slc
logo
Home   |    News
ජනවාරි 23, 2026
ශ්‍රී ලංකා යොවුන් පිලේ අපරාජිත භාවය බිඳ වැටෙයි

sinhala editor

අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (23 දා) ඔස්ට්‍රේලියානු යොවුන් පිල හමුවේ කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය. මූලික වටය යටතේ සහභාගිවණු අවසන් තරගය වූ මෙම තරගය පරාජයට පත් වුවද ජපානයට සහ අයර්ලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පිල සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන සිටියි.

නැමීබියාවේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු පිල පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ආරාධනා කර සිටි නමුත් පෙර තරග පරිදි ශ්‍රී ලංකාවට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව අහිමිවිය. විල් බ්‍රොම් ලකුණු 14 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් චාල්ස් ලච්මන්ඩ් සහ කේස් බාර්ටන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වීමත් නිසා ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 58 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙුනවෙන් ලකුනු 10 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට සමත්වූයේ චාමික හීනටිගල (14) සහ කවීජ ගමගේ (10) පමණි.

තෙවැනි පන්දුවාරයේ පටන්ම ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වූ නමුත් ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන් එම ඉලක්කය හඹා යෑම සඳහා පිරිනමන ලද්දේ එක් කඩුල්ලක් පමණි. ඔවුන් පන්දුවාර 12 ක් අවසන් වන විට ඉලක්කය සම්පර්ණ කර ද්දී ස්ටීවන් යොගන් ලකුණු 28 ක් සහ නිටෙච් සැමුවෙල් ලකුණු 19 ක් වශයෙන් නොදැවී ලබාගෙන සිටියහ.

සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන්ම ජනවාරි මස 26 වැනිදා ඇෆ්ගනිස්තානු යොවුන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar