පාකිස්තානයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සය-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.
අදාළ ප්‍ර වේශපත්‍ර https://mycricket.com.lk වෙබ් සබැඳියට ගොස් වෙන්කරවාගත හැකි අතරම, ජනවාරි මස 05 වැනිදා සිට ප්‍රවේශපත්‍ර කවුලුද විවෘතව තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රවේශපත්‍ර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රවේශපත්‍ර කවුලුවලින් පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා වන කාල සීමාවේදී මිලදීි ගත හැක.
දෙරට අතරතරගාවලිය ජනවාරි මස 07 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 09 වැනිදාත් තෙවැනි තරගය 11 වැනිදාත් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ප්‍රෙව්ශ පත්‍ර රු. 750 සිට රු 10,000 දක්වා වන මිල ගණනයටතේ ලබාගත හැක
ප්‍රවේශපත්‍ර වර්ග හා මිල ගණන් පහත පරිදි වේ.
- Level 3 – AC Box (පුටු සහිත / එක් ආසනයකට) – රු. 10,000
- Grand Stand Level 3 (පුටු සහිත) – රු. 5,000
- Block A (පුටු සහිත) – රු. 2,000
- Block B (පුටු සහිත) – රු. 2,000
- Block C – Lower (පුටු සහිත) – රු. 2,000
- Block C – Upper (නැගී සිටීම) – රු. 1,000
- Block D – Lower (පුටු සහිත) – රු. 2,000
- Block D – Upper (නැගී සිටීම) – රු. 1,000
- Block E – Lower (පුටු සහිත) – රු. 2,000
- Block E – Upper (නැගී සිටීම) – රු. 1,000
- Block F – Lower (පුටු සහිත) – රු. 2,000
- Block F – Upper (නැගී සිටීම) – රු. 1,000
- Block H – Lower (පුටු සහිත) – රු. 2,000
- Sigiriya End (නැගී සිටීම) – රු. 750






