)

ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිම ඕවර් 43කදී කඩුලු 7ක් දැවී ලකුණු 127
මිනෝද් භානුක 45, සචිත ජයතිලක 18 (ශක්ති උදාර 60/2, ළහිරු කුමාර 4/2, දිනෙත් ගුණවර්ධන 50/2)

නුගේගොඩ – කෝල්ට්ස් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් ‍තොරයි

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය පළමු ඉනිම ඕවර් 86.2කදී සියලු දෙනා දැවී ලකුණු 293
පුලිඳු පෙරේරා 22, ලොහාන් ද සොයිසා 101, පැතුම් කුමාර 19, අක්රම් මුතාලිෆ් 56 (අකිල ධනංජය 66/4 ස්‍යාම්සුන්දර් ක්‍රිෂ්නශ්‍රීරාම් 25/2, සංගීත් කුරේ 44/2)

කෝල්ට්ස් පිල පළමු නිම ඕවර් 29කදී කඩුලු 4ක් දැවී ලකුණු 118
සංගීත් කුරේ 29, දිනේෂ් චන්දිමාල් 38, ධනංජය ලක්ෂාන් නොදැවී 33 (තිලකරත්න සම්පත් 34/2)

බඳුරලිය – ඒස් කැපිටල් අතර තරගය සීසීසී පිටියේදී ජය පරාජයෙන් තොරයි

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 86කදී සියලු දෙනා දැවී ලකුණු 293
දිල්ෂාන් ද සොයිසා 37, සදුන් වීරක්කොඩි 36, රවීන් යසස් 18, අලංකාර අසංක ද සිල්වා 15, ගීත් කුමාර 18, විනුර දිල්සර 68, සුමුදු ලක්ෂාන් 51, අදීශ තිලංචන 34 (වනුජ සහන් 95/4, චමෝද් බැට්ටගේ 79/6)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 120කදී සියලු දෙනා දැවී ලකුණු 472
පවන්ත වීරසිංහ 100, නිමේෂ ගුණසිංහ 44, කවිඳු ආමන්ත 75, නවිඳු කුලසේකර 27, වනුජ සහන් 153, රවීන් ද සිල්වා 47 (මිලින්ද පුෂ්පකුමාර 116/5, අලංකාර අසංක ද සිල්වා 133/3)

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 35කදී කඩුලු 5ක් දැවී ලකුණු 147
දිල්ෂාන් ද සොයිසා 23, සදුන් වීරක්කොඩි 15, ගීත් කුමාර නොදැවී 30,අයන සිරිවර්ධන 52, සුමුදු ලක්ෂාන් නොදැවී 24 (ඉසිත විජේසුන්දර 40/2, රොහාන් ජයතිස්ස 28/2)

මුවර්ස් – කුරුණෑගල අතර තරගය හම්බන්තොටදී ජය පරාජයෙන් තොරයි

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 114කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත් හිටෙව්වා) ලකුණු 441
සදීර සමරවික්‍රම 43, සොහාන් ඩී ලිවේරා 139, සිතාර ගිම්හාන 76, රමේෂ් මෙන්ඩිස් 65, ෂෙහාන් ප්‍රනාන්දු 51, සන්තුෂ් ගුණතිලක නොදැවී 17 (දිනුෂ්ක මාලන් 62/2, සමීර සඳමාල් 38/2, චාමික එදිරිසිංහ 139/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 75.3කදී සියලු දෙනා දැවී ලකුණු 231
ගයාන් මනීෂාන් 23, මනෝජ් සරත්චන්ද්‍ර 54, ලක්ෂාන් එදිරිසිංහ 24, සමීර සඳමාල් 32, රනිත ලියනාරච්චි 17, චාමික එදිරිසිංහ නොදැවී 28 (මිලාන් රත්නායක 41/4, ප්‍රවීන් ජයතිලක 49/4)

මුවර්ස් පිල ‍දෙවැනි ඉනිම ඕවර් 20කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත් හිටෙව්වා) ලකුණු 83
සදීර සමරවික්‍රම 21, සොහාන් ඩී ලිවේරා 32 දිනුක් දිල්ෂාන් 24 (සමීර සඳමාල් 26/3, චාමික එදිරිසිංහ 28/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee