ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (ජනවාරි 11 වැනිදා) පැවැති තරග අතුරින් බ්ලූස් සහ ග්‍රේස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ. බ්ලූස් කණ්ඩායම මෙවර තරග වාරයේ පිට පිටම වාර්තා කරන ලද තෙවැනි තරග ජයග්‍රහණය ලෙසින් මෙය සනිටුහන් විය.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති මෙදින තරග වලදී රෙඩ් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් බ්ලූස් කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 134 ක් වාර්තා කරගත් අතර ඊට පිළිතුරු ලෙස රෙඩ් කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 64 ක් පමණි. ඒ අනුව බ්ලූස් කණ්ඩායමට ලකුණු 70 ක ජයක් හිමිවිය.
බ්ලුස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කිරීමට සත්‍යා සංදීපනී සමත්වූ අතර ඇය පන්දු 55 කදී හතරෙ පහර 5 ක සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස් කර ගැනීමට සමත්වූවාය. ඇයට අනගි සහයෝගයක් ලබා දුන් අමා කංචනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්ද2 60 කදී කුණු 70 ක සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය. අමා පන්දු 35 කදී ලකුණු 41 ක් ලබා ගැනීමට සමත්වූවාය.
රෙඩ් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ නෙත්මි සංජනා ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගත්තාය. ඇයට අමතරව දෙව්මි විහංගා කඩුලු 3 ක් සහ සත්‍යා සංදීපන් කඩුලු 2 ක් දවාලූහ.
මේ අතර ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කළ ග්‍රේස් කණ්ඩායම මෙවර තරග වාරයේ ඔවුන් පළමු ජයග්‍රහණය වාර්තා කළේය. පළමුව පන්දුවටට පහර දුන් ගේස් කණ්ඩායම කඩුලු 6 ක දැවී ලකණු 132 ක ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ග්‍රීන්ස් කණඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 97 ක් පමණි.
ග්‍රේස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වීමට එහි නායක විශ්මි ගුණරත්න සමත්වූවාය. ඇය පන්ද 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් වාර්තා කරගත්තාය.
ඊට අමතරව ඉමේසා ඩිලානි හා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ඉමේසා පන්දු 34 කදී ලකුණු 40 ක් වාර්තා කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී වැඩිම ලකුණ ලාභිණිය බවට පත්වූයේ ඔෂධී රණසිංහ වන අතර ඇය පන්දු 27 කදී ලකුණ 21 ක් ලබා ගත්තාය. ගීන්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 14 කට කඩ්ලු 4 ක්ද සඳුනි නිසංසල් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර කවීෂා දිල්හාරි ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තාය.
බ්ලූස් කණ්ඩායමට ලකුණු 70 ක ජයක්
බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6ක් දැවී ලකුණු 134 යි – සත්‍යා සංදීපනී නොදැවී 50, ශයනි සේනාරත්න 25, අමා කාංචනා 41, චමෝදි ප්‍රබෝධා 16/3
රෙඩ් කණ්ඩායම පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුුණු 64 යි – සංජනා කාවින්දි 12, සත්‍යා සංදීපනී 08/2, දෙව්මි විහංඟා 11/3, නෙත්මි සංජනා 14/4
ග්‍රේස් පිලට ලකුණු 35 ක ජයක්
ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකණු 132 යි – නෙතඟි ඉසුරාංජලී 23, ප්‍රමුදි මෙත්සරා නොදැවී 22, මල්කි මදාරා 23/2, තාරුකා ශෙහානි 23/2, හිරුනිකා නිවර්තනා 16/2
ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 97 යි – නිලක්ෂිකා සිල්වා 16, ඕෂදී රණසිංහ 21, ඉනෝෂි ප්‍රනාන්දු 14/4, කවීෂා දිල්හාරි 23/2, සඳුනි නිසංසලා 16/3





