slc
logo
Home   |    News
ජනවාරි 25, 2026
රොමේෂ් – ශෙහාන් – හිමාල් දක්ෂතා පෙන්වති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) දිනයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ රොමේෂ් සුරංග නොදැවී ලකුණු 104ක් රැස් කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු යවන්නන් අතුරින් දස්කම් පෑ මීගමුව ක්‍රිකට් සමාජයේ ශෙහාන් ප්‍රමෝද් ලකුණු 49කට කඩුලු පහක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ හිමාල් රවිහංස ලකුණු 80කට කඩුලු පහක් ද දවාලුහ.

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ ලියෝ ක්‍රිකට් සමාජයේ පළමු ඉනිමේ දී රොමේෂ් සුරංග නොදැවී ලකුණු 104ක් රැස් කළේ පන්දු 135කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර තුනක් සමගය.

 පනාගොඩ යුද හමුදා පිටියේ දී මීගමුව ක්‍රිකට් සමාජයේ ශෙහාන් ප්‍රමෝද් යුද හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 49කට කඩුලු පහක් ද නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී යුුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ හිමාල් රවිහංස එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 80කට පිතිකරුවන් පහක් දවාලමින් ද දිනයේ දක්ෂතම පන්දු යැවීම් දෙක වාර්තා කළහ.

 කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන රාගම ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී රාගම කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 279ට පිළිතුරු ලෙස මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවට පහර දෙද්දී රාගම ක්‍රිකට් සමාජයේ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 39කට කඩුලු හතරක් දවා පෙන් වු විශිෂ්ට පන්දු යැවීම හමු වේ මොරටුව ක්‍රීඩා සමාජයේ පළමු ඉනිම ලකුණු 101කට සීමා විණි.

 රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන අවස්ථාවේ පස්වන කඩුල්ලට රවිඳු සෙම්බුකුට්ටි නොදැවී ලකුණු 74ක් ද චානක විජේසිංහ නොදැවී ලකුණු 77ක් ද රැස් කරමින් පස්වන කඩුල්ලට නොදැවී ලකුණු 136ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ.

 රාගම ක්‍රිකට් සමාජය මේ වන විට දෙවන ඉනිමේ ලකුණු 396කින් ඉදිරියෙන් පසු වන්නේ කඩුලු හයක් ද ඉතිරිවය.

 මේ අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මීගමුව ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ගැටුමේ දී මීගමුව ක්‍රිකට් සමාජය ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 288ට පිළිතුරු ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 195කි. මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී කඩුලු හතරකට ලකුණු 115ක් රැස් කර දෙවන ඉනිමේ ලකුණු 208ක් ඉදිරියෙන් පසු වන්නේ කඩුලු හතරක් ද ඉතිරිවය.

 කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර දොඹගොඩ යුද හමුදා පිටියේ පැවැත්වෙන තරගයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 353 හඹායද්දී නාවික හමුදාවේ පූර්ණ චාරුක තනිව හුදකලා සටනක නිරත වෙමින් පන්දු 119කට මුහුණ දී හතරේ පහර දෙකක් හයේ පහර හතක් සමග නොදැවී ලකුණු 91ක් රැස් කිරීම මත නාවික හමුදා කණ්ඩායමට ප්‍රථම ඉනිමේ දෙවන දින නිම වන විට කඩුලු නවයකට ලකුණු 271ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 කොළඹ මැලේ – ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් මේ වන විට ලියෝ ක්‍රිකට් සමාජය ඉදිරියෙන් පසු වේ. යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අතර තරගයේ ප්‍රථම ඉනිමේ යුනයිටඩ් සදර්න් ලකුණු 29කින් ඉදිරියෙන් පසු වුවත් එස්.එස්.සී. කණ්ඩායම දෙවන ඉනිමේ දී පෙරළියක් සිදු කිරීමට බෙහෙවින් අවකාශ ඇත.

 සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ගාල්ල ප්‍රථම ඉනිමේ දී ලකුණු 27කින් ඉදිරියෙන් පසු වුවත් මේ තරගය කරට කර සටනක් බවට පෙරළෙමින් තිබේ.

ලකුණු සාරංශය

  • රාගම ක්‍රිකට් සමාජය ප්‍රබලම තත්ත්වයක

 රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 78.1ක දී සියල්ල දැවී ලකුණු 279 – කෙමීර විජේනායක 107, මලීෂ සිල්වා 48, සහිල් ඩයස් 39, මනීෂ රූපසිංහ 30, චානක විජේසිංහ 18, රන්මිත් ජයසේන 15, චානක රුවන්සිරි 80/6

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 35.4ක දී සියල්ල දැවී ලකුණු 101පුබුදු බණ්ඩාර 31, පූර්ණ ප්‍රභාත් 19, ගෙවින් බොතේජු 13, උපුල් ඉන්ද්‍රසිරි 39/4, තරුෂ කොඩිකාර 14/2, කොසාන් ජයවික්‍රම 19/2

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 54ක දී කඩුලු 4ක් දැවී ලකුණු 218චානක විජේසිංහ නොදැවී 77, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 74, සහිල් ඩයස් 43, චානක රුවන්සිරි 72/2, රෂ්මික මෙවන් 16/1

  • මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඉදිරියෙන්

 මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 75.2ක දී සියල්ල දැවී ලකුණු 288දිමුත් සඳරුවන් 102, ශෙෂාන් ප්‍රනාන්දු 32, කවීන් ප්‍රනාන්දු 28, කෙෂාන් වන්නිආරච්චි 28, ඇන්ජලෝ ජයසිංහ 23, දුලාජ් රණතුංග 20, සෙහද සොයිසා 55/4, අසේල ගුණරත්න 37/2, ගයාන් චන්ද්‍රබොෂ් 72/2

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70ක දී සියල්ල දැවී ලකුණු 195 තරිඳු දිලංක 46, රත්නරාජා තෙනුරතන් 43, ගයාන් චන්ද්‍රබෝෂ් 24, අශාන් සුදර්ශන 21,ඉෂාර මෙන්ඩිස් 20, ශෙහාන් ප්‍රමෝද් 49/5, ශෙෂාන් ප්‍රනාන්දු 31/2, අමිත සංදීප පෙරේරා 31/2

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 31ක දී කඩුලු 4ක් දැවී ලකුණු 115උමේෂ් ලක්ෂාන් නොදැවී 35, කවීන් ප්‍රනාන්දු 22, දුලාජ් රණතුංග 20, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 18, සෙහද සොයිසා 31/2, ගයාන් චන්ද්‍රබෝෂ් 53/2

  • පූර්ණ චාරුක තනිව සටන් කරයි

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.2ක දී සියල්ල දැවී ලකුණු 353 ලක්ෂාන් ගමගේ 155, යශෝධ මෙන්ඩිස් 43, කවීෂ ඉඳුවර 41, මලිඳු මධුරංග 33, රිෂාන් හේරත් 25, ප්‍රමේෂ් මධුභාෂණ 23, ඉෂාන් අබේසේකර 77/5, ජනිත් ප්‍රනාන්දු 89/4

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 81ක දී කඩුලු 9ක් දැවී ලකුණු 271පූර්ණ චාරුක නොදැවී 91, රජිත රත්නායක 47, ලක්ෂාන් රොද්‍රිගෝ 32, ඉෂාන් අබේසේකර 29, වරුණ මයන්ත 18, යශෝධ මෙන්ඩිස් 43/4, මිතුන් ජයවික්‍රම 67/2

  • රොමේෂ් සුරංගගෙන් නොදැවී ශතකයක්

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 73.4ක දී සියල්ල දැවී ලකුණු 217පුලස්ති අතපත්තු 50, ටෙරන් බාස්කරන් 42, සචින් ගොඩමාන්න 37, බුද්ධික හසරංග 29, මල්ෂාන් ගුණසිංහ 71/6, විශ්ව රාජපක්ෂ 22/3

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 69.4ක දී සියල්ල දැවී ලකුණු 300 – රොමේෂ් සුරංග නොදැවී 104,සලිඳු පතිරණ 54, පූර්ණ කල්හාර 46, ෂෙනාෂ් ප්‍රනාන්දු 38, ගෙත්මින් කොළඹගේ 23, නිමන් උමේෂ් 82/4 චානක දේවින්ද 86/3

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 25ක දී කඩුලු 4ක් දැවී ලකුණු 127සචින් ගොඩමාන්න 57, යසිත් රූපසිංහ නොදැවී 32, හරිඳු ජයසේකර 22, සෙනෙෂ් ප්‍රනාන්දු 5/1

  • කරට කර සටනක්

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 63ක දී සියල්ල දැවී ලකුණු 196උමයංග සුවාරිස් 52, මාලිංග මලිගස්පේ 43, මනෙල්ක ද සිල්වා 28, ළහිරු ප්‍රනාන්දු 22, මිරංග වික්‍රමසිංහ 14, අසේල සම්පත් 58/5, සුභානු රාජපක්ෂ 65/2

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 66.5ක දී සියල්ල දැවී ලකුණු 223 රමේෂ් නිමන්ත 72, අමිත් එරන්ද 43, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුනු 23, කෙවින් කොත්තිගොඩ 19, මිරංග වික්‍රමගේ 52/4, හෂාන් සංදීප 71/3, මලිත හපුආරච්චි 7/2

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 37.5 දී කඩුලු 6ක් දැවී ලකුණු 145 මනෙල්ක ද සිල්වා 66, රුසිරු විලෝචන 35, චනුල් අතුකෝරල නොදැවී 21, චතුර රන්දුනු 62/3

  • යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඉදිරියෙන්

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 108.2ක දී සියල්ල දැවී ලකුණු 212 කවිඳු එදිරිවීර 74, සසංක නිර්මාල් 51, දෙනුවන් රාජකරුණා 45, නිපුන් ධනංජය 22/3, නුවනිඳු ප්‍රනාන්දු 19/1

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 63.4ක දී සියල්ල දැවී ලකුණු 183 නදීෂ ආකාෂ් 48, දිනුර කළුපහන 37, නිපුන් ධනංජය 30, ප්‍රභාත් ජයසූරිය 18, හිමාල් රවිහංස 80/5, දනෝෂ් ද සිල්වා 51/3

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 2.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 02 ප්‍රභාත් ජයසූරිය 2/1

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee