slc
logo
Home   |    News
ජනවාරි 9, 2026
දෙවැනි තරගය වැස්සට සේදෙයි

sinhala editor

ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (09 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය ප.ව. 8.30 දක්වා ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටි නමුත් ප.ව. 8.35 ට පමණ ඇද හැළුණු වර්ෂාවත් සමඟම තරගය අත්හැර දැමීමට තරගතීරකවරයා වූ රංජන් මඩුගල්ලේ සහ එම තරග විනිසුරුවෝ තීරණය කළහ.

අන්තර්ජාතික විස්සයි-20 කදී අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙසින් පැවැත්විය යුතු වන අතර එසේ නම් තරගය රාත්‍රි 10.15 ට ආරම්භ කළ යුතුවිය. එහෙත් එම වේලාවට ක්‍රීඩාංගණය පිළිසකර කර ගැනීමට නම් රාත්‍රී 9.15 වන විටවත් ක්‍රීඩාංගණයේ වැසි ආවරණ ඉවත් කිරීමේ කටයුතු අවසන් කළ යුතුව තිබිණ. එහෙත් රාත්‍රී 9 වන තෙක්ම සිහින් වැසි සහිත තත්ත්වයක් ක්‍රීඩාංගණය අවට පතිතවීම නිසා තරගය අතහැර දැමීමට තරග බලධාරීහු පියවර ගත්හ.

තරගාවලියේ පළමු තරගය ජයගෙන සිටින පාකිස්තානු කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි. තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ජනවාරි මස 11 වැනිදා රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබේ. තරගයක් ජයගෙන සිටින පාකිස්තානුවෝ මෙම තරගාවලිය අපරාජිත තත්ත්වයකට පැමිණ සිටින නමුත්, සමව අවසන් කර ගැනීමට නම් තෙවැනි තරගය ශ්‍රී ලංකා පිල අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee