ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 143ක් ද අදීෂ නානායක්කාර ලකුණු 114ක් ද රැස් කරමින් දිනයේ හොඳම දක්ෂතාවයන් පිළිබිඹු කළේ පළමු කඩුල්ලට පන්දුවාර හතළිහක දී ලකුණු 202ක සබඳතාවයක් තබා ගනිමිනි.
ආදිත්‍ය සිරිවර්ධන පන්දු 202කට මුහුණ දී හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමග ලකුණු 143ක් ද අදීෂ නානායක්කාර පන්දු 107කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර පහක් සමග ලකුණු 114ක් ද රැස් කළේ වේගවත් පිතිහරඹයන් හි නියැළෙමිනි. ප්‍රථම දින තරගය නිම වන විට යුනයිටඩ් සදර්න් පන්දුවාර 83ක දී කඩුලු හයක් දැවී ලකුණු 376ක් ලබා සිටියේ පන්දු වාරයකට ලකුණු 4.5කට ආසන්න වන පරිදිය.
යුද හමුදා ක්‍රීඩා සමාජය ද අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී මෙවැනිම දක්ෂතා පෙන්වුයේ දිනය නිම වන විට මොරටුව ක්‍රීඩා සමාජය සමග කඩුලු නවයකට ලකුණු 355ක් රැස් කරමිනි. මෙහිදී පැතුම් දිල්ෂාන් පන්දු 151කට මුහුණ දී හතරේ පහර නවයක් හයේ පහරක් සමග ලකුණු 105ක් ද තෙවිඳු දිලන්ක පන්දු 138කට මුහුණ දී හතරේ පහර එකොළහක් සමග ලකුණු 99ක් ලැබීය.
අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රීඩා සමාධි පිටියේ පැවැති සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ උමයංග සුවාරිස් පන්දු 125කට මුහුණ දී හතරේ පහර අටක් හයේ පහර දෙකක් සමග ලකුණු 91ක් රැස් කිරීමට සමත් විණි.
මෙදින කටුනායක දී පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ එස්.එස්.සී. ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කණ්ඩායම් දෙකම පළමු ඉනිමේ දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය බැවින් (ලියෝ ලකුණු 160යි) (එස්.එස්.සී. ලකුණු 101යි) මේ තරගයෙන් ඉක්මන් ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකි වේ.
මේ අතර අද පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු පහ බැගින් දවාලමින් දක්ෂතා දැක්වීය. සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ උෂාන් මනෝහර කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සමග ලකුණු 58කට කඩුලු පහක් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ගිෂාන් බාලසූරිය ලියෝ ක්‍රිකට් සමාජය සමග ලකුණු 64කට කඩුලු පහක් ද ලියෝ ක්‍රිකට් සමාජයේ මල්ෂාන් ගුණසිංහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 28කට කඩුලු පහක් ද දවාලුහ.
ලියෝ ක්‍රිකට් සමාජයේ ගිත්මින් කොළඹගේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 37කට කඩුලු හතරක් ද දවාලමින් ද දස්කම් පෑවේය.
ලකුණු සාරංශය
- යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා පිටියේ දී
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 83ක දී කඩුලු 6ක් දැවී ලකුණු 376 – ආදිත්‍ය සිරිවර්ධන 143, අදීෂ නානායක්කාර 114, පෙසඳු සංජාන් නොදැවී 49, සසංක නිර්මාල් නොදැවී 22, හංස මිහිරංග 20, කවිඳු එදිරිවීර 19, වරුණ මයන්ත 19/2, ගිහාන් ද සොයිසා 78/2
- සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් පිටියේ දී
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 56.4ක දී සියල්ල දැවී ලකුණු 211 – උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, මාලිංග මලිගස්පේ 20, චමිඳු පෙරේරා 16, උෂාන් මනෝහර 58/5, වෝෂිත අමරසිංහ 19/2, චානක දේවින්ද 37/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 25ක දී කඩුල්ලක් දැවී ලකුණු 77 – නිමන් උමේෂ් නොදැවී 40, සචින් ගොඩමාන්න 31, හෂාන් සංදීප 12/1
- යුද හමුදා ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – මොරටුව ද සොයිසා පිටියේ දී
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 85.2ක දී කඩුලු 9ක් දැවී ලකුණු 355 – පැතුම් දිල්ෂාන් 105, තරිඳු දිලංක 99, සෙහද සොයිසා 44, ක්‍රිෂේන් අපෝන්සු 41, රත්නරාජා තෙනුරතන් 25, ජනිත් ද සිල්වා 18, රශ්මික මෙවන් 18/3, චානක රුවන්සිරි 86/2, ගයාන් සිරිසෝම 101/2
- කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – මීගමුව ක්‍රිකට් සමාජය – දොඹගොඩ යුද හමුදා පිටියේ දී
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 61.4ක දී කඩුලු 5ක් දැවී ලකුණු 213 – ලක්ෂාන් ගමගේ 52, අෂාන් රන්දික 52, මලිඳු මධුරංග 40, සුධීර වීරරත්න 33, වරුන් ඉමේෂාන් 48/3, ෂෙහාන් ප්‍රමෝද් 35/1
- ලියෝ ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – කටුනායක ගුවන් හමුදා පිටියේ දී
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 49.2ක දී සියල්ල දැවී ලකුණු 160 – අකිල් ඉන්හම් 53, හිරුන් සිගේරා 27, පූර්ණ කල්හාර නොදැවී 25, විශ්ව රාජපක්ෂ 20, ගිෂාන් බාලසූරිය 64/5, කසුන් රාජිත 24/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 25.1ක දී සියල්ල දැවී ලකුණු 101 – රනුද සෝමරත්න 25, නිවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 19, මල්ෂාන් ගුණසිංහ 28/5, ගිත්මින් කොළඹගේ 37/4
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 10ක දී කඩුලු 2ක් දැවී ලකුණු 28 – ගිත්මින් කොළඹගේ 12,ප්‍රභාත් ජයසූරිය 5/1, කසුන් රාජිත 6/1
- ගාල්ල ක්‍රිකට් සමාජය – රාගම ක්‍රිකට් සමාජය – මුවර්ස් පිටියේ දී
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 83ක දී කඩුලු 8ක් දැවී ලකුණු 297 – සුපුන් කාවින්ද 80, රමේෂ් නිමන්ත 48, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුනු 31, අමිත් එරන්ද 27, හංසමාන ද සිල්වා නොදැවී 16, රජිත් ප්‍රියාන් නොදැවී 15, උපුල් ඉන්ද්‍රසිරි 79/3, රවිඳු සෙම්බුකුට්ටි 31/2





